(ගයාන් සූරිය ආරච්චි)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රීන් නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් විසින් කළ දැනුම් දීමකට අනුව නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.