(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ දෙවන කුඹල්  පෙරහර  අද වීදි සංචාරය කළේය.

දෙවන කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය උදා කරගත්තේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ජනරාජා හස්තියයි.

ජනරාජා හස්තියා සදාතුක කරඬුව වැඩම කරවීමේ මෙහෙවරේ නියුක්ත වූයේ වසර 25 කට පසු වීමද විශේෂත්වයකි.

ජනරාජා හස්තියාගේ වම් පරිවාර හස්තියා ලෙස ශ්‍රී දළදා මාලිගා ඇත් පන්තියේ මියන් රාජා ද දකුණු පරිවාර හස්තියා ලෙස සිංහරාජා ද ගමන් කළහ.