
(අංජුල මහික වීරරත්න)
මම,අම්මා,තාත්තා,පවුම් අනූවේ මාලේ දාගෙන ඉන්න බල්ලා වුණත් ගෙනත් දෙන්නම්.හැබැයි ජනතාවට වෙච්ච පොරොන්දු ඉටු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට අද ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
මේවට ගෙනල්ලා බය කරලා නම් අපේ කට වල් වහන්න බෑ.ඒ හින්දා කරුණාකරලා ගල් අඟුරු මගඩිය,පාසලේ 6 වසරේ දරුවන්ට මනස විකෘති කරන්න ආණ්ඩුව ගන්න උත්සහයන් වගේම උපාධිධාරින්ට රැකියා දෙනවා කියලා රවට්ටලා ඔවුන් පාරට ඇද දැමීම ගැනත් සිතන්න.
අපි නම් මේවට කටවහගෙන ඉන්නේ නෑ.
ආණ්ඩුවේ නොහැකියාව වහගන්න පොලිසිය පාවිච්චි කරනවා. නාමල් රාජපක්ෂ හිර කූඩුවේ දානවද නැද්ද කියන එක තේරුම් ගන්න පුලුවන් පාර්ලිමේන්තුවේ ඉන්න 15 දෙනාගේ කතා ඇහුවම යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ලා බලයේ හිටපු කාලේ ආසියාවේ ආස්චර්ය පෙන්වපු හැටි ලෝකෙම දැක්කා. ජනතාව පාරට බැහැලා එළවළාම දැම්මේ නිකම්ද? ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගෙන තව කටේ නරිවාදමත් පෙන්වන්න හදනවා...
අනේ මෙයාගේ කට හින්දා තමයි 2.50ට වැටුණේ. තව පරීක්ෂණ තියෙනවා.