(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල බන්ධනාගාරය තුළ සිදුකළ  සෝදිසි මෙහෙයුමකදී බන්ධනාගාරය තුළ තිබු ජංගම දුරකථන 19 ක් මත්ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ රැසක් සොයාගෙන ඇතිබැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

මෙහිදී අයිතිකරුවන් නොමැති ජංගම දුරකථන දහනවයක්. දුරකථන සිම්පත් 11 ක් . ගෑම් හතරයි තුන්සිය අසූහතරක් (පොලිතීන් සමග  බර ) කුඩා මත්කුඩු පැකට් 58 ක් . මත්කුඩු බවට සැක කරන ග්‍රෑම් 106 මිළිග්‍රෑම් 350 ක් බර තවත් පැකට්ටුවක්ද මෙහිදී සොයාගෙන ඇත.

.ගාල්ල බන්ධනාගාර අධිකාරී ඩබ්. කේ ඩෙප් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම ගාල්ල බන්ධනාගාරයේ නිළධාරීන් විසින් ඉකුත් 03 වැනිදින පෙරවරු 06.00 සිට පෙරවරු 9. 30  දක්වා පැය තුනත කාලයක් සිදුකරණු ලැබිය.

අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය  බන්ධනාගාර මූලස්ථානයේ  උපදෙස් මත ගාල්ල පොලීසියට භාර  දී තිබේ.