
(රොෂන් තුෂාර)
අයථ ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිවු දෙනකුට එරෙහිව පැමිණිල්ල ජූලි 30 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (29) නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් අධිකරණය පෙනී සිටි අතර විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා උදෘත යොමු කර ඇති බැවින් නඩු විභාගය කල් තැබීය.
එදින විමර්ශන කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළේය .සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශ බංඩාර ගනේගොඩ, යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මිලියන 15 මුදලක් සාපරාදී සාවද්‍ය පරණ හරණය කර මුදල් විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින් 2015/7/28 දූෂණ විරෝධි හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd