(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

ගුරු විභාග පවත්වන්නේ පවතින නඩු කටයුතු වලට අදාල අධිකරණ තීන්දු අනුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඉදිරියේදී  ගුරු විභාග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙන බව කී අග්‍රාමාත්‍යවරිය අධිකරණයෙන් දෙන තීන්දුවට අනුව ඒවා පවත්වන බව කීවාය.

ලැබී ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන උපාධිය ලබාගත් දිනය සම්බන්ධ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළ  බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මොනරාගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් මොනරාගල රාජකීය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.