විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී එච්එන්ඩීඒ උද්ඝෝෂකයන්ට පොලිසියෙන් පහර දීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු ළහිරු වීරසේකර සහ විරෝධතාවේ සිටි සිසුහු 50ක් පමණ අද ජාතික පොලිස් කොමිසමට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොහොමද උසස් ජාතික ඩිප්ලෝමාවේ ප්‍රශ්න වලට හොට දාන්නේ? හෙට අනිද්දාට මෙයාලට උපාධි සමානත්වය දෙන්න එපා කියලා කෑගහන්න ගත්තොත්, මේ බල මණ්ඩලය කාගෙ පැත්තද ගන්නෙ? (නි)
අනේ මන්දා මේ ප්‍රශ්න කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)
මෙයාලට නම් පොලිස් කොමිසම හරි තිබෙනවා. නමුත් ගම්වල අසරණ මිනිසුන්ට? (නි)
නිදහස් අධ්‍යාපනය උසස්පෙළ දක්වා පමණක් සීමාවිය යුතුයි. ලෝකයේ රටවල් 196 න් සෑම දියුණු රටකම පාහේ විශ්ව විද්‍යාලවල සිසුන් ඉගෙනගන්නේ ශිෂ්‍ය ණය ක්‍රමයක් මත. රැකියාවක් ලද පසු එම ණය ගෙවනවා. මෙහිදී සිසුන්ට වගකීමක් තිබෙනවා. දෙමව්පියන්ට බරක් නැහැ. රටට බරක් නැහැ. දේශපාලකයින්ගේ පටු අරමුණු සඳහා කළ බොහෝ දේ වෙනස් කළයුතු කාලය දැන් ඇවිල්ලා. (නි)
පිස්සු නටන්න එපා ළමයිනේ (නි)
ලංකාවේ තමයි මේ හැමදේම! (නි)
බලමු, දැන්වත් මේ අයගේ මොළේ පෑදෙයිද කියලා? (නි)
අනේ දන්නේ නැති හින්දයි අහන්නේ. මේ අය මේ ඔක්කොම ඉගෙනගන්න කාලේ විතරනේ . කවුද ඉන්පස්සේ උද්ඝෝෂණ කරන්නේ? (නි)
මේ කණගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් මෙහි අදහස් පළකළ වාසු නම් තැනැත්තාත් ඊට උඩගෙඩි දෙන පුෂ්පකුමාරි නම් තැනැත්තියත් දියුණු රටවල අධ්‍යාපනය හා ශිෂ්‍යයන්ට ඇති පහසුකම් ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් ඇති අය බව පෙනෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව වැනි අර්ධ දියුණු රටක රැකියාවක් ලැබීමට උපාධිධාරියෙකුට ඇති ඉඩකඩ අවමවීම ශිෂ්‍යයන් අතර ඉච්ඡාභංගත්වය වැඩිකිරීමට එක් ප්‍රධාන හේතුවක්. (නි)
අනේ දරුවනේ ඔබලාගේ තරුණ කාලේ නේද මේ පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ? තියෙන විදියට ඉගෙනගෙන එළියට ඇවිල්ලා රස්සාවක් කරපල්ලකෝ. ලෝකේ දියුණු රටවල් වල විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මොකක් හෝ සුලු රැකියාවක් කරනවා තමන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සල්ලි හොයාගන්න. ඒ අයට මොකුත් නිකන් ලැබෙන්නේ නෑ. කොච්චර කෑගැහුවත් ලැබෙන්නේ නෑ. ඕ අය හම්බකරන් ඉගෙනගන්න ඕන. ඔබල මොන නාස්තියක්ද මේ කරන්නේ. අඩුම තරමෙන් ඉගෙන ගන්න එකාටවත් ඒක කරගන්න දීපල්ලා. ඔබලට මුලු ලෝකෙම වැරදි හදල එලියට එන්න බෑ ඔය අවුරුදු 4 න්. මුලින් ඕකෙන් එලියට ඇවිල්ලා හිටපල්ලා (අ)
සුසන්ත , වෙන රටවල පහසුකම් සැපයෙන්නේ ශිෂ්‍ය ගාස්තු අරගෙන කියලා දන්නේ නැද්ද? දියුණු රටවල කිසිම පහසුකමක් නිකම් දෙන්නේ නැහැ. රජයේ සේවකයා පවා බද්දට යටයි. සරසවි සිසුන් අර්ධකාලීන රැකියා කරලා සරසවි ගාස්තු සොයාගන්නේ. (නි)
රමණි : ඔයා කැමතිද ඔයාගේ ළමයෙක්ට දොස්තර කෙනෙක් වෙන්න ලක්ෂ 80ක් අරගෙන එන්න.නැත්තං බෑ කියනවට ? ඔහොම ආත්මාර්ථකාමී වෙන්න එපා.ඔයාට පුළුවන් උනත් දුප්පත් අම්ම තාත්තට එක ගෙවන්න බෑ.ඉතින් එයාලගේ ළමයට කොච්චර දක්ෂ වුණත් කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න බෑ. (අ)
සත්‍යා කියන්න අපේ රටේ කට්ටිය අයිස් ගහන්න ආණ්ඩුවේ රැකියා බදාගෙන ඉඳලා, වයස්ගතවෙනකොට පුද්ගලික අංශයේ රැකියාවක් සොයාගන්න කැමති නැති ඇයි කියලා. (නි)
මනෝජ් මහත්තය. මේ ගහන්නේ තමන් වෙනුවෙන් නෙවේ.හෙට එන පොඩි අය වෙනුවෙන්.අපිට ඉගෙන ගෙන යන්න පුළුවන්.එත් මේක විනාශ වෙන්න දෙන්න බැරි නිසයි මේ කෑ ගහන්නේ. කොච්චර හොඳට උසස් පෙළ සමත් වුණත් SIITM එකට නිකන් ඔබතුමගේ පුතාව ගන්නවද ? කැමතිද රාජ්‍ය අධ්‍යාපනයත් ඒ වගේ කරගන්න ? (අ)
ඉච්ඡාභංගත්වයට හේතුව හැටියට මට පෙනෙන්නේ ලොකු ලොකු තනතුරු බලාපොරොත්තුවීමයි. සුදුසු රැකියාවක් ලැබෙනතුරු සුළු රැකියාවක් කරන්න කැමති නැහැ. තමන්ගේ මේ උද්දච්ච ආකල්පය නිසා පත්වෙන පත්වෙන ආණ්ඩුවට බනිමින් ඉන්නවා හැරෙන්න වෙන වැඩක් නැහැ. (නි)
මටත් හරිම කනගාටුවක් දැනෙනවා ඇයි මේ දරුවන් මේ විදිහට හැසිරෙන්නේ කියලා. කාගේවත් අතකොළුවක් නොවී තම දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන් නොකර ඔබලාගේ අනාගතය අදුරේ නොවැටෙන්න වගබලාගන්න කියලයි ඉල්ලන්නේ. (ර)
වාසු කියන දේ හරි. (ර)
දියුණු රටවල ශිෂ්‍යයින් තමන්ම ගාස්තු ගෙවාගෙන තමයි ඔය පහසුකම් ලබාගන්නේ. (නි)
සත්‍යා, දියුණු රටවල ශිෂ්‍ය පහසුකම් නිකම් දෙනවා කියලා ඔයාට කිව්වේ කවුද? ගිහින් බලන්න ඒ රටවල ළමයි දුක්විඳලා පාට්ටයිම් රැකියා කරලා ගාස්තු සොයාගන්න හැටි (නි)
සමහරු ඉපදෙන්නේම මව්පියන්, නෑදෑයන්, අනෙක් මිනිස්සු සහ ආණ්ඩුව පහළවෙලා ඉන්නේ තමන් ඉල්ලන දේවල් අතට පයට සපයා දෙන්න කියලා හිතාගෙන. මෙහෙම කෙනෙක් සරසවියට ගියාම මානසික තත්වය තව දරුණු වෙනවා. (නි)
සත්‍යා, නොමිලේ වැඩි පහසුකම් සරසවි සිසුන්ට සපයන දියුණු රටක නම කියන්න. (නි)
සත්‍යා,නිකම් බොරු කියන්න එපා. අපි ජීවත්වෙන්නේ පිටරටක. මගේ ළමයා සරසවි ගාස්තු ගෙව්වේ ණයක් අරගෙන. එහෙමත් බැරි සිසුන් අර්ධකාලීන රැකියාවන් කරලා තමයි ගාස්තු ගෙවන්නේ. මෙහෙ සරසවි ශිෂ්‍ය පහසුකම් නිකම්ම පහළ වෙන්නේ නැහැ. (නි)
සත්‍යා, ඔයා සරසවි අධ්‍යාපනය ලැබුවේ දියුණු පිටරටක නම් ඔය ටික කිව්වට කමක් නැහැ. එහෙත් ඒක එහෙම නොවන බව කියා තිබෙන ටික දිහා බැලුවහම පෙනෙනවා. නිකන් ශිෂ්‍ය පහසුකම් සපයන රට මොකද්ද සත්‍යා? (නි)
ඉහත අදහස් ඉදිරිපත් කර ඇති සමහර අය මේ උද්ඝෝෂණය කරන සිසුන් දෙස ද්වේෂයෙන් බලන බව පෙනේ. ඔවුන්ගේ ප්‍රශ්න නොපමාව සොයා බලා විසඳීමට හවුල් වීම රජයේ සහ මහ ජනයාගේ යුතුකමකි. (ර)
සත්‍යා මෙහෙම පිටරටවල ඇති සිසුන්ගේ පහසුකම් ගැන කතාකිරීම හරිම වැරදියි. මෙයා කතා කරන්නේ හරියට ඒ දේවල් නොමිලේ පිනට පහළවෙනවා වගේනෙ. ඇත්ත ඇති සැටියෙන් නොපෙන්වන මිනිස්සු නිසා තමයි අද මේ තරුණ ළමයි අමාරුවේ වැටිලා ඉන්නේ. (නි)
කවුරු මොනවා කිවුවත් නිදහස් අධ්‍යාපනය රැකුනේ සිසු අරගල නිසා (නි)
ඔය අරගල නිසා තමයි මේ අයට පුද්ගලික අංශයෙන් රැකියාවක් ගන්න අපහසු වෙන්නේ. රාජකාරිය පැත්තකට දාලා එතනත් අරගල කරාවි. නැත්නම් මෙච්චර රැකියා ප්‍රශ්නයක් මේ රටේ නැහැ.(නි)
මේ උද්ඝෝෂණ කරන කට්ටියට තේරෙන්නේ තව අවුරුදු 20 ගියාමයි. දැන් කොච්චර කිව්වත් එයාලා හරි කියලා කියයි. එදාට තේරෙයි පාරේ නටන්නේ නැතුව ඉගෙනගත්තා නම් හොඳයි කියලා(නි)
සත්‍යා හරි. බටහිර දියුණු රටක සියලුම දරුවන්ට අධ්‍යාපනය නොමිලේ. සරසවි ගියාම. රජයෙන් දීමනා ලැබෙනවා අදායම් වැඩි පවුල් වලට ලැබෙන්නේ නැහැ. නමුත් මේ රටවල කෙටි කාලින රැකියා ළමයින්ට කිරීමට ඕන තරම් තියෙනවා. සමහරු කතා කරන්නේ විදේශ වලින් පිටරට ගිහින් ඉගෙනගන්න ළමයින්ට එම පහසුකම් නැති එක. එම රටේ පුරවැසියන්ට සියලු පහසුකම් ලැබෙනවා නමුත් ලංකාවේ දරුවෝ පිටරටින් අපු අය නෙවෙයිනේ. (ර)
අපේ රටේ මව්පියන් තමන් මියයනතුරුම, ළමයින් වයස 40 , 50 වුණත් උදේ තේ එක අතට දීලා රෙදි ටිකත් හෝදලා දෙනවා. ඉතින් මේ ළමයින් හිතන්නේ අනෙක් හැමෝම තමන්ට සේවය කරන්න මිසක් තමන් නිසි වයසට ඉගෙනගෙන පිළිවෙලක් වෙලා ඉන්න අවශ්‍ය නැහැ කියලා. පිටරටවල ළමයින් වයස 16 වෙද්දී නිදහස් කරනවා. ඉතින් ඒ ළමයින් අඩු වයසින්ම ජීවිතයේ වගකීම අරගෙන තමන්ගේ මුදලින් ඉගෙනගෙන, රැකියා සොයාගෙන පිළිවෙලක් වෙනවා. (නි)
කමල් මහත්මයා, මමත් මීට අවුරුදු විසිපහකට කලින් මේ විදියටම පාරේ උද්ඝෝෂණ කළා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, පුද්ගලික විශ්ව විද්‍යාල දමන එකට විරුද්ධව. එදා අපිට මේ වගේම ගැහුවා. මමත් හිරේ හිටියා. එහෙත් මම කවදාවත් ඒකට පසුතැවෙන්නේ නැහැ. අද මගේ දරුවා රජයේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගන්නවා. අපි එදා පාරට බැස්සේ නැත්නම් අද මේ දරුවන්ට මේ දේවල් නැතිවෙන්න තිබුනා. (නි)
ප්‍රතිචාර දැක්වූ උදවිය යථාර්ථය දැනගෙන කතාකළා නම් මීටවඩා වටිනවා (නි)
සිසුන්ට ජයවේවා! (නි)
සෙනෙවි අපි දිගට හරහට බදු ගෙවමින් යුතුකම ඉටු කරනවා. දැන් මේ සිසුන්ට යුතුකමක් නැද්ද තිබෙන පහසුකම් වලින් කලට වෙලාවට ඉගෙන ගෙන තමන්ගේ කාරිය ඉටු කරන්න. අපිට බැහැනේ මේඅයගේ නේවාසිකාගාරේ කටේ තියන්න බැරි කෑම වල ඉඳලා බස් ගාස්තුව දක්වා ප්‍රශ්න විසඳන්න. සියල්ල රටේ මිනිස්සු කරලා දෙන්න ඕන කියලා හිතන එකම කොච්චර ආත්මාර්තකාමිද ? (ස)
මෙි අදහස් දැමූ අය අය කවුරුවත් විශ්ව විද්‍යාලයක් ළඟින්වත් ගිහිල්ලා නැති, උපාධියක් ගන්න තියා අපොස සාපෙවත් සමත් නැති අය කියලයි මට හිතෙන්නේ. උගත්කමට උරුම දේවල් වෙනුවෙන් නැඟීසිටිය යුතුයි. එහෙම කළොත් තමයි ඊළඟට එන ශිෂ්‍යන්ට හරි නිදහසේ ඉගෙනගන්න ලැබෙන්නෙ. (නි)
මේ ළමයි මේවා කරලා නිකන් නාස්ති වෙනවා. මම වැඩකරන ආයතනයේ එක රජයේ විශ්ව විද්‍යාල ශිෂයෙක් නැහැ. එයාලව ගන්න කැමතිත් නැහැ. (නි)
තමන්ගේ කටින් වචනයක් පිටවෙන්න කලින් පොඩ්ඩක් හොයල බලල කතා කරන්න. මොකද දවසක ඕනෙම කෙනෙක් අසරණ වෙන, තමන්ට වෙන අසාධාරණය කියාගන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඔය සිසුන් ගිහින් ඉන්නේ ඒ ගොල්ලන්ට උන අසාදාරනයක් ප්‍රකාශ කරන්න. අැරත් වගකිවයුතු බලදාරීන්ට සියලුම විදියේ දන්වල දන්වල. දින 500ක් ලියුම් ලියල. (ස)
වාසු මහතාගේ කතාව හරි.මගේ අදහසත් එ්කමයි. (බ)
වසන්ත ඔබ වගේ අදහස් දාන 100ක් හිටියොත් සුන් ම තමයි. විශ්වවිද්‍යාලයට ගියේ ඔයා විතරක් නොවේ (බ)
ඔව් නිදහස් අධ්‍යාපනය සම්පතක් තමා, එත් සිසුන් ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැත්නම් අපේ දුප්පත් දුදරුවන්ට උපාධියක් ගන්න තැනක් මේ වෙද්දී අපේ වටිනා දේශපාලකයෝ නැති කරලා ගොඩක් කල්. ලක්ෂ 60ක් ගෙවලා උපාදියක් ගන්න පුළුවන් කී දෙනෙක් මේ රටේ ඉන්නවද? (ර)
මේ වැඩේ හොඳ නරක දෙකම තිබෙනවා. මේගොල්ලෝ මෙහෙම නොකළොත් අනාගත පරම්පරාවට කාගෙත් බෙරපදේට නටන්න වෙනවා. සමහර රටවල තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරවලා තියෙනවා, ඒ ඒ දේශපාලකයන්ට රට ඕනෑ ඕනෑ විදියට පාලනය කරන්නයි, හැමදාම බලයේ ඉන්නයි. මත්වූ තරුණ පරම්පරාවක් ඉන්න රටක උ්දඝෝෂණ නැහැ, ඉල්ලීම් නැහැ වගේම අනාගතයකුත් නැහැ. (නි)
අනෙක් රටවල ළමයින්ට උසස් අධ්‍යාපනයට , ආණ්ඩුවෙන් අතට පයට අපේ රටේ වගේ ලැබෙන්නේ නැහැ. ඉගෙනගන්න අතරේ කම්කරු රැකියා කරන්නේ. අපේ කට්ටිය වයස 40 වෙනතුරු අරක මේක ඉල්ලලා උද්ඝෝෂණය කරනකොට අනෙක් රටවල සරසවි සිසුන් වයස විසිඑකක්-දෙකක් වෙනකොට උපාධිය සම්පුර්ණ කරලා. (නි)
මාගේ පුද්ගලික මතය නම් අපේ නිදහස් අධ්‍යාපනය නුතන ලෝකයට ගැළපෙන ආකාරයට තවත් ශක්තිමත් කර වඩා ගුණවත් උපාධි, වැඩි පිරිසකට ලබාදීම මඟින් වැඩි ආර්ථික වාසි ලංකාවට ලබාගත හැකි බවය (නි)
වසන්ත, උගතා තමන්ගේ උගත්කම ගැන පම්පෝරි ගැසීම සහ අනුන්ගේ නූගත්කම ගැන පරිභව කිරීම යන දෙකම නොකරයි. ඔබෙත් මෙතන ලියන සෙසු වියත් පාඨක භවතුන්ගේත් වෙනස ඔන්න ඕකයි. (නි)
මෙයාලා මේ කරන ඉල්ලීම සාධාරන නැහැ. විශ්ව විද්‍යාලයේ උපාධි සහ එහි ගුණාත්මකහාවය අප රැක ගතයුතුයි. මම මෙය දකින්නේ පදනමක් නැති දේශපාලන අතකොළු ඉල්ලීමක් ලෙසයි. (නි)
දිනිඳු, අපේ රටේ උසස් අධ්‍යාපනය ලබන්නේ මොකුත් කර කියාගන්න බැරි අයද? අනෙක් රටවල ළමයින්ට ඔය ලක්ෂ ගණන් වියදම් ගෙවල් වලින් ලැබෙන්නේ නැහැ. අපේ කට්ටියට හැම දෙයක්ම අනෙක් මිනිස්සුයි ආණ්ඩුවයි කරලා දෙන්න ඕනෑ. (නි)
ගුටිකෑවාට පසුව නම් ටිකක් විනීතව හැසිරෙන බව පෙනෙනවා. (නි)
මේවා ස්වාභාවිකයි. තරුණ කාලය ආවේගාත්මකයි... (නි)
රැකියාවකට ගියත් මෙච්චරයි. යුතුකම් නැහැ අයිතිවාසිකම් විතරයි. රාජකාරි වැඩ පැත්තකට දාලා ස්ට්‍රයික් කරයි. පුදුමයක් නෙමෙයි පුද්ගලික අංශය යන්තම් උසස්පෙළ සමතුන්ට වැඩ පුහුණුකර රැකියා වලට බඳවා ගන්න එක. (නි)
සමීර, ඔබ වගේ අය ඒ කාලේ කළ නිසා තමයි අපේ රට මේතරම් තත්වයකට වැටුනේ. ඔබගේ පුතා රජයේ දොස්තර කෙනෙකු වීම ඉතා හොඳයි. නමුත් වැරැද්ද ඒ දොස්තරතුමාම අවසානයේ පෞද්ගලික සායන පැවැත්වීමයි. පිටරටවල ගොස් නැවත නොඒමයි. ඒ මදිවාට තව ළමයෙකුට පෞද්ගලිකව ඉගෙනගෙන දොස්තරවරයෙකු වීමට විරුද්ධ වීමයි. (නි)
සිසුන් දැන්වත් තේරුම් ගත්තද දන්නෙ නැහැ තමන් කළ දේ තිබෙන බරපතළකම? (නි)
නිදහස් අධ්‍යාපනයට කණකොකා හඬලන්න පටන් අරගෙන තියෙන්නේ. අනෙක මේක අද ඊයේ වුණ දෙයක් නොවේ. ජනගහණය වේගයෙන් වැඩිවෙනවා. පාසල් ඊටත් වේගයෙන් වැසෙනවා. තිබෙන පාසල් සංවර්ධනය වෙන්නේ නැහැ. අන්තර්ජාතික පාසල් හතු පිපෙන්නාක් මෙන් බිහිවෙනවා. එදාවේල සොයාගෙන ජීවත්වෙන අප රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ දරුවන්ට අත්වෙන ඉරණම හිතා ගත නොහැකියි. (නි)
ඉවසීමෙන් වැඩ කරන්න දරුවනේ (නි)
වසන්ත, මෙතන ඉන්න උගත්තු තමන්ගේ උගත්කම ගැන කෑගහන අය නෙමෙයි. (නි)
මෙතන තිබෙන අදහස් සියල්ල මම කියෙවුවා. මට අවශ්‍ය දේ කියවී ඇති නිසා කිසිම අදහසක් නොදක්වා ඉන්න හිතාගත්තා (නි)
පද්මිණි, ඔයා මොන රටේද ඉන්නේ? මම ඉන්න දියුණු රටේ නම් ඔය කියන විදියේ නොමිලේ අධ්‍යාපනයක් නැහැ. නිකම් බොරු කියන්න එපා. (නි)
වසන්ත ඔයගොල්ලන් උරුම කම් ගැන කතා කරනවා.අපේ කරුමය තමයි පන යන කන් ආදායම් බදු ගෙවමින් , ඉගෙන ගන්න වැඩේ වත් හරියට කරගෙන පිළිවෙලක් වෙන්න අකමැති පරපුරක් නඩත්තු කරන්න සිදු වීම. (ස)
වසන්ති, ඔයා ඉගෙනගත්තේ පුද්ගලික බුදලයකින් නම් ඔහොම කතා කරන්න. මේ රටේ සරසවි අධ්‍යාපනයක් නොලැබුනත් වෘත්තීය විභාග සමත් රැකියා කරන අයගේ බදු මුදල් තමයි නිදහස් අධ්‍යාපනයට යොදාගන්නේ. මම උදේහවා ආයතනයට කඹුරා රජයට බදු ගෙවන කෙනෙක්. ඒ නිසා සමහරු වගේ මගෙන් රටට බරක් නැහැ. (නි)
මේ තරුණ තරුණියන් අතරින් තමයි අනාගතයේ නායකයන් බිහි වන්නේ. (ර)
මේ ඉන්න ලොකු ලොක්කෝ සරසවියේ ඉන්න කාලෙත් මෙහෙම සටන් කල බව අමතක කරන්න එපා. (ර)
නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය අපේ ශ්‍රී ලංකාවේ නමට පමණි වෙන රටවල තියෙන පහසුකම් පොඩ්ඩක් හොයල ඉන්න කොමෙන්ට් කෙරන්න ඉස්සෙල්ලා (බ)
අනේ මේ වසන්ත, එතකොට ඔය නිදහස් අධ්‍යාපනය ලැබුනේ ගෙවල්වල සල්ලි වලින්ද? මතක තියාගන්න. පුද්ගලික ආයතන වල උසස්පෙළ සමත් පියන් පවා බදු ගෙවලා උගතුන්ගේ අධ්‍යාපනයට හවුල් වෙනවා. මෙහෙම ගුණමකු කතා කියන ඔබ වගේ මිනිස්සු මඟදී පොලිසියෙන් ගුටිකන එක පුදුමයක් නෙමෙයි. එතනත් කට කැඩිච්ච කතා කියන්න යන්න ඇති. (නි)
මේ අදහස් දාන සමහර කට්ටිය හරියට ළිං මැඩියෝ වගේ. දන්නේ තමන් ඉගෙනගෙන තිබෙන ටික විතරයි. ටිකක් ශිෂ්‍යයින්ගේ පැත්තෙනුත් හිතන්න. (නි)
මේ ළමයින්ගේ විරෝධතා වලට බැටන් ප්‍රහාර වලින් පිළිතුරු දෙන්න යනවා නම් එයට විරුද්ධවීම අප සැමගේ යුතුකමක් ලෙසයි මම නම් දකින්නේ. (නි)
කිව්වත් වගේ වසන්ත කොහේ තිබෙන උරුමයක්ද ඕක? අපි මෙහෙ හම්බකරන සොච්චමෙන් බදු ගෙවලා තව මේ වගේ කතාත් අහන්න ඕනෑද? (නි)
එතකොට අපිට විතරයි යුතුකම් ලුම්බිණි. මේ කලහකාරී සිසුන්ට අයිතිවාසිකම් එහෙමද? (නි)