
(ගයාන් සූරියආරච්චි)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. 31 සහ පෙබරවාරි 1 වැනි දා දිනවල පස්වරු 6.30 සිට මෙම රථවාහන සැලැස්ම ක්රියාත්මක වේ.
රාමනායක මාවත, පාර්ක් වීදිය, ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය දක්වා පෙරහර පෙළගැස්වීම සිදුකෙරේ.
ඒ අනුව පෙරහර පෙළගැසෙන අවස්ථාවේදී ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත හුණුපිටිය වැව පාර හන්දිය, ධර්මපාල මාවත, පාර්ක් වීදිය හන්දිය සහ කොල්වින් ආර් ද සිල්වා මාවත (යුනියන් පෙදෙස) හයිඩ්පාර්ක් කෝනර් හන්දියේ ගමනා ගමනය සීමා කරන බව පොලිසිය කියයි.
පෙරහර වීථි සංචාරය කරන අවස්ථාවේදී බේබෘක් වට රවුමෙන් ජිනරතන මාවතට ඇතුළුවීම, සර් ජේම්ස් පිරීස් මාවත, ජිනරතන මාවත හන්දියෙන් ජිනරතන මාවතට පිවිසීම, හුණුපිටිය වැව පාර ඩබ්.ඒ.ඩී. රාමානයක මාවත හන්දියනේ එම මාවතට පිවිසීම හා හුණුපිටිය වැව පාර දෙසට ඇතුළුවීමත් ඩබ්.ඒ.ඩී. රාමානායක මාවත සර් ජේම්ස් පිරීස් මාවත හන්දිය, පිත්තල හන්දියෙන් සර් ජේම්ස් පීරිස් මාවතට ඇතුළුවීම, බොයිඩ් පෙදෙසින් සර් ජේම්ස් පීරිස් මාවතට ඇතුළුවීම සීමා කෙරේ.
එමෙන්ම පෙරහර මාවත අල්විස් පෙදෙස හන්දියෙන් සර් ජේම්ස් පිරීස් මාවත දෙසට ඇතුළුවීම, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් සර් ජේම්ස් පිරීස් මාවතට ඇතුළුවීම (නවම් මාවත හන්දිය දක්වා පදිංචිකරුවන්ට හා ආයතන හැර) ස්ටෙපල් වීදිය, අල්ටෙයාර් ඇවනිව් හන්දිය, මුත්තයියා පාර ස්ටෙපල් වීදිය හන්දියෙන් ස්ටෙපල් වීදිය දෙසට ඇතුළුවීම, ඩෝසන් වීදිය, බේබෘෘක් පෙදෙස හන්දියෙන් බේබෘක් පෙදෙසට ඇතුළුවීම, බේබෘක් වටරවුම දෙසින් ජනිරතන මාවතට ඇතුළුවීම, ලේක් ක්රසන්ට දෙසින් ජිනරත්න මාවතට ඇතුළුවීම, යුනියන් පෙදෙස ස්ටේපල්වීදිය හන්දියෙන් ස්ටෙපල්වීදියට ඇතුළුවීම සහ පාර්ක් වීදිය හයිඩ් පාර්ක් කෝනර් හන්දියෙන් බේබෘක් වටරවුම දෙසට ඇතුළුවීම ද සීමා කෙරේ.
ඒ අනුව සර් ජේම්ස් පීරිස් මාවත මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමේදී විකල්ප මාර්ග ලෙස කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසින් පැමිණෙන රථවාහනවලට යුනියන් පෙදෙස ලිප්ටන් වටරවුම ඔස්සේද සර් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත හන්දියෙන් දකුණට හරවා නවම් මාවත ඔස්සේ ගමන් කර නවම් මාවත උත්තරාන්නද මාවත හන්දියෙන් වමට හැරී උත්තරාන්නද මාවත ඔස්සේ රොටුන්ඩා වටරවුමෙන් ලිබර්ටි වට රවුම දෙසින් ගමන් කළ හැකි බවද පොලිසිය කියයි.
එමෙන්ම පිත්තල හන්දිය දෙසින් පැමිණෙන රථවාහනවලට ධර්මපාල මාවත ඔස්සෙ ගමන් කර යුනියන් පෙදෙස ඔස්සේ ගමන් කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd