
(රංජන් කස්තුරි)
මේ වසරේ හජ් වන්දනාව සඳහා බැතිමතුන් 3500 දෙනකුට පමණක් සහභාගී වීම සදහා කෝටාවක් ලැබී තිබියදී මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව බැතිමතුන් 7 000 ක් ලියාපදිංචි කර ඔවුන්ගෙන් ආපසු නොගෙවන රුපියල් 5 000 බැගින් වන මුදලක් ලබා ගෙන ඇතැයි බැතිමත්තු චෝදනා කරති.
සෑම හජ් වන්දනාකරුවෙක්ම මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම සඳහා රුපියල් 5000 ක ආපසු නොගෙවන ලියා පදිංචි ගාස්තුවක් ගෙවිය යුතුය.
ඒ අනුව හජ් වන්දනාවට අවස්ථාව අහිමි වූ 3500 පමණ වන වන්දනාකරුවන්ගෙන් එම දෙපාර්තමේන්තුව රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් උපයා ගෙන ඇතැයිද ඔහු සඳහන් කරති.
මේ පිළිබඳව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මොහොමඩ් නවාස් මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ලියාපදිංචි ගාස්තුව වශයෙන් අයකරන රුපියල් 5000 මුදල නැවත නොගෙවන එකක් බවය.
බැතිමතුන් 3500 දෙනෙකුට පමණක් කෝට්ටාවක් ලැබී තිබියදී වැඩිපුර සංඛ්‍යාවක් ලියාපදිංචි කර ගැනීමේ අරමුණ වන්නේ වන්දනාවට අවස්ථාව හිමිවූ යම් පිරිසකට හජ් වන්දනාව සඳහා යෑමට හදිසියේ නොහැකි තත්ත්වයක් උදා වුවහොත් තවත් පිරිසකට එම අවස්ථාව ලබාදීම බවද නවාස් මහතා සඳහන් කළේය.
මේ වසරේ හජ් වන්දනාවේ යෑමට නොහැකි පිරිසේ ලියාපදිංචි ගාස්තුව අවශ්‍ය නම් ඊළඟ වසරේ ලියාපදිංචි සඳහා යොදාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබදව හජ් කමිටුවේ සභාපති රියාස් මිහ්ලාර් මහතාගෙන් කළ විමසුමේදි ඔහු සදහන් කළේ සෑම වසරකම කෝටාවට වඩා වැඩි පිරිසක් ලියාපදිංචි කිරීම සිදුකරන බවය.
වන්දනාව අහිමිවු පුද්ගලයන්ගෙන් කොපමණ මුදලක් ලියාපදිංචි ගාස්තු වශයෙන් අයකරගෙන ඇත්දැයි සොයාබලන බවද ඔවුන්ට සාදාරණය ඉටුකරන බවද මිහ්ලාර් මහතා කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd