(ගයාන් සූරිය ආරච්චි)
යාපනය කයිඩ්ස් හී පදිංචිව සිටි ශිව යෝගානන්දන් විද්‍යා නමැති 18 හැවිරිදි සිසුවිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව යාපනය බන්ධනාගාරයේ මරණ දඬුවම හිමිව සිටි සැකකරුවෙකුගේ සිරුර සිර කුටියක් තුළ එල්ලෙමින් තිබියදී අද (25) සොයා ගත් බව යාපනය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය පුන්කඩතිව් ප්‍රදේශයේ පදිංචි පූබාල සිංහම් සශිකුමාර් නොහොත් රවි (46) නැමැත්තෙකි.
පුන්කඩතිව් මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි ශිව යෝගානන්දන් විද්‍යා නැමැති තරුණිය 2015 මැයි මස දිනෙක පාසල් නිමවා නිවස කරා ගමන් කරමින් සිටියදී සැකකරුවන් විසින් යාපනය වල්ලව තල්ගස් රුප්පාව ප්‍රදේශයේදී සමූහ දුෂණයට ලක් කර අමානුෂික ලෙස ඝාතනයට ලක් කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස්පරිදි යාපනය මූලස්ථාන පොලිසියේ මුල ස්ථාන පොලිස් පරීක්ෂක චම්ලි පලිහේන මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ඉන්දික අබේගුනසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශනන සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලමා දූෂකයන්ටත් ඔය සිත පහල වේවා!
සැකකරු බන්ධනාගාරයේදී අමානුෂික ලෙස සමූහ දුෂණයට ලක්වෙලා වගෙයි.