
( සිසිර ලලිත් කුමාර )
වියළි කාලගුණය හමුවේ කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ ජල මට්ටම පහත බැස ඇති අතර ඒ හේතුව නිසාම කඩදොර විහාරස්ථානයේ බුදු පිළිමයද ජලයෙන් මතුව ඇත.
මේ වන විට කඳුකරයට පවතින අධික වියළි කාලගුණය ජනජිවිතයට දැඩි බලපෑම් එල්ල කර තිබේ.
ප්‍රදේශ රැසක ජනතාව උග්‍ර පානිය ජල අර්බුදය කට ද මුහුණ දී සිටින අතර , ඔවුන්ගේ දෛනික අවශ්‍යතා වලට අවශ්‍ය ජලය සපුරාගැනීමේ අර්බුදයද දිනෙන් දින වැඩිවෙමින් පවතින බව ඔවුහු පවසති .
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම් වැඩි ප්‍රමාණයක් ඇති නවතිස්පනේ කටුගොල්ල වැනි ප්‍රදේශවල තිබූ ජලපෝෂක ප්‍රදේශ ගොඩ කිරීම වසර ගණනාවක සිට දැකිය හැකිය.
නවතිස්පනේ ,කටුගොල්ල වැනි ප්‍රදේශවල සිට ගලාගෙන යන දිය පහරින් කොත්මලා ඔය පෝෂණය වන අතර කටුගොල්ල සිට ගලාගෙන යන මාකඳුරා ඇලේ දිය පහර කොත්මලේ ජලාශය තෙක් ගමන් ගනී.
එහෙත් මේ වනවිට එම සියලු දිය දහරාවල ජලය අඩුවී ඇති අතර සමහරක් දිය ඇලි සිඳී ගොස් ගල් තලාව මතුවී තිබේ.මෙම ඇල දොල වලින් ගලාගෙන යන ජලය කටුගොල්ල ,හුණුගල් ඔය ,නවතිස්පනේ ,කිරිමැටියාව හරංගල වැනි ජනතාව සිය අවශ්‍යතා සඳහා මෙන්ම ඔවුන්ගේ මූලික ජීවනෝපාය වන තේ වගාව හා එළවළු වගාව සඳහා ද භාවිතයට ගනී.
පවතින වියළි කාලගුණය හේතුවෙන් එළවළු වගාව සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීමේ දැඩි අර්බුදයකටද ගොවිහු මුහුණ දී සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd