
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රවය යොදා බෝලයක් වැනි ආකාරයෙන් පාර්සලක් තනා වැලිකඩ කාන්තා රැඳවියන්ගේ බන්ධනාගාර පරිශ්‍රය තුළට විසි කිරීමට සූදානමින් සිටි පුද්ගලයකු ටි 20 වත්ත රේල් පාර අසලදී අත්අඩංගුවට ගත් බව සහස්‍පුර පොලිසිය සඳහන් කරයි.
එම පාර්සලය තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 250 ක් හොරෙයින් මත්ද්‍රවය ගෑම් 150 ක් දුම් කොළ ග්‍රෑම් 100 ක් ජංගම දුරකථනයක්, සිම්පතක් මෙන්ම විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ආගන්තුක පුද්ගලයකු වනාත මුල්ල ටී 20 වත්ත ප්‍රදේශයේ දුම්රිය මාර්ගය සැක කටයුතු ලෙස රැඳී සිටින බවට සහස්පුර පොලිසියට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් සහස් පුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවිර මහතා වෙත ලබාදීමෙන් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ මත්ද්‍රවය , ජංගම දුරකථනය , සිම්පත විද්‍යුත් හා තරාදිය අඩංගු කර සෙලෝටේප් යොදා බෝලයක් ආකාරයෙන් සකස් කරන ලද මත්ද්‍රව්‍ය පාර්සලය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
එම සැකකරු රැඳී සිටි ප්‍රදේශය වැලිකඩ කාන්තා රැඳවියන් රඳවා සිටින බන්ධනාගාරයේ පිටුපස කොටස පිහිටි ප්‍රදේශය බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd