විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට ඉකුත් 26 වැනිදා පැවති සිසු උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරියකු අතින් පහර කෑමට ලක් වූ සසිනි සංදීපනී ශිෂ්‍යාව ඉරිදා (1) පස්වරුවේ යළිත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූවාය.
26 වැනිදා රෝහලට ඇතුළත් වීමෙන් පසු නේවාසික ප‍්‍රතිකාර ලබා 30 වැනිදා රාත‍්‍රීයේ රෝහලෙන් පිටව ගිය ද විටින් විට හිසේ ඇති වූ වේදනාව නිසා වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවේ දී සී.ටී ස්කෑන් පරීක්‍ෂණයක් සඳහා යළිත් රෝහල් ගත වන ලෙස එම වෛද්‍යවරයා උපදෙස් දුන් බව ඇය ලංකාදීපයට පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්මිත්, මට නම් පෙන්නේ ඔලුවේ අමාරුව තියෙන්නේ ඔයාට කියල. නිදහස් අධ්‍යාපනය පිනට හම්බ වෙන දෙයක් නොවෙයි එක අයිතිවාසිකමක්. ලංකාවේ 95% ක් ම ඉගෙන ගෙන තියෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන්. එ්කට මහින්ද රාජපක්ෂ, රනිල් සහ ජනාධිපති සිරිසේනත් ඇතුලත්. අර ගහපු පොලිස් කාරයත් නිදහස් අධ්‍යාපනය ලබපු කෙනෙක් වෙන්න ඕනි. (ස)
උද්ගෝෂණය හරි හෝ වැරදි වුණත් ඔය විදිහට ඔලු වලට කොන්දට ගහන එක අනුමත කල නොහැක! (අ)
ඔව් මේකේ අදහස් දාන සමහර අය.. ඉගෙන ගන්න අය ඉරිසියාවෙන් අදහස් පල කරනවා. (අ)
ස්මිත් අනේ මහත්තයෝ ඔයා දන්නේ නැහැ නම් නොදන්නා විදියට ඉන්න නිකන් බොරුවට කට කියවන්නේ නැතිව (අ)
වෙනස සැපයි නේද? (අ)
අනේ කවුරුහරි ස්මිත්ට බෙහෙට් ටිකක් අරන් දෙන්න (අ)
මේ දරුවෝ නිරායුධව සාමකාමිව කරපු උද්ඝෝෂණයට මිලේච්ච ලෙස ප්‍රහාරය එල්ල කිරීම ගැන මගෙත් තියෙන්නේ බලවත් කලකිරීමක් (අ)
ඒ ළමයා පොල්ලෙන් තමන්ටම ගහගන්නවා වගේ මට පෙන්නේ . (අ)
චන්න ඔබ සමග සියයට100 එකඟයි. මේ හුඟක් අයට තේරෙන්නේ නැහැ ශිෂ්‍යයන් වීදි බහින්නේ පාලකයෝ ප්‍රශ්න විදන්නේ නැතුව අදින නිසා කියල. දෙවනුව මේ අරගලය තමුන් විතරක් නෙවි අනාගත සිසුන් උදෙසා කියල (අ)
පහු ගිය රජය කාලේදී මේක වුණා නම් ඒ ගෑනු ළමය පොල්ලකින් තමන්ටම ගහ ගෙන කියල තීන්දු වෙන්න තිබුණ . මොනවා වුණත් මේ රජය මෙතැනදී වැරද්දක් සිදුවෙලා කියල පිලි අරගෙන තියෙනවා . හරියටම දඬුවම් දියයුතු අය හඳුනාගන්න පරීක්ෂණත් පැවැත්වෙනවා .(අ)
පොලිස් කාරයෙක් ස්මිත් ගෙ දුවගෙ ඔළුව කුඩු වෙන්න නෙලපු දවසට මොලේ පෑදෙයි (අ)
නුමා, ඔයා මොනවද කියන්නේ? ළමයි සල්ලි ගෙවනවා. බදු බර වෙනම ගෙවනවා. ඔබ දන්නවද බදු බර කොපමණද කියලා.විශාල බදු බරක් තියෙන්නේ දියුණු රටවල. කිසිම දෙයක් පිනට නැහැ. නමුත් අසාධාරණයක් නොවෙන්න වයසක, ආබාධිත, රෝගීන් වැනි අයට වෙනම සාධාරණ ක්‍රම හදා තිබෙනවා. (නි)
රැකියා දෙන්න වන නිසා උපදී කප්පාදු කරනවා පාරවල් නැති නිසා වාහන ගෙන්වීම නැති කරනවා ඔළුවක් නැති අය නිල වලට පත් වුණාම රටක් යන්නේ ඔහොම තමා (අ)
අනෙක් දියුණු රටවල තිබෙන්නේ නිදහස් අධ්‍යාපනක්ද? ඒ රටවල ළමයින් තරුණ කාලයේම සුළු රැකියා වල යෙදෙමින් දුක්විඳලා ඉගෙනගන්නේ. (නි)
නුමා, ඕස්ට්‍රේලියාවේ රජයේ සේවකයා පවා බද්දට යටයි. දන්නවාද මෙහෙ අගමැතිටත් බද්දෙන් බේරිල්ලක් නැහැ. පොදු පහසුකම් කාටවත් නිකම් ලැබෙන්නේ නැහැ. මහලු උදවිය ආබාධිතයන් පවා තම හැකි පමණින් ස්වෙච්ඡා සේවයේ යෙදෙනවා. කවුරුවත් නිකම් ලැබෙනතුරු බලාගෙන ඉන්නේ නැහැ (නි)
රට එක තැන - ඇත තර්ජන (නි)
කුමාර, හැකියාවක් තිබේ නම් 'සිමා' විභාගය කරන්න. ඒවා සෑම රටකම පිළිගත් වෘත්තීය විභාග. අනෙක ලංකාවේ විභාග වගේ නැවති නැවතී යන විභාග නොවෙන නිසා ඔබට යම් කලක් තුළ අනාගතය සැළසුම් කරගෙන රැකියාවකට යා හැකියි. 80 අගභාගයේ උසස් පෙළ ඉහළින් සමත්වුණ මමත් තවම කුස්සියේ බත් තම්බනවා. (නි)
කොයි රටේද සිසුන් ඉල්ලන ඉල්ලන දේවල් රජයෙන් දෙන්න ඕන. උපාධිදාරින්ට රැකියාවල් රජයෙන් දෙන්න ඕන කියලා නීතියක් තියෙන්නේ. (ර)
චන්න, උපාධිය ඩිප්ලෝමාවක් කළේ නැහැ. "HND" කියන අකුරු තුනේ "D" කියන්නේ මොකද්ද කියලා හොයලා බලන්න. (නි)
ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන් ඇති අවයව වලට පහරදීම ඉතාම වැරදියි සහ බරපතල කාරණයක්. ඔලුව පපු ප්‍රදේශය කොන්ද වැනි අවයව වලට පහරදීම නීතියෙන් තහනම්, වෙන රටවල. (ර)
දැන් එතකොට ප්‍රශ්න තියනවා කියලා ලංකාවේ හැම බවලතියටම මේ ගැහැණු ළමයා වගේ පාරට බහින්නද කියන්නේ? (නි)
හැම දෙයක්ම නිකන් ලැබෙනකොට තව ටික කලකින් රජයෙන් වියදම් කරන්න ඕනෑ කියලා තව මොනවා කියයිද දන්නෙ නැහැ. මේ වගේ කට්ටිය රැකියාවකට ගියත් රාජකාරිය පැත්තකට දාලා ඉල්ලීම් දිනාගන්න උද්ඝෝෂණය කර කර ඉඳීවි. (නි)
වෙනත් රටවල කොහෙද මේ වගේ දේවල්? ඒ රටවල උසස් අධ්‍යාපනය කරන සිසුන් අඩුගානේ රටේ සිවිල් නීතියවත් දන්නවා. (නි)
ඇයට ඉක්මන් සුව ලැබේවා! (නි)
මේ ළමයින් හිතන්නේ පාරට බැහැලා කෑගහලා මාධ්‍යයට පෙනුනාම හරිම නම්බුවක් කියලා. මේවා උගතුන්ගේ හැසිරීම් නෙවෙයි. ඔන්න පොලිසිය මුළු රටේම ගැහැණු ළමයින්ට ගැහුවා නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. (ර)
ඒ වගේම තමයි පුෂ්ප කුමාරි, ඒ රටවල රෝහල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සපයන පාරවල් අවහිර කර මහජනයාට ගමනාගමනයට බාධා කලොත් කෙලින්ම හිරේ. (ර)
මේ ළමයින්ට රට හදන්න යන්න කලින් තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්නවත් බැරිද? (නි)
මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැහැ (නි)
අනේ මන්දා මේවා! මම නම් මේ ගැන මොකුත්ම කියන්නේ නැහැ (නි)
චන්න කියන අදහස ගැන කවුරුත් හිතන්න. ඒකයි මම හිතන විදිහටත් ඇත්ත. (නි)
ස්මිත්, මේ රටේ දේශපාලනය බොහොම පහළ මට්ටමක තිබෙන්නේ. රටේ සල්ලි හොඳට කළමනාකරණය කරනවා නම් අපි කාටවත් රටවල් ගානේ ගිහිල්ලා රැකියා කරන්න ඕනෑ නැහැ. ඔය ළමයින්ට පාරට බහින්න ඕනෑත් නැහැ (නි)
රටේ ප්‍රශ්න වලට පාරට බහින්න ඉන්නේ ඔය ළමයි ටික විතරයි. (නි)
නිදහස් අධ්‍යාපනය කියන්නෙ කිසිම දෙයක් නොමිලේ දෙනවා කියන එක නෙමෙයි. නොමිලේ ලැබෙනවා වගේ පෙනුනාට ලංකාවෙ ඉන්න සියළුම දෙනා ඒ බරපැන දරනවා. අතීතයේදී ගුටිකෑ, ඔළු පළාගත්, මියගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිසා තමයි අදටත් ළමයි "නොමිලේ" පාසල් යන්නේ. (නි)
වෙනත් රටවල ළමයි සල්ලි ගෙවනවා තමා, හැබැයි ඒ රටවල අපේ තරම් බදු බරකුත් නැහැ, ගන්න බදු හොරාකන්නෙත් නැහැ. ඉතින් ඒ මිනිස්සු වියදම් කරලා ඉගෙන ගන්නවා. අපේ වගේම බදුගන්න රටවල් තියෙනවා, ඒ රටවලත් නිදහස් අධ්‍යාපනය තියෙනවා. අපේ අහිංසක මිනිස්සුන්ගෙ මුදල් කොයිතරම් නම් හොරා කනවද කියලා හිතාගන්නත් අමාරුයි. (ර)
චන්න, කිසිම රටක නීතියක් නැහැ උපාධිධාරින්ට රැකියා දෙන්න ඕනෑ කියලා. ඇයි එතකොට පුද්ගලික අංශයට රැකියාවකට යන්න අකමැති. (නි)
නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නේ බදු ගෙවන ජනතාව. එහෙම ලැබෙන එකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැති නම් දියුණු රටවල වගේ තමන්ම ගාස්තු ගෙවන ක්‍රමයක් තමයි හොඳ. (ර)
ආණ්ඩුව කියන්නේ මුළු රටේම ජනතාවට වගකිවයුතු සාධකයක්. උපාධිධාරියාගේ සෑම කටයුත්තකටම ආණ්ඩුවට මැදිහත් වෙන්න පුලුවන්ද? (නි)
හෙට අනිද්දා වෙනකොට මෙයාලා තව මොන මොන ඉල්ලීම් ඉල්ලයිද දන්නෙ නැහැ (නි)
මගේ මිතුරියක් ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන්නේ, රාත්‍රී කාලයේ අපනශාලාවක වැඩ කරමින්. (ර)
අපේ කට්ටියත් අර්ධ කාලින රැකියාවකට යොමු කරලා උසස් අධ්‍යාපනයේ යොදවන්න පුළුවන් නම් බොහොම අගෙයි. එතකොට උදේට අතට ලැබෙන තේ එකේ සිට බෝඩිමේ බෙඩ් ෂිට් එක දක්වාම අනෙක් මිනිස්සුයි ආණ්ඩුවයි සපයා දෙන්න ඕන කියන අඳ බාල ආකල්පයෙන් මිදේවි. (ර)
එකෙන් මේකෙන් මේ ළමයාව දැන් අර සාමාන්‍ය දැනීම නැති මෝඩ පහේ තරුවට වැඩිය ප්‍රසිද්ධ වුනා. (බ)
පොලිසියේ රාළහාමි ඒ ළමයව නැගිට්ටවන වෙලාවේ රාළහාමිගේ අතේ තිබුන පොල්ල ඒ ළමයාගේ ඔලුවට වැටෙන්න ඇති. (ස)
හිසෙය් අමාරුව කලින් ඉඳන්ම තියෙන්න ඇති දැන් වැඩි උනාට, නැත්තම් මය වගේ ක්‍රියා වලට සහබාගි වෙයිද? පිනට හම්බවෙන උගත්කමින් ප්‍රයෝජනයක් නොගෙන අනවශ්‍ය කඩාකප්පල් ක්‍රියා වලට සම්බන්ධ නොවී රටට ජාතියට පලක් ඇති වැඩක් කල යුතුයි. (ස)
HNDA කියල කියන්නේ Higher National Diploma in Accounting කියන එකට. මේක උපාධියක් නෙමෙයි. ඩිප්ලෝමාවක්. නමුත් මේක ලබා ගන්න පුළුවන් උසස් පෙළ වාණිජ විෂය ධාරාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඉතාමත්ම ආසන්නයට ලඟාවුනු අයට විතරයි. ඇත්තටම මේ ළමයි උසස් පෙලට A සමාර්ථ 3ක් ගත්තු උදවිය. නමුත් z අගය අනුව ඒ ගොල්ලෝ විශ්ව විද්‍යාලයකට අහු වෙන්නේ නෑ. මෙතන වෙලා තියෙන්නේ මේ අයගේ ඩිප්ලෝමාවේ credit ගාන (විෂය ඒකක ගාන) අඩු කරපු එකයි. සාමාන්‍යයෙන් උපාධියකට credit 90 - 120 විතර තියෙනවා. නමුත් ඩිප්ලෝමාව හා උපාධිය, විෂය ඒකකයන් ගාන අනුව සංසදනය කරපු එක තමයි මේ ළමයි කරපු වැරැද්ද. credit ගණන් සමාන කලත් කිසිම වෙලාවක උපාධියක් හා ඩිප්ලෝමාවක් සමාන වෙන්නේ නෑ. මේ ගොල්ලෝ පිටුපස තියෙන දේශපාල හස්තය තමයි මේගොල්ලෝ නොමග යවල තියෙන්නේ. ක්‍රෙඩිට් ගාන අඩු කිරීමට හේතුව අධ්‍යාපන සංශෝධනයක් වෙන්න පුළුවන්. ඇත්තටම අනවශ්‍ය විෂය කොටස් නිර්දේශයෙන් ඉවත් කිරීම හොඳ තීරණයක්. ඩිප්ලෝමාවක් පුළුවන් තරම් ඉක්මනට අවසන් වෙන එක ළමයින්ට වෙන වාසියක්. (ස)
වැටෙන්න ගිය රාළහාමි ළමයාගේ ඔලුවට බැටන් පොල්ල තබා නැගිටින්නට උත්සාහ කරන්න ඇති. (ස)
මොකටද උපාධියක්? මෙහෙම බලනකොට උ.පෙළ කර හෝ නොකර ඩිප්ලෝමාවක් කළාම ඉවරයිනේ. (නි)
මෙතන අදහස් දාන සමහර අයට තේරෙන්නේ නෑ මේ මිනිස්සු මොකටද උද්ගෝසනය කලේ කියල. 1990 ඉදන්ම 2014 වෙනකම් තිබ්බ තමුන්ගේ උපාධි පාඨමාලාවේ කාලය මාස 6කින් අඩු කරලා උපාධිය ඩිප්ලෝමාවක් කලා. මොකද එහෙම කලේ එතකොට ඕකෙන් පිටවන අයට රජයෙන් රස්සා දෙන්න ඕන නෑනේ. දෙයක් දැනගෙන අදහස් දානවනම් හොඳයි. එහෙම නැතුව ගෙම්බෝ වගේ දෙන දෙයක් කාල වෙන දෙයක් ඔහේ බලා ගෙන ඉන්නේ නැතුව. (ස)
ඔය ගෑනු ළමයි බලෙන් එක්කගෙන එනවා මිසක් කැමැත්තෙන් එන්නේ නැහැ ,පව් අහිංසක ,මහින්ද පරාජය වෙන්නත් , ළමයින්ට ගැහුවා මතකද? අනේ කිරිලු දුන්නේ. (ස)
අර්ධකාලීන රැකියාවක් කරමින්, දෙමාපියන්ට රටට ලෝකයට බරක් නොවී ඉගෙනගන්න කියො කාට කාටත් කියන්න පුළුවන්. නමුත් ඒ සැමටම යමක් අමතකයි. අපේ රටේ ලක්ෂ ගණනක් විරැකියාවෙන් හෝ උගත්කමට සරිලන්නේ නැති කුඩා රැකියා කරමින් දරුපවුල් රකිනවා. බඩවියත රැකගන්නවා. ඒ අතරට මේ අය එක්වුණොත් එයින් රැකියා ප්‍රශ්නය තවත් ඉහළ යනවා. (නි)
මේ ඩිප්ලෝමාව ගැන ඇත්තටම දැනගන්න කැමතියි. මම වැඩිදුර ඉගෙනගෙන නැති නිසයි අහන්නේ. (නි)