බිඟුන් මේනක ගමගේ
spodoptera frugiperda නමින් විද්‍යාත්මකව හඳුන්වන සලබයකුගේ කීට දළඹු අවස්ථාව අනතුරුදායක පලිබෝධයකු හැටියට හඳුනාගෙන ඇතැයි ද ඉන්දියාව, නේපාලය, බංගලාදේශය ආදී රටවල ව්‍යාප්ත වී ඇති මේ පලිබෝධකයා ගැන කල්තියා දැනුම්වත්වීම වැදගත් යැයි ද ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.
සැතපුම් 100 ක් පමණ වූ සලබයාගේ වේගවත් පියාසර හැකියාවත් ප්‍රජනන වේගය ඉහළ අගයක් ගැනීමත් නිසා මෙම පලිබෝධකයා වඩා අනතුරුදායක යැයි එම මධ්‍යස්ථානය කියයි.
පාලනය සඳහා යොදන කෘමිනාශකවලට ඉතා පහසුවෙන් ප්රතිරෝධතාව ගොඩනගාගන්නා බැවින් උන් අතින් අල්ලා ඉවත් කළ යුතු යැයි ද එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
සැකකටයුතු පලිබෝධකයකු දුටුවහොත් වැඩි උපදෙස් සඳහා කෘෂි උපදේශන සේවාවේ 1920 අංකයෙන් විමසන්නැයි ද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් තොටුපලේදී පිට රටවල සිට පැමිණෙන මඟීන්ගේ ගමන් මලුවල ඇති එළවලු, පලතුරු වැනි දේ රට තුලට ගෙනයාමට ඉඩ නොදීම ගැන දොස් පවරමින් අන්තර් ජාලයේ විශාල කල කෝලාහලයක් ගෙනගිය සියල්ලම මෙම පුවත දකිත්වා කියා ප්‍රාර්ථනා කරමි. ගොවිතැන සහ සත්ව පාලනය මඟින් තමන්ගේ ආර්ථිකය බලවත් තැනකට ගෙන ගොස් ඇති නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල මෙම නීතිය ඉතාම තදින් ක්‍රියාත්මක කරනවා. ඒ රට වල් වලට ඇතුල්වීමේදී පිරවිය යුතු පත්‍රිකාවේ තමන් ළඟ ඇති පලතුරු, එළවලු, ආහාර වර්ග පමණක් නොව ලී වලින් නිපදවා ඇති සිහිවටන වැනි දේද ලකුණු කිරීම අනිවාර්ය වෙනවා. එවිට එවැනි දේ රට තුලට ගෙනයාමට ඉඩ නොදී ඒවා විනාශ කිරීමට කටයුතු කරනවා. මේ නිතිය දන්නේ නැති බව පවසා ඉන් ගැලවීමට හැකියාවක් නැහැ. නොදන්නා කමට හෝ එවැනි ද්‍රව්‍ය සටහන් නොකර ගුවන් තොටුපලෙන් ගෙනයාමට උත්සාහ කර අසුඋවහොත් විශාල දඩයක් ගෙවන්නට සිදුවෙනවා. ඒ රටවලට පරණ යන්ත්‍ර සුත්‍ර හෝ වාහන හෝ ගෙනෙනවිට ඒවා වරායේදී සම්පුර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කරනවා. මට මතකයි මහවැලි ව්‍යාපෘතියට ගෙනා යන්ත්‍ර සුත්‍ර වල තිබු ඇට පැලවීම නිසා මහවැලි ගඟ දෙපස දැවැන්ත කටු පඳුරු ගාල් බෝවී පලාතම විනාශවී තිබෙනවා.
පිටරටින් පලතුරු ගෙනෙන්න ඉඩ දෙන්නේ නැත්තේ ඇයි දැයි දැන් තේරෙනවා ඇති
ගුවන් තොටුපල පලතුරු සිද්ධියේදි එය යහපාලනය අෑදා ගැනීමට තරම් අැතමුන් මුග්ධ විය.