(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සතියකට වරක්ම නිකුත් කරන තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසය ප්‍රසිද්ධ කර තිබේ.  

එම ඇස්තමේන්තු මිල පරාසය මෙම මස 24 වැනිදා දක්වා බලපැවැත්වේ.

තිරිඟු පිටි, සුදු සීනි, පරිප්පු, අර්තාල් සහ ලොකු ලූණු ඇතුළු භාණ්ඩ 20 ක මිල පරාස ඉදිරිපත් කර ඇති අතර තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 153 ත් 172 ත් අතර ද, සුදු සීනි කිලෝවක මිල 195 ත් 235 ත් අතර ද, පරිප්පු කිලෝවක මිල රුපියල් 225 ත් 249 ත් අතර ද, ඉන්දියාවෙන් ආනයනය කරන අර්තාපල් කිලෝවක මිල රුපියල් 160 ත් 228 ත් අතර ද, පාකිස්තානයෙන් ආනයනය කරන අර්තාපල් කිලෝවක මිල රුපියල් 160 ත් 201 ත් අතර ද, පවතින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

බ්‍රොයිලර් කුකුල් මස් සම සහිත කිලෝවක මිල රුපියල් 1,000 ත් 1,250 ත් අතර ද, සුදු බිත්තරයක මිල රුපියල් 30 ත් 35 ත් අතර ද, දුඹුරු බිත්රයක මිල රුපියල් 32 ත් 37 ත් අතර ද, පැවතිය යුතු බව ද එම අධිකාරිය කියයි.