(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මරදාන දිසා ගබඩාව අසලදී   ගුටි බැට හුවමාරු කරගත් කොස්තාපල්වරුන් දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි මරදාන පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ගුටි බැට හුවමාරු කරගෙන ඇත්තේ මරදාර පොලිස් ස්ථානයට අනුයුක්තව දිසා වැඩ ඒකකයේ රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

මෙම කොස්තාපල්වරුන් දෙදෙනා දිසා වැඩ ඒකකය අසලදී බයින් බස් වීමක් සිදුවී පසුව දිසා ගබඩාව අසලදී පහර දි ගැනීම සිදුකරගෙන ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගුටි ඇණගත් ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩි එල් එම් සේනානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙදෙනාටම සීරීම් මහා තැලීම් තුවාල ඇති බවත් එක් අයෙකුගේ මුඛයෙන් මත්පැන් ගද වාහනය වන බවත් සඳහන් කර වෛද්‍ය වාර්තාව ලබා දුන් බව පොලිසිය කියයි.