(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)


මොරන්තුඩුව ගෝනදුව රෝහල ඉදිරිපිටදී  මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෝටර් රථ රියදුරු මියගිය බව මොරන්තුඩුව පොලිසිය සඳහන් කරයි

අනතුරින් මියගොස් ඇත්තේ බෝම්බුවල ගල්වලවත්ත පදිංචිව සිටි ඉන්දික ප්‍රභාත් බල වික්‍රම  (45) නැමැත්තෙකි

ලොරි  රථය කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වෙමින් තිබියදී  බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට ධාවනය වූ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් ලොරිය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි 

අනතුරින් බරපතල තුවාල ලද මෝටර් රථ රියදුරු සුව සැරිය ගිලන්රථයෙන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත

මෝටර් රථ රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පොලිසියේ සැකකරයි

සිදුවූ අනතුරින් මෝටර් රථයට බරපතළ අලාභ සිදුව ඇත

මොරන්තුඩුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් ජයරත්න මහතාගේ උපතිස් මත පොලිස් සැරයන් 70704 අතු කෝරළ පොලිස් කොස්තාපල්106559 සෙනරත්න මහත්වරුන් පරීක්ෂණපවත්වයි.