
(කාංචන කුමාර ආරියදාස )
මීට වසර දෙකකට ඉහත දී ගලේවෙල බෙලිගමුව ගොවිපලේ මුරකරු ඝාතනය කර සැඟවසිටි සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ පොල්ලෙලි කාර් මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ගලේවෙල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .
පසුගිය 2023 වසරේදී දඹුල්ල ගලේවෙල බෙලිගමුව ගොවිපොලේ වෙළඳසැලේ මුරකරු ගෙල සිරකොට මරා තිබිණි ගලේවෙල පොලිස් ස්ථානය මගින් සිදුකළ මෙහෙයුම්වලදී ඊට අදාල එක් සැකකාර පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට පත්විය.
මෙම ඝාතනය පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිදුකර ඇති බවට ගොවිපලෙන් ලබාගත් ආරක්ෂිත කැමරා දර්ශන මගින්අනාවරණය කරගෙන තිබිණි.
ඒ අනුව අනෙක් සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මකවෙමින් තිබියදී පොලිසියට ලද වැඩිදුරු තොරතුරු වලට අනුව ගිරිඋල්ලේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd