ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 65ක් ඈත මුහුදට අභ්‍යාවකාශ වස්තුවක් ලබන 13 වැනිදා පතිතවීමට නියමිත බව ඇමෙරිකාවේ තාරකා භෞතික විද්‍යාව සඳහා වූ ‘හාවර්ඩ්-ස්මිත්සෝනියන්’ මධ්‍යස්ථානයේ ආචාර්ය භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් කියයි.
අඩි හතක් පමණ දිගින් යුතු ඩබ්.ටී.1190 එෆ් වශයෙන් නම් කර ඇති මෙම වස්තුව කුමක් දැයි මේ වනතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර, එය මෙය 1960 දශකයේ දී චන්ද්‍ර මෙහෙයුම් යටතේ උඩුගුවනට යැවූ රොකට්ටුවක කොටසක් හෝ ඇපලෝ වැඩසටහන යටතේ යවන ලද යානයක කොටසක් විය හැකි යැයි විද්‍යාඥයෝ පවසති.
එය පසුගිය වසර 40ක කාලය පුරාවට අභ්‍යාවකාශයේ සැරිසරන්නට ඇතැයි විශ්වාස කරන බවත් මැක්ඩොවෙල් කියයි.
මෙය අභ්‍යාවකාශ ඉතිහාසයේ නැති වූ කොටසක් බවත් එය නැවත අප බියට පත් කරන්නට පැමිණෙන බවත් ආචාර්ය මැක්ඩොවෙල් පවසයි.
මෙම අභ්‍යාවකාශ වස්තුව මුලින්ම නිරීක්‍ෂණය කර ඇත්තේ ඇමෙරිකාවේ ඇරිසෝනා සරසවියේ කැටලීනා අහස් නිරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂක පිරිසකි. ඉන් අනතුරුව තාරකා විද්‍යාඥයෝ පෙර දුරේක්ෂ ඡායාරූප පරීක්ෂා කර බලා ඇති අතර මෙම අභ්‍යාවකාෂ වස්තුව 2012 වසරේ සිට දුරේක්ෂ ඡායාරූපවල සටහන් වී ඇතැයි සඳහන් වේ.
මෙම වස්තුව පෘථවියේ වටා කැරකෙමින් තිබෙන අතර එහි කක්ෂය චන්ද්‍රයාගේ කක්ෂයට වඩා දිගු යැයි ද පර්යේෂකයෝ පවසති. මෙම වස්තුව චන්ද්‍ර මෙහෙයුම්වල සමරු තිළිණයක් වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. අනෙක් අභ්‍යාවකාශ වස්තූ මෙන් මෙයද වායුගෝලයට ඇතුළුවන වනවිට විනාශ වනු ඇත්දැයි යන්න නිශ්චිතව පවසා නැතැයි වාර්තා වේ.
මෙම වස්තුව ඉතා වේගයෙන් ගමන් කරන බවත් එහි උෂ්ණත්වය වැඩි වනු ඇති බවත් වස්තුව පතිත වනු ඇතැයි පවසන ප‍්‍රදේශයේ ධීවර කටයුතුවල නිතර වීම සුදුසු නොවන බවත් ආචාර්ය මැක්ඩොවෙල් පවසා ඇත.
පරීක්ෂණාගාර නිලධාරීන් හා පර්යේෂකයෝ වස්තුව කඩා වැටීමේ අවස්ථාවට සූදානම් යැයි ද එහි දී සැලසුම් කර හමුදාමය ආරක්ෂක පියවරක් ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි තාරකා විද්‍යාඥයෝ පවසති.
‘අපි සැලැසුම් කළ දේවල් හරියාවි. තවමත් වස්තුව පැමිණෙන්න සති තුනක් තිබෙනවා.’ යනුවෙන් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ පෘථිවිය ආසන්නයේ වස්තූ නිරීක්ෂණය කරන කණ්ඩායමේ කළමනාකරු ආචාර්ය ගර්හාඞ් ඩ්‍රොල්ෂේගන් පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය දක්වා තිබේ..
මේ පිළිබඳව අප කළ විමසුමක දී කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ මෙම අභ්‍යාවකාශ යානා කොටස ශ්‍රී ලංකාව ආසන්න මුහුදට පතිත වුවහොත් ඇතිවිය හැකි ප‍්‍රතිඵල පිළිබඳව තවමත් ගවේෂණය කරමින් සිටින බවයි.
එය පතිත වන බවට විද්‍යාඥයින් පවසන්නේ නොවැම්බර් මස 13 වැනිදා බැවින් තවත් දින කිහිපයක් ගත වන තුරු එයින් ඇතිවිය හැකි තත්ත්වය ප‍්‍රකාශ කළ නොහැකි බව ද ජයරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අඩි හතක කැල්ලක් නිසා මොකට බිය වෙනවද.මේ හෙට අනිද්දා පොලව කිට්ටුවෙන් මහා විශාල උල්කාපාතයක් ගමන් කරනවයි කියන්නේ.බැරිවෙලාවත් එක අපේ ගුරුත්වෙට අහුවෙලා පොළොවට සේන්දු වුනොත් මොනවගේ විනාශයක් වෙයිද එහෙම බැලුවොත්.(ම)
අපි මේ ආකාශ වස්තුවට මේතරම් බයවෙන්නේ මොකටද? (නි)
කොයි එකටත් උඩ බලාගෙන ඉන්න එක නුවණට හුරුයි (නි)
අර අපි යවපු රොකට් චන්ද්‍රිකාවද දන්නෙ නැහැ (නි)
දියවන්නාවට වත් වැටුනොත් අපේ බඩ තඩියන්ට දැනෙන්න (ම)
ඒ වුණාට කුරුවිට මේක වැටෙන්නේ ගොඩබිමට නෙමෙයිනේ (නි)
දැන් ඉතින් අපේ අයට මේක තමයි තිබෙන ලොකුම ප්‍රශ්නය (නි)
මොහාන්, මම සඳහන් කළේ ඔහු ගැන නොවේ (නි)
අර චීන වලින් යවපු එක වෙන්ට ඇති ලංකාවට එන්නේ දැන් ආණ්ඩුවත් වෙනස් නිසා නඩත්තු කරගන්ට බැරිව (බ)
මට මතකයි දෙයියා, කියනවා ආලෝකේ වේගයෙන් ගඩොලක් ඇමෙරිකාවට විසි කලොත් මුළු අමෙරිකවම විනාස කරන්න පුළුවන් කියලා. මේකේ ප්‍රමාණය වගේම එන වේගයත් සැහෙන වැඩි වගෙයි.... කොළඹ A / L කෙමිස්ට්‍රි කරපු ගොඩක් අය දයියාව දන්නවා....(රේ)
ඕක යාපනය පැත්තට වැටුනොත් පරණ යකඩ කඩේ කට යනවා, ඉක්මනින් වගකිව යුතු අය සොයා නොබැලුවොත් ...(රේ)
මේවත් එන්නේ අපේ රට පැත්තටමනේ! (නි)
විශ්ව ඔයා මානසික රෝහලක සිටියද ? ගඩොල් එකක් ගහල ඇමරිකාව විනාශ කරන්න යන්නේ ? (රේ)
මේක වැටෙන්නේ ඉන්දියන් සාගරයේ ලංකාවට අයිති ලංකා සයුරට මිසක් ඉන්දියාවට අයිති ඉන්දීය සයුරට නෙමෙයි නේද? (බ)
විශ්ව හරි කියලයි මමත් කියන්නේ (නි)
ගාමිණී, මෝඩයෙක් වගේ කතානොකර විශ්ව කියන දේ තේරුම්ගන්න බලන්න (නි)
විශ්වගේ ඔලුව නරක්වේගෙන එනවා වගෙයි (නි)
පිට රටින් නිකන් දෙන ඕනෙම දෙයක් , පැනලා ගන්න ඉන්න ලංකාවට ඔය උඩුගුවනින් වැටෙන පරණ යකඩ හෝ ඕනෙම දෙයක් හොඳය , ඕවයින් සල්ලි හොයන්න අපේ ලාංකිකයෝ දක්ෂයි (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
මටත් බය සාගර ජීවිතයට හානියක් වෙයි කියලයි (නි)
මේක සයුරට නොවැටී ගොඩබිමට වැටුණා නම් මොනවා වෙයිද? (නි)
සාගරයට වැටීමෙන් සාගර ජීවීන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? (නි)
උඩ තිබෙන සමහර අදහස් කියවපු මට දැන් පිස්සු වගේ. (නි)
ලංකාවේ අර අහවල් මන්දිරයේ කලක් සිටි අපේ අර රොකට් විද්‍යාව පිළිබඳ දැනුම තිබෙන කෙනා මේ ගැන මොනවාද කිවුවේ? (නි)
ඩයිනසෝර් යුගයේත් ලොකු උල්කාපාතයක් වැටිලා එයාලා විනාශ වුණාලු නේද? (නි)
අපිට අනතුරක් නොවෙනවා නම් කමක් නැහැ (නි)
මොකද මේ ආකාශ වස්තු කඩාවැටෙන්න පටන්ගෙන තියෙන්නේ ඒ ගමන? (නි)
විශ්ව, ප්‍රායෝගිකව කාටවත් ආලෝකයේ වේගයෙන් ගඩොල් විසිකරන්න නොහැකියි (නි)
පිටිගල මිලානෝ ඔයාට කිසිම දේකට මහින්දව ගාවාගන්නේ නැතිව අදහසක් ප්‍රකාශ කරන්න බැරිද?....(රේ)
අනේ මන්දා මොනවද කියලා මේ ආකාශ වස්තු (නි)
ඉස්සර විශාල ප්‍රසිද්ධියක් දීලා, කෝටි ගානක් වියදම් කරලා, අර අපේ රටෙන් යැවුවා කියපු රොකට් එකට මොකද වුණේ? (නි)
මේක වැටෙනවා පියවි ඇසින් දැකගන්න පුළුවන්ද? (නි)
ඒ පාර ආකාශ වස්තුත් කඩා වැටෙන්නෙ අපිටමද? (නි)
කෙසේ වෙතත් ලංකාවේ නම නැවතවරක් ජාත්‍යන්තර අවධානයට යොමු වෙනවා (බ)
කාටවත් හානියක් නොවෙනවා නම් කමක් නැහැ (නි)
මම නම් හිතන්නෙ මේක උඩු ගුවනේදි විනාශ වේවි (නි)
මුහුදු ජීවීන් ගැන කියන අයටයි. අඩි 7ක් ලොකු ග්‍රහයෙක් ලංකාව ආසන්න මුහුදට වැටුනොත් සුනාමියක් වගේ ගොඩබිම මුහුදට යටවෙලා මිනිස් ජීවිත හානිවෙන්න පුළුවන්. (නි)
පෘථිවිය මතට අනන්තවත් ආකාශ වස්තු පතිතව ඇත. ඉන් යම් බලපෑමක් නොවුනා නොවේ. අපි බලමු මොකද විය හැකි කියා. (ම)
විශ්ව කියන්නේ කළොත් කියලා මිස කරනවා කියලා නෙමෙයි. එයාගේ කතාව න්‍යායාත්මකව හරි. (නි)
මේ ගණනය කර තිබෙන දත්ත වල ආකාරයටම මෙය සිදුවුණොත් හොඳයි. නමුත් අංශකයක හෝ වෙනසක් වුණොත්? (නි)
වස්තුවේ ප්‍රමාණයත්, වේගයත් සහ වායුගෝලයේ ඝර්ෂණයත් සැළකූවිට මෙයින් ලොකු කොටසක් විනාශවීමට පුළුවන්. (නි)
කෝකටත් අභ්‍යවකාශය දිහාම බලා ඉන්න එපා. ළඟ සිදුවෙන දේවල් ගැනත් අවධානයෙන් ඉන්න කට්ටියම. බඩු මිල නඟින්නෙත් ඔය වගේ කාලේදී. පාර්ලිමේන්තුවේ එන පනත් වල වෙනස්කම් කරන්නෙත් ඔය වගේ වෙලාවට. (නි)
ලබන 31 වෙනිදාට ඇස්ටරොයිඩයක් අපේ ලෝකය ලඟින් යනවා. මේ රෝකෙට් කැබැල්ල වැටෙන එකට අපි මෙච්චර බයනම් ඇස්ටරොයිඩයක් වැටුනොත් මොනවා කතා කරයිද..? (ර)
අර අපි යවපු රොකට් එකට මොකද දන්නෙ නැහැ නේද වුණේ? (නි)
බලන්නකෝ අපේ අයට තියෙන ප්‍රශ්න ගොඩ (නි)
මේ ප්‍රදේශයේ ධීවරයින්ට විශේෂයෙන් මේ ගැන සැළකිළිමත් වෙන්න වෙයි (නි)