ලෝකයේ විවිධ රටවල ජීවත්වන ලෝකයේ විවිධ ජාතින් මා දන්නා පරිදි කථා කරන භාෂාවන් 6000 කට වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ සෑම භාෂාවකම නිදහස කියන වචනය සුවිශේෂ වූත්, අසමසම වූත් අනභිභවනීය වූත් වචනයක් ලෙසයි සලකන්නේ.
1505 සිට 1948 දක්වා අපේ රට විදේශීය ආක‍්‍රමණවලට යටත්වී තිබූ කාලපරිච්ඡේදය ගත් විට ඒ කාලපරිච්ඡේදය තුළ අපි කථා කළ නිදහස සහ අද කථා කරන නිදහස කියන වචනය අතරේ වෙනසක් තිබෙන බව ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා.
එදා 1948 ඞී.එස්. සේනානායක මැතිතුමා ප‍්‍රමුඛ සමකාලීන ජාතික නායකයින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජාතින් නියෝජනය කරන නායකයින්, ජාතික නිදහස් අරගලයට මහා යෝධ ශක්තියක් දුන්නා.
ඒ වගේම ඒ සටන තුළ අපේ නායකයින් සිරභාරයට ගත් අවස්ථා තිබෙනවා. 1505 සිට 1948 දක්වා කාලය තුළ රට වෙනුවෙන්, මේ රටේ නිදහස වෙනුවෙන් දහස් ගණනක් ජිවිත පරිත්‍යාග කළා. ඒ පරිත්‍යාග වගේම අධිරාජ්‍යවාදයට විරුද්ධව ලේ වැගිරීම්, ජීවිත පරිත්‍යග කළ ඒ අතීත විරුවන් සියලූදෙනාගේ ජීවිතවල ගුණ සුවද මේ නිදහස් දිනයේ විශේෂයෙන් අප සිහිපත් කළයුතු වෙනවා.
රට තුළ වාර්ගික සංහිඳයාව, ජාතික සමගිය සඳහා රජයක් විදියට අප විසින් විශාල කැපවීමකින්, අධිෂ්ඨානශීලිව අද මේ ගෙන යන වැඩපිළිවෙළ ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් පැසසුමට ලක්වෙලා තිබෙනවා වගේම ඊට විරුද්ධව කටයුතු කරන අවස්ථාවාදී බලවේග සිටින බව පැහැදිළිව මා සඳහන් කරනවා. එම අවස්ථාවාදී බලවේග පටු චේතනාවෙන් කටයුතු කරන අය, රටට විරුද්ධව, රටට එරෙහිව කටයුතු කරන බලවේග වශයෙනුයි මම හදුන්වන්නේ.
අපේ නූතන පරපුර අධිතාක්ෂණික දැනුම, නිපුණතාවය ලබා ගැනීම සඳහා දැඩි ආසාවකින්, ඒ වගේම දැනුම ලබාගැනීම සඳහා දැඩි පිපාසයකින් කටයුතු කරන බවයි මම දකින්නේ. අපේ නව පරපුරට දැනුම ලබාදීම සඳහා, දැනුම ආර්ථිකයක් තුළ රට ගොඩනැගීම සඳහා ලෝකය ජයග‍්‍රහණය කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීම අප සෑමවිටම රජයක් විදියට ප‍්‍රමුඛත්වයක් දී ඉටුකරන බව සඳහන් කරන්නට ඕන.
ඒ වගේම 21 වන සියවසේ රටේ පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකීමට නම් පළමුව අපි සෑමකෙනෙක්ම ආර්ථික සමෘද්ධිය රට තුළ ඇතිකරගැනීම අත්‍යාවශ්‍යයි කියන එක ඔබ අපි කවුරුත් පිළිගන්නා වූ දෙයක්. එහිදී අපි ප‍්‍රමුඛත්වය දෙන්නේ අපේ නව පරපුරට. තරුණ පරපුරට. 21 වන සියවසේ දැනුම මුල්කරගත් සමාජයක, දැනුම මුල්කරගත් අධ්‍යාපනයක්, දැනුම මුල්කරගත් ආර්ථියක් සමග නවෝත්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේ කි‍්‍රයාවලියේ උරුමකරුවෝ ද භාරකරුවෝ ද වෙන්නේ අපේ තරුණ පරපුරයි කියන එක විශේෂයෙන් මම මෙහිදී සඳහන් කරන්න ඕන
ඒ අනුව නූතන ආර්ථික සංකල්පයන් වන දැනුම් ආර්ථිකය, නවෝත්පාදන ආර්ථිකය, හරිත ආර්ථිකය, ඩිජිටල් ආර්ථිකය, සමුද්‍රිය ආර්ථිකය යන විවිධාංගීකරණයට ලක්වූ සියලූ ආර්ථික කි‍්‍රයාවලියන්, සංකල්ප අපේ රටේ ජාතික ආර්ථිකය සමඟ මුසු කිරීමට ශී‍්‍ර ලංකාව තුළ වෙසෙන උගතුන්ට, බුද්ධිමතුන්ට විශේෂයෙන්ම නව පරපුරට අවශ්‍ය ඒ මගපෙන්වීම සඳහා කටයුතු කරන ලෙස මා ගෞරවයෙන් ඒ සෑමකෙනෙකුටම ආයාචනා කරනවා.
ඒ වගේම රටක් විදියට කටයුතු කිරීමේදී අප ප‍්‍රමුඛත්වය දී තිබෙන්නේ, අධිෂ්ඨානශීලිව කටයුතු කරන්නේ අපේ කැපවීම ආර්ථික නිදහස සඳහායි. මේ 2017 වසර දුගී භාවයෙන් නිදහස්වීමේ වසර ලෙස අපි නම් කර තිබෙන බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා.
විශේෂයෙන්ම තිරසර සංවර්ධන ජාතික ප‍්‍රතිපත්ති හා සැලසුම් තුළ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීම සඳහා මේ රටේ බුද්ධිමතුන්, උගතුන්, දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරින්, සමස්ථ පොදු මහජනතාවගේ කැපවීම සහ පරිත්‍යාගශීලිභාවය අප බලපොරොත්තු වනවා, ඒ උතුම් ජාතික අරමුණ ඉටුකර ගැනීම ස`දහා සෑම කෙනෙකුම ඒ වගකීම සහ යුතුකම ඉතා උසස් ලෙස ඉටුකරයි කියා මා විශ්වාස කරනවා.
අපි ඉතාමත් ශක්ති සම්පන්න ජනතාවක්. අපි ඉතා දක්ෂ කි‍්‍රයාශීලි ජනතාවක්. අපේ රටේ වෙසෙන්නේ උගත් ජනාතාවක්, බුද්ධිමත් ජනතාවක්. ඒ නිසා අපිට ජාතියක් විදියට ඉදිරියට යාමට ඒ දැනුම, සම්පත්, හැකියාව, දක්ෂතාවය තිබෙන බව පිළිගතයුතුයි. ඒ සඳහා රජයක් ලෙස ඒ සෑම කෙනෙකුටම අවශ්‍ය සහය ලබාදෙමින් අපේ මාතෘ භූමිය ගොඩනැගීමට එක්වෙමු කියන ගෞරවනීය ආයාචනය කරනවා.
ඒත් එක්කම අපේ රට ගොඩනැගීමේදී, සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේදී වංචාව, දූෂණය, නාස්තිය, හොරකම පිටුදකිමින් දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරින්ගේ කැපවීම සහ අවංකභාවය ඉතා අත්‍යාවශ්‍යයි කියන එක ඔබ අප සෑම කෙනෙක්ම පිළිගන්නා වූ දෙයකි.
ඒ නිසා අපේ රටේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීමේදී ප‍්‍රධාන වශයෙන් දේශපාලනඥයා අවංක, කැපවීමෙන් කටයුතු කරන චරිතයක් බවට පත්වීම අත්‍යාවශ්‍ය වූ කාරණයක්. ඒ වගේම සියලූ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරින් ඒ අවංකභාවය සහ කැපවීම කොට මාතෘභූමිය ගොඩනැගීම සඳහා තම වගකීම සහ යුතුකම උසස් ලෙස ඉටුකරන බව මම විශ්වාස කරනවා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් ඕනෑම කෙනෙක් දන්නා දෙයක්නේ . (අ)
ඔබතුමා එ්ක හොඳටම දන්නවානේ ඉතින් (නි)
බන්දුල, රදල සිංහලයන්ට බැල මෙහෙවර කරපු සමහරක් සිංහලයෝ සුද්දන්ට බැල මෙහෙවර කරලා ඉංගිරිසි ඉගෙනගෙන රටේ බුද්ධිමතුන් සහ දේශපාලකයින් වූ බව හැබෑව. ඒත් සුද්දෝ එනකොට අමුඩේවත් ඇඳපු නැති උන් දැන් රටේ හයිරංකාරයෝ වෙලා. සුද්දොත් එක්ක යුද්ධ කරපු උන් ද්‍රෝහියෝ වෙලා. ඕක තමයි රටේ තත්වය දැන්.... (නි)
ඔය ටිකත් දැන ගත්තේ පත්තරේ බලල වෙන්න ඕනේ ? (බ)
මේ කතාවෙන් පසුව හිටපු ජනපතිට ගොඩක් ඡන්ද අරන් දුන්නා කියලා තමයි කියන්න වෙන්නේ. (නි)
පිළිතුර කුමක් විය හැකිද කියා ඔබ දන්නවද කියලා චන්දිම අහනවා. සුද්දා කට ඇරලා කියාවි නුඹලාව නූතන ලෝකයට කැන්දන් ආවේ අපි කියලා. නැත්නම් සිංහලයා තාමත් අමුඩය පිටින් කියා කියාවි. ඕක නොවේද ඇත්ත. රදලයින්ට බැලමෙහෙවර කරපු සිංහලයව බේරාගත්තේ සුද්දෝ. (නි)
කරුණාපාල, ඔබ ඊයේ පෙරේදා ඉපදුන නිසා වැඩිපුර නොදන්නවා ඇති. 1948 සිට 1977 දක්වා රට ක්‍රම ක්‍රමයෙන් දියුණු වුණා. රට කාබාසිනියා වෙන්න පටන්ගත්තේ 1977 සිටයි (නි)
දොස්තර මාෆියාවෙන් අප නිදහස් කරගන්නේ කවුද? කවදාද? (නි)
කතාව දෝලාවෙන් ගමන පයින් (ම)
අපට නම් ඇඟට දැනෙන නිදහසක් නැත. වරෙක සුද්දා අපෙන් නිදහස් වූවාදැයි සිතේ (නි)
විග්නේශ්වරන්ලා අරෙහේ දෙමුහුන් අධිකරණයක් යාපනේ පිහිටුවන්න හදනවා සංහිඳියාව ඇතිකරන්න. මෙහේ නිදහස ගැන කතා කරනවා. සිංහලයා දංගෙඩියට ගෙනියන්නද හදන්නේ? (නි)
බොහෝ රටවල් වල ජනතාවගේ නිදහස උදුරාගත් බ්‍රිතාන්‍ය වැනි රටවල් වලින් අද ඇහුවොත් එදා ඔවුන් ඒ කළ කෘර ක්‍රියා හරිද වැරදිද කියලා පිළිතුර කුමක් විය හැකිය කියා ඔබ දන්නවද? (නි)
වංචාව දූෂණය නවතනවා කියලා අවුරුදු 2කට වඩා ගියා. තවම කතාව විතරයි (නි)
ද සිල්වා, ඕකට උත්තරය තිබෙන්නේ අපි ළඟමයි. අපි ලෙඩනොවී ඉන්න උත්සාහ කරමු. එතකොට අපි ඔය දොස්තර මාෆියා වලට අසුවන්නේ නැත. නඩුවල පැටලෙන්නේ නැති තාක්කල් ලෝයර්ලගේ මාෆියාවට අසුනොවෙනවා වගේ. (නි)
මම නම් මේවට කිසිම දෙයක් කියන්නේ නැහැ (නි)
1948 සුද්දාගෙන් අප රට නිදහස ලබාගත්තායින් පසුව, සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ සංකල්පය පෙරටු කරගනිමින් වංචාව, දූෂණය, නාස්තිය, හොරකම, ස්වාධීනව, නිදහසේම සිදුකිරීමට දේශපාලකයින් දැක්වූ දක්ෂතාවය ගැන අප නිදහසේම සතුටු වන්නෙමු!!! (නි)