(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේදී අද (17) සිදු කෙරිණි.

1906 සැප්තැම්බර් මස 17 වෙනි දින ජන්ම ලාභය ලැබු ලංකාවේ ජේ.ආර් ජයවර්ධන මහතා ජාතික සේවක සංගමයේ නිර්මාතෘ වරයාද වෙයි. එජාප උප නායක , ජාතික සේවක සංගමයේ සභාපති නිතිඥ අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකමි නිතිඥ තලතා අතුකෝරළ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උපහාර දැක්වීම සිදු කෙරිණි.