
අරාබි මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවක් සමීපයට පියාසර කරමින් තිබූ ඉරානයට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී විනාශ කළ බව ඇමෙරිකන් හමුදාව පැවැසීය.
ඇමෙරිකන් හමුදාව, මෙම ඉරාන ඩ්‍රෝන යානයට පහර දුන්නේ, ඇමෙරිකාවත් ඉරානයත් අතර මත ගැටුම් අවසන් කිරීමට සාකච්ඡා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වෙද්දීය.
ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇති අතර, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත්තේ, මතභේදයට ලක්වුණු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් තම නියෝජිතයන් ඇමෙරිකන් නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වනු ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd