වසර 15 ක් මව්බිමට නොගොස් සෞදි අරාබියේ එකම හාම්පුතාගේ නිවසේ රැදී සිටි ලාංකික කාන්තාවක නැගෙනහිර පළාත තානාපති ජංගම සේවාවේ දී වාර්තාවිය.
තම ගමන් බලපත්‍රය දීර්ඝ කර ගැනීමට හාම්පුතා සමග ජංගම සේවාවට පැමිණි වරකාපොල බෝපිටිය පදිංචිව සිටි එම් ආර් ප්‍රේමශීලි නම්වූ මෙම කාන්තාව පිළිබද කම්කරු නිලධාරි රොෂාන් ගුණවර්ධන මහතා සහ හෙට්ටිආරච්චි මහතා විස්තර විමැසූහ. ඇය ප්‍රකාශ කලේ ඇයට මව්බිමට යාමට අවශ්‍යතාවයක් නොතිබූ බැවින් ලංකාවට නොගිය බවයි,ඇයගේ ස්වාමි පුරුෂයා තමා හැර ගොස් ඇති බවත් තම හාම්පුතා ඉතා හොඳින් රැක බලා ගන්නා බැවින් ද තමාට රැකීමට කිසිවෙකු නොමැති බැවින්ද මෙම තීරණ ගත්බව ඇය පවසයි.රොෂාන් මහතාගේ ප්‍රශ්න කිරීම් වලදී ඇය පැවසුවේ වරින් වර තම වැටුප් ලංකාවේ තම සහෝදරයින්හට යැවූ බවය.
හාම්පුතාගෙන් දීර්ඝ වශයෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා සිටියේ මෙම කාන්තාවගේ වැටුප් වලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ අදාළ ඥාතීන් වෙත යවා ඇති බවයි. වසර කිහිපයක හිඟ පටුප් ගෙවීමට ඇති බව තමා පිළිගන්නා නමුත් වැටුප් ලංකාවට යවා ඇති බවට කිසිදු ලේඛනයක් මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීමට තමා සතුව නොමැති බවයි. ඒ අනුව රොෂාන් මහතා සහ හෙට්ටිආරච්චි මහතා තීරණය කලේ කාන්තාව සහ හාම්පුතා විසින් ප්‍රකාශ කරන ලද පරස්පර විරෝධී බවයි.
තොරතුරු අනුව පටුප් පිලිබදව ව්‍යාජ තොරතුරු සපයා නිලධාරින් නොමග යැවීමේ උපායක් ඇති බවට සැක කරන බවයි.
මේ අනුව හාම්පුතා පිලිබදව සියලු තොරතුරු උපාය මාර්ගිකව ලබාගත් නිලධාරින් මෙම කාන්තාවහට වසර පහළොවකට ගෙවිය යුතු හිග වැටුප් ගෙවීමට ඇති බව අවබෝධ කර දෙන ලද අතර ඒ පිළිබදව අදාළ හාම්පුතා පුර්ණ එකගතාවයකට නොපැමිණි නමුත්ගෙවා ඇති පටුප් හැර අනිකුත් මුදල් තානාපති නිලධාරින් භාරයට ලබාදීමට ඔහු එකගත්වය පළ කළේය. ඒ අනුව ඔහු විසින්ඉදිරි දිනකදී රියාද් තානාපති කාර්යාලය වෙත පැමිණ ගෙවිය යුතු හිග පටුප් පිළිබඳව එකඟතාවයකට පැමිණ ගෙවා දැමීමට පොරොන්දුවිය. ඉතා සුහදව කිසිදු හරස් ප්‍රශ්න කිරීමකින් තොරව නිලධාරින් සමග පොදු එකගතාවයකට පැමිණීම නිසා අදාළ කාන්තාව හාම්පුතා වෙත නිදහස් කැරිණි.
රොෂාන් ගුණවර්ධන මහතා එසැණට පැවසුවේ ඉතා සුහදව අප සමග කළ සංවාදය අනුව හාම්පුතා පිලිබදව විශ්වාසයක් තැබීමට හැකි බවයි. එසේ නොවන්නේ නම නීති මාර්ගයකට අවතීර්ණ වීමට සියලු තොරතුරු අප සතුව පවතින බවත් ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑනු අයට රට තියෙන ප්‍රශ්න වල කිමිදිලා බලන්න ඕනේ.මෙතන නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ වගේ. (කේ)
ආර්ථිකයට රටට දොස් කියලා පලක් නැහැ අපේ කාන්තාවන් පිට රටවල්වලට සේවයට යවන අයට තමයි දඩුවම් දිය යූත්තේ (නදී)
නිලන්ත, ආර්ථිකය ගැන කොහොම වෙතත් අනිත් ටික නම් සහතික ඇත්ත. ගොඩ දෙනෙකුට මේවා ගැන අවබෝධයක් නැහැ (නි)
අසරණ ගැහැණුන්ට දොස් කියන්න එපා. රට කරවන අයට දොස් කියන්න.ගැහැණු අරබින්ගේ වහල්කමට යවලා විදෙස් විනිමය හොයනවා. මොන ලැජ්ජා නැති වැඩක්ද? තමුන්ගේ බිරියට ආදරේ තිබේ නම් රට යවන්න එපා. (නි)
දැන් ඉතින් පෙට්ටියේ තමයි ගෙදර එන්න වෙන්නේ (නදී)
අසෝක,මෙවැනි කතා කොහොමද කියන්නේ? අපි සිංහල. වචනයෙන් හරි උදව් කරන්න බලන්න. ඔබ වැනි අය විදේශගත නොවන්න (නි)
එහෙම දෙවියොත් ඉන්නවා තමයි (නි)
එහේ බොහොමයක් අය නීතිගරුක අය තමයි (නි)
හුඟක් කාන්තාවන් 77 න් පසු විවෘත ආර්ථිකය නිසා රට යාමට හුරුවුයේ දැඩි දරිද්‍රතාවය හා බීමත් සැමියන්ගෙන් වන පීඩනයෙන් ගැළවීමටයි.රට ගිය සමහර කාන්තාවන් ලංකාවට නැවත ආවිට පරණ අපායේම දුක්විඳින්න වෙයි කියලා ලංකාවට ආවේ නැහැ. අරාබිකාරයන්ට වශීවෙලා කී දෙනෙක් නම් එහෙට වෙලා ඉන්නවද? අවුරුදු පහක් විතර ගියාට පස්සේ අරාබි කෑම බීම වලට හුරුවුණාම දාලා එන්න බැරි අයත් ඉන්නවා. අරාබි ගැහැණු තමන්ගේ ස්වාමියාට දෙවෙනි බිරිඳක් ගන්න වළක්වන්නත් ගෙදර වැඩට ඉන්න සේවිකාව තම ස්වාමියාට අනියම් බිරිඳ විදියට තියාගන්න අනුබල දෙනවා. පලයන් කියද්දීත් එන්නේ නැති අය පෙට්ටි වලින් තමා එවන්නේ. මේකයි ඇත්තම තත්වය. (නි)
බොහෝ සෞදි හාම්පුතාලා හොඳ අය (නි)
නිලන්ත ඇත්ත ඇතිසැටියෙන් පහදා දී ඇත. මේ ඒ කාන්තාව නේද අරාබි ඇඳුම ඇඳලා ඉන්නේ? (නි)
නිලන්ත,හුඟක් කාන්තාවන් රට රැකියා වලට යාම 77 න් පසු විවෘත ආර්ථිකය සමඟ සම්බන්ධ කළ නොහැක. (නි)
නිලන්තගේ කතාවට එකගයි ආර්ථිකය හැර. ගැහැණුන් විතරක් නොවෙයි පිරිමිත් ඉන්නවා ඔය රටවල අවුරුදු 15-20. ලොකු වැටුපක් ලැබෙන්නෙත් නෑ. නමුත් ටිකක් සුඛෝපබෝගී බවක් තියෙන නිසා ඔහේ ඉන්නවා. (ම)
පහන් මම දන්නා තරමින් සෞදිවල ලාංකික ගැහැනු අයට අන්දවන්නේ ඔය විදියට තමයි. (ර)