
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයේ විරෝධතා ආරම්භ වීමෙන් පසුව දෙවැනි දිනයටත් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාලය ඊයේ (28) කඩා වැටුණේය. ඇමෙරිකානු ඩොලරයක් ඊයේ (28) ඉරාන රියාල් ලක්ෂ 16ක්වූ අතර එය මාසයකදී සිදුවූ ඉරාන රියාලයේ දරුණුතම කඩා වැටීම වූවේය.
ඊට පෙර දිනයේද ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාලය වාර්තාගත අනමින් කඩාවැටුණු අතර පසුගිය 27 වැනිදා ඇමෙරිකානු ඩොලරයක් ඉරාන ලක්ෂ 15 ක් වූවේය. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉරාන රියාලය විශාල ලෙස කඩාවැටීම එරට පැවැති විරෝධතාවලටද එක් හේතුවක් වූවේය.
පසුගිය දෙසැම්බර් 28 වැනිදා ඉරාන රියාලය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍රයෙන් පහළ වැටීම ආරම්භ වූ අතර එහිදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඉරාන රියාල් 1,420,000 ක් ලෙස සටහන් විය. ඒ සමග ටෙහෙරාන් අගනුවර ස්ථාන දෙකකදී විරෝධතා ආරම්භ වූවේය. ඉරාන රියාලය වාර්තාගත අන්දමින් කඩා වැටීමත් සමග ටෙහෙරානයේ ප්‍රධාන වෙළෙඳපොළ වන "ග්‍රෑන්ඩ් බසාර්"හි වෙළෙඳසැල් හිමියන් ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකිව සිය වෙළෙඳසැල් වසා දමා වීදි බැස්සේය.
එය 6000 කට වැඩි පිරිසකට මරු කැඳවූ ඉරාන විරෝධතාවල ආරම්භය වූවේය. ඉරාන රියාලය වාර්තා ගත අන්දමින් කඩා වැටීමත් සමග ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත්, පසුගිය මාසයේදී තෙල් මිල වැඩිකිරීමට ඉරාන රජය කටයුතු කර තිබීමත් හේතුවෙන් මතුවූ ආර්ථික අපහසුතා හමුවේ පීඩාවට පත් ජනතාවද එම විරෝධතාවලට එක්ව තිබිණි.
ඉරාන රියාලය වාර්තාගත අන්දමින් කඩා වැටීම ආරම්භ පසුගියදා දෙසැම්බර් 28 වැනිදාට පසුදින එරට මහ බැංකු අධිපති මොහොමඩ් රේසා ෆාර්සින් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. එලෙස පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරයට පසුගිය දෙසැම්බර් 31 වැනිදා අබ්දුල් නසීර් හෙම්මාටි නව පත් කිරීමට එරට රජය කටයුතුකළ නමුත් ඒ වනවිට ආර්ථික අපහසුතා හේතුවෙන් ඇරැඹී විරෝධතා ඉරානයේ නගර පුරා පැතිර ගොස් තිබිණි.
මෙලෙස රියාලය පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇමෙරිකාව සහ මිතුරු රාජ්‍යයන් ඉරානයට පනවා ඇති සම්බාධකත්, ඉරානය රාජතාන්ත්‍රික වශයෙන් හුදකලා වී සිටීමත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd