
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පැවති මහ වැසි හේතුවෙන් ඇතිවු ගංවතුරීන් ආනවිළුන්දාව රැම්සා අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතියට දරුණු ලෙස හානි සිදුව ඇති බව ආනවිළුන්දාව උද්‍යාන භාර අඩවි ආරක්ෂක එච්.එම්.අජීත් කුමාර මහතා පවසයි.
ආනවිළුන්දාව උද්‍යාන භාරකරු පවසා සිටියෙ ගංවතුර හේතුවෙන් ආනවිළුන්දාව , සුරුවිල හා මායියාව වැව් වල බැම් කඩාගෙන ගොස් ඇති බවත් අනිත් වැව් පද්ධතියට ද හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන් ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ වැව් පද්ධතිය මේ වන විට ජලය නොමැතිව පාළු ස්භාවයක් ගෙන ඇති අතර එහි රැදි සිටි පක්ෂීන් ද මේ වන විට දැඩි අවදානමකට ලක්වි ඇති බවයි.
කෙසේ නමුත් වනජිවි නිළධාරීන් මෙම වැව් පද්ධතියෙ ඉතිරි ජලය ගලා යාම වලක්වා ලීම සදහා අමතර බැම්මක් යොදා ජලය රදවා ගැනිමට කටයුතු කර තිබෙන බවද උද්‍යාන භාරකරු පැවසීය.
ආනවිළුන්දාව රැම්සා අභය භුමිය පුත්තලම දිස්ත්‍රික්කයෙ පිහිටි දෙස් විදෙස් පරිසර හිතකාමින්ගේ ආදරයට පාත්‍ර වු සුන්දර රැම්සා තෙත් බිමක් වන අතර මෙම රැම්සා තෙත් බිම තුළ දෙස් විදෙස් පක්ෂීන් සිය දහස් ගනනක් සැරිසැරිම සිදුවෙති.
ඒ සමගම විවිධ උරග ජීවින් ඇතුළු විවිධ සතුන්ගේ පාරාදිසයක් ද වෙති.
කෙසේ නමුත් මේ වන විට ආනවිළුන්දාව රැම්සා බිමේ වැව් පද්ධතියෙ කැඩි ගිය වැව් බැමි නැවත සකස් කිරීම සදහා අදාල ආයතන සමග එක්ව ඉදිරියෙදී කටයුතු කිරීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd