
(ප්රසාද් රුක්මල් )
මහියංගන දෙහිඅත්තකණ්ඩිය ප්රධාන මාර්ගයේ බතලයාය ප්රදේශයේදී අඹුසැමි යුවළක් ගමන්ගත් ත්රිරෝද රථයක් ශ්රී ලංගම බස් රථයක මුහුනට මුහුණ ලා ගැටිමෙන් සමියා මියගොස් බිරිද බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුළත් කළ බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .
දෙහිඅත්තකණ්ඩිය දමනේවෙල වෑබඩගම ප්රදේශයේ පදිංචි ව සිටි එච්.එම්.ජී.විජේරත්න බංඩාර (65) නැමති අයෙකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය .
මෙම අඹුසැමි යුවළ මහනුවර ගොස් ආපසු ත්රිරෝද රථයෙන් දෙහිඅත්තකණ්ඩිය නිවස බලායමින් සිට ඇති බවත්, ත්රිරෝද රථය සැමියා විසින් පදවාගෙන ගොස් ඇති බවත් පොලිසිය සදහන් කලේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd