විනීතා එම් ගමගේ
2100 වසර වන විට ගෝලිය උෂ්ණත්වය සෙන්ටිගේ්රඩ් අංශක තුනකින් ඉහළ යන බවත් එය මිහිමත ජීවීන්ගේ පැවැත්මට ඉතා අහිතකර වන බවත් කාළගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය කමිටුවේ උප සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා පවසයි.
මෙකී කාලය වනවිට මිහිතලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 සිට 2 දක්වා වැඩිවන බවට විද්‍යාඥයින් මීට පෙර අනතුරු අඟවා ඇතත් එකී අනාවැකි ඉක්මවා ගෝලීය උෂ්ණත්වය වැඩි වෙමින් පවතින බව මහාචාර්ය මුණසිංහ මහතා කියයි.
මෙම ගෝලිය උෂ්ණත්වය වැඩිවීම දේශගුණ විපර්යාසවලට කෙලින්ම බලපා ඇතැයි ද මුණසිංහ මහතා පෙන්වා දෙයි.
මේ තත්ත්වයෙන් මිදෙන්නට නම් වසර 2030 වනවිටගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම 45 % කින් අඩුකර ගන්නට සියලූ රටවල් එකාවන්ව එකමුතු විය යුතු යැයි හෙතෙම සඳහන් කරයි.
2017 වසරේ දී ලොව පුරා අධික ජල ගැලීම්, ගංවතුර ආපදා සහ ස්වභාවික විපත් වඩාත්ම ඇති වූ රටවල් 10 අතරින් ශ්‍රී ලංකාව ද එකක් බව පෙන්වා දෙන මුණසිංහ මහතා මේ කාලගුණ විපර්යාස පිළිබඳව අධ්‍යයනය සිදුවිය යුතු යැයි ද එය මුලික කටයුත්තක් සේ සැළකිය යුතු යැයි ද පෙන්වා දෙයි.
දේශගුණ විපර්යාස හා ගෝලිය උෂ්ණත්වය වැඩිවීම පිළිබඳව පැවැති ජාත්‍යන්තර සමුළුව කිහිපයක දීම මුණසිංහ මහතා මේ අදහස් පලකර තිබේ.
මෙම කරුණු සම්බන්ධව අදහස් දක්වන පාරිසරික විද්‍යාඥ හේමන්ත විතානගේ මහතා පවසන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්ෂේත්රවලට මුදල් වෙන් කරන්නාක් මෙන් දේශගුණ විපර්යාස පිළීබඳව අධ්‍යයන කටයුතු සඳහා ද රජය මූලිකව මුදලක් වෙන් කළ යුතු නමුත් මේ වනතුරුත් එය සිදු නොවන බවයි.
විශේෂයෙන්ම වර්ෂාපතන රටාව හා ගෝලිය උෂ්ණත්වය පිළිබඳ නිවැරදි දත්ත සමඟ පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත පත්වූ ආණ්ඩුවට ස්වභාවධර්මයෙන් අකමැත්තක් වත්ද?
ඊට ඉස්සෙල්ලා අපේ දේශපාලකයෝ රට ඉවර කරයි. එතකොට ඉතින් ස්වාභාවික විපත් වලට කරන්න දෙයක් නෑ
ලංකාවේ උපදින්නේ ගොඩාක්ම පින්කල අය කියලා කියනවා මම අහලා තියෙනවා. එතකොට ජර්මනිය, එංගලන්තය, ඉතාලිය ස්වීඩනය වගේ රට වල ඉපිද නිදහසේ ජීවත් වන්නේ පව්කාරයින්ද?
එතකොට මම මැරිලා. ළමයිනුත් නැති එකේ අවුරුදු සියයකින් ඔයා මොනවා වුනත් මට කමක් නැහැ.
1967 විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක් හැටියට භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට ගුවන් ඡායාරූප ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ විශ්ලේෂණය කිරීම විභාගයේ කොටසක්ව තිබුණා. ඒසඳහා මා හට ලැබී තිබුනේ නුවර මහවැලි ගඟ ආශ්රිත සිතියමක්. ඒ වන විටත් මා දැන සිටියා තේ වැනි වාණිජ බෝග වගාව හා කැළෑ පාලුවන් විසින් කරන ලද විනාශයන් නිසා කඳුකර තෙත් කලාපීය වනාන්තර සෝදා පාළුව හා නාය යාම් වලට ලක්වූ බව. ත්‍රිමාන කන්නාඩිය තුලින් මහවැලි ගඟත් එහි දෙපස වන සංහාරයට ලක්වූ කඳුකරයත් දුටු විට මා තුළ ඇතිවුයේ දැඩි කම්පාවක්. පාංශු ඛාදනයට ලක්වූ ඉවුරු දෙපසින් ගඟට සෝදාගෙන ආ පස් වලින් මහවැලි ගඟේ නොයෙක් ස්ථාන ගොඩ වී තිබුනා. මා එදා භාවාත්මක නොවී විෂය දැනුම භාවිතා කරමින් පරිසර හානිය නිසා ඒ කලාපයට මෙන්ම සමස්ත රටටම එයින් ඇතිවිය හැකි බලපෑම ගැන ශිෂ්‍යයෙක් හැටියට විශ්ලේෂණයක් කලා. අවාසනාවකට වාගේ දැනුම විභාග සඳහා පමණක් යොදා ගන්නා රටක් නිසා රට කරවන ඇත්තන්ට ඉන් මොනම ඉඟියක් වත් ලැබුනේ නැහැ.
ලංකාවේ පරිසර අමාත්‍යාංශය තියෙන්නේ කිසිඳු වගකීමක් නැති මිහිහෙක් ලඟ...
මුළු ලෝකයම කාලගුණ විපර්යාසයන්ට ලක්වෙමින් පවතියි..! ඒ..නිසා අපි ටිකක් කල්පනාවෙන් ජීවත්වෙමු.
ලංකාවේ හැම තැනම කුණු, අඩු තරමේ කුණු ටිකවත් හරියට කලමණාකරනය කර ගන්න දන්නේ නැති පාලකයෝ ඉන්න රටක් මේක.....ලෝකයේ තවත් රටවල් තියනවා එහෙත් මෙහෙම අපකීර්තියට පත් වුන රටක් කොහෙවත් නැතිව ඇති. කුඩු කාරයෝ, ගංජා කාරයෝ, කසිප්පු කාරයෝ, මිනීමරුවෝ, ස්ත්‍රී සහ ළමා දුෂකයන් පදුරකට ගලක් ගැහුවොත් සිය ගානක් වැටෙයි. මේවාට දේශපාලකයෝ වගේම ඒ අයට ඡන්දෙ දීපු අපිත් වග කියන්න ඕන.