(අංජුල මහික වීරරත්න)

විදෙස් රැකියා වංචා වලින්  ලාංකිකයින් ආරක්ෂා කිරීමට විදේශ සේවා නියුක්ති  කාර්යාංශය දිවයින පුරා දැනුවත් කිරීම් වැඩසටහනක් ආරම්භ කළේය.

මිනිස් වෙළෙඳාමට එරෙහි නීතිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සහ විමර්ශන

සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කිරීම් කෙරෙයි.

මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විදේශ රැකියා අපේක්ෂිතයින් වංචාවන්ගෙන් වලක්වා ගැනීම මූලික අරමුණ කරගනිමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නීති අංශය හා මිනිස් වෙළෙඳාමට එරෙහි කාර්යාංශ ඒකකය මගින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිප ව්‍යාප්තව සිදුකරනු ලබන අතර, මේ වසරේ සංවිධානය කරන ලද පළමු වැඩසටහන මෙය විය.