
න්‍යෂ්ටික අවි නිපදවීම සම්බන්ධයෙන්, ඇමෙරිකාව සහ රුසියාව අතරේ, ඇති කරගෙන තිබූ න්‍යෂ්ටික ගිවිසුම මේ වනවිට කල් ඉකුත් වී ඇති බැවින්, ශක්තිමත් න්‍යෂ්ටික ප්‍රතිපත්තියක් ඇති නව ගිවිසුමකට යා යුතු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අවධාරණය කර ඇත.
මෙම ගිවිසුම කල් ඉකුත් වී අහෝසි වෙද්දී ගෝලීය අවි තරගයක් ගැන බියක් මෙන්ම ඇමෙරිකාව සහ රුසියාව එකිනෙකා පරයමින් තව තවත් න්‍යෂ්ටික අවි නිපදවීමක් සිදු කරනු ඇති බවටත් බියක් හටගෙන ඇත.
ඇති කර ගැනීමට නියමිත නව ගිවිසුමට, චීනය ද ඇතුළත් කර ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. චීනය සහ රුසියාව අතර් පවතින්නේ සමීප මිත්‍රත්වයකි.
චීනය මේ වනවිට ඔවුන්ගේ යුද ශක්තිය වර්ධනය කර ගනිමින් සිටී. එසේ වුවත්, එය තවමත් රුසියාවේ සහ ඇමෙරිකාවේ අවි ගබඩාවලට වඩා සැලකිය යුතු අඩු මට්ටමකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd