(අංජුල මහික වීරරත්න)

කුඩා නගර හා ග්‍රාමීය ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ කුඩා නගර සහ ග්‍රාමීය ප්‍රදේශ වල වෙසෙන ජනතාවට සුරක්ෂිත පානීය ජල ප්‍රවේශයක් තවමත් සම්පුර්ණයෙන් ලැබී නොමැති අතර, එම තත්ත්වය රටේ සමාජ හා ආර්ථික සංවර්ධනයට බලපාන ප්‍රධාන අභියෝගයක්ව පවතී. 

එම තත්ත්වය මඟ හරවා ගනිමින්, කුඩා නගර 50 ක් සහ ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි ව්‍යාපෘති 300ක් හරහා අර්ධ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන පවුල් 600,000 කට පමණ පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. 

එම ව්‍යාපෘති මඟින් සුරක්ෂිත, විශ්වසනීය හා තිරසර පානීය ජල සැපයුම් පද්ධති ස්ථාපනය කිරීම අරමුණු කරන අතර, ජාතික හා ජාත්‍යන්තර පානීය ජල ප්‍රමිතීන්ට අනුකූලව, ක්ලෝරිනීකරණය සහ පෙරහන් පද්ධති ඇතුළු නවීන පිරිපහදු තාක්ෂණයන් භාවිතා කරමින් ජලය පිරිපහදු කිරීමට අපේක්ෂා කරනු ලැබ තිබේ. 

ඒ අනුව, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා  ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන, යෝජිත වැඩසටහන පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර එහි ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය ආයෝජන වැඩසටහනට ඇතුළත් කිරීම මඟින් 2027-2029 කාල සීමාව තුළ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.