
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වන අවස්ථාවේදී ඒ නිලධාරියාට විරුද්ධව ඇති සාක්ෂි සම්පිණ්ඩනය කර ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වුවත් කතානායකවරයා මෙතනදී එම නීති සම්ප්‍රදාය කඩ කර ඇතැයි හිටපු සභානායක සහ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය
‘‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පාලනය වන නීති කෙටුම්පත් දෙකක් තිබෙනවා. පළමු වැන්න ස්ථාවර නියෝග. දෙවැන්න පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත. ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ නියෝජ්‍ය මහලේකම්වරයෙකු ඉවත් කරන්න ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම නියෝජ්‍ය මහලේකම්වරයා ඉවත් කරන්න කතානායකවරයාට බලයකුත් නැහැ. නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පනත යටතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නීතිරිති සම්ප්‍රදායන් සහ පූර්වාදර්ශ පිළිගන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බැඳි සිටිනවා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු ඉවත් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නීති රිති තිබෙනවා. ඒ පිළිබදව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බයිබලය වන Erskine May ග්‍රන්ථයේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ඉවත් කරන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝජග යටතේ බලතල නොමැති වීම හේතුවෙන් Erskine May තිබෙන පුර්වාදර්ශ සහ සම්ප්‍රදායන් පිළිගන්න සිදුවෙනවා.
ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවානම් මුලින්ම ඒ නිලධාරියාට විරුද්ධව තිබෙන සාක්ෂි සම්පින්ඩනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එය කතානායකවරයාගේ වගකිමක්. කෙසේ නමුත් එය සිද්ධවෙලා නැහැ. ඒ වගේම චෝදනා ලබන පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරක් දරන නිලධාරියාට ආණ්ඩුව එම නිලධාරියාට නීති ආධාර ලබාදීමට නිතිපති දෙපාර්තමේන්තුවේ සහායත් ලබාදිය යුතුයි. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරය උත්තරීතර තනතුරක්. එම තනතුර කරපිංචා වගේ ඉවත් කරන්න බැහැ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙක් තව හොරෙක්ව බේරගන්න කෙස් පැලෙන තර්ක ගේන එක ස්වාභාවිකයි. කෙහෙළියව බේරගන්න අත් උස්සපු අය මතකයිනේ! මේක කමිටුවක් දාල ඉවත්කරල තියෙන්නේ. අනික බ්‍රිතාන්‍යයෙන් අපි වෙන්වෙලා ගොඩක් කල්. ඒකෙ තියෙන හැම පුහුලම පිලිගන්න කියල කොහේවත් නීතියක් නෑ.
ගත්තෙ පාර්ලිමේන්තුවට කියලද ?