
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ විෂම චක්‍රයකට හසු වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අපේ විදේශ විනිමය වෙළෙඳපොළ විෂම චක්‍රයකට අහුවෙලා තියෙන්නෙ.ඉරාන යුද්ධය ආදී ගොඩක් දේවල් කතා කරන්න නම් පුළුවන්.අනෙක් රටවල් වලටත් ඒවා බලපානව තමයි.හැබැයි අපේ රටේ ඊයේ පෙරේදා වෙනකොට ඉතා වේගයෙන් මේ රුපියල කඩාගෙන වැටෙනවා.
වෙළඳපොළ කියන්නේ විශ්වාසය මත වැඩ කරන දෙයක්.වෙළෙඳ පොලේ විශ්වාසය කඩාගෙන වැටුනොත් වෙළෙඳපොළ කඩාගෙන වැටෙනවා. මේක තමයි ඇත්ත කාරණය.ලංකා බැංකුවේ දැන් ඩොලර් විකුණුම් මිල 354යි.මෙහෙම ගියොත් මේක නවතින්නෙ කොතනින්ද?අපිට විශ්වවිද්‍යාලයේ කරන තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඒ තර්කයි වෙළඳපොලේ තර්කයි අතර පොඩි වෙනසක් තියෙනවා.ඒ නිසා වෙළඳපොලේ විශ්වාසය ගොඩනගන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd