
රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාවට දැඩි ආර්ථික පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් සකස් කළ නව සම්බාධක ඇතුළත් පනත් කෙටුම්පතක්, ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඊට අනුමැතිය හිමිවිය.
මෙම පනත් කෙටුම්පතට මේ අයුරින් අනුමැතිය හිමිවූයේ මාස කිහිපයක ප්‍රමාදයකින් පසුව යැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව, ඉදිරියේ දී රුසියාවට එරෙහිව ඇමෙරිකාවෙන් නව සම්බාධක පැනවෙනු ඇත.
ඇමෙරිකන් කොංග්‍රසය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් මෙන්ම සෙනෙට් මණ්ඩලයකින් ද සමන්විත වෙයි.
පනත් කෙටුම්පත සම්මත වූයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවේය. පනත් කෙටුම්පතට පක්ෂව, ඡන්ද 262 ක් හිමිවිය. විරෝධව ලැබුණු ඡන්ද ගණන 159 කි. මෙම පනත් කෙටුම්පත මීට පෙර, ඡන්ද 86 ට 11 ක් ලෙස ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලය හමුවේ ද සම්මත වී තිබුණි.
සම්මත කරගත් පනත් කෙටුම්පතට අනුව, රුසියාවේ බලශක්ති සහ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පැනවීමක් සිදුවෙයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉහළ පෙළේ රුසියන් බලධාරීන්ට ද තව තවත් සම්බාධක පැනැවීම සිදුවෙයි.
ඊට අමතරව, දැනට පනවා ඇති ඇමෙරිකන් සම්බාධක මඟහැර රුසියාව සිදු කරන තෙල් ගනුදෙනු නැවැත්වීමට ද සම්මත කරගත් නව කෙටුම්පතට අනුව, සම්බාධක පැනවීම සිදුවෙයි.
ඊට අමතරව, මෙම පනත් කෙටුම්පත මගින් රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා ප්‍රධාන රටවලට (චීනය සහ ඉන්දියාව ඇතුළුව) සියයට 100 දක්වා වූ තීරුබදු පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවසර හිමිවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd