කටුනායක (කොළඹ) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපොළ පමණක් නොව දෙවැනි ලෝක යුද්ධය සමයේදී රාජකීය ගුවන් හමුදාවේ ගුවන් තොටුපොළක් ලෙස ද සේවා සැපයීය. පසුකාලීනව ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක තත්ත්වයට පත් කරමින් මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ නමින් නම් කරන ලදි. ‘ස්ලීපින්එයාර්පෝට්ස්.නෙට්’ වෙබ් අඩවිය කියනුයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසියාවේ ඉතා නරකම ගුවන් තොටක් බවය.
එම ලැයිස්තුවට 2013 වසරේදී මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද මත්තල ගුවන් තොටුපොළ ද ඇතුළත් කළ හැකි වූ අතර ෆෝබ්ස් සඟරාව විසින් මත්තල ගුවන් තොටුපොළ ‘ලොව හිස්ම ගුවන් තොටුපොළ’ යනුවෙන් නම් කරන ලදි. මත්තල ගුවන් තොටුපොළ එම තත්ත්වයට පත්වීමට හේතු කිහිපයක්ම විය.
1. ගුවන්තොටට පැමිණෙන ජනතාවගේ ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට සැපයුම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම.
2. මත්තල ගුවන් තොටුපොළ ආශ්‍රිත ස්වභාවධර්මය ගුවන් ගමන්වලට බාධා එල්ල කිරීම. එමඟින් ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳව ද ගැටලුවක් මතුවිය.
කෙසේ වෙතත් මෙම ලිපිය මත්තල ගුවන් තොටුපොළ පිළිබඳ ලියන්නක් නොව කඩිනම් පියවර නොගතහොත් දරුණු අර්බුදයකට මුහුණ දීමට නියමිත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳවය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශ්‍රේණිගත කෙරෙන්නේ කෙසේ ද ?
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශ්‍රේණිගත කිරීම්වල පහළට යෑම පහත කරුණු හේතුවිය.
1. සනීපාරක්ෂාව පහත වැටීම, විශේෂයෙන්ම ගුවන් තොටුපොළේ වැසිකිළිවල සනීපාරක්ෂාව පහත මට්ටමක පැවැති අතර එම නිසා එහි පැමිණෙන බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වූහ.
2. මෙරට ආයතනවල පවතින සුපුරුදු වංචා දූෂණ ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලයෙන් ද සිදුවීම. ශ්‍රී ලාංකිකයෝ මේ තත්ත්වයට හුරුපුරුදුව සිටිති. එරෙහිව විරෝධයක් පැන නොනැගීමත් නිසා දූෂණ වංචා සමාජයේ සාම්ප්‍රදායික හා සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වීම ඊට හේතු ලෙස පෙන්වා දිය හැකිය. එහෙත් මෙහි පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයෝ ගුවන් තොටේ සිදුවන අල්ලස් ගැනීම්, වංචා නොඉවසති.
ගුවන්තොටේ සනීපාරක්ෂාව
අපවිත්‍ර වී තිබෙන ගුවන් තොටේ වැසිකිළි නානකාමර පිරිසුදු කිරීමත් එය නිරන්තරයෙන් සිදු කිරීමටත් පළමු කරුණය. එහෙත් ‘ස්ලීපින්එයාර්පෝට්ස්.නෙට්’ වෙබ් අඩවියේ මත විමසුමට සම්බන්ධවූ ලොව පුරා සංචාරකයෝ වෙනත් අවශ්‍යතා රැසක් ද බලාපොරොත්තු වෙති. ඒ අනුව යමින් ගුවන් තොටුපොළට පැමිණෙන සංචාරකයන්ට ප්‍රශ්නාවලියක් ලබා දීම මඟින් ඔවුන්ගේ අවශ්‍යතා මොනවාද, ඔවුන්ට පහසුකම් සැපයිය හැක්කේ කෙසේද යන ප්‍රශ්නවලට පිළිතුරු සොපයා ගත හැකි අතර සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා කුසපත් ඇදීම්, ත්‍යාග වවුචර පත්, බදු සහන දීමනා ආදී ක්‍රමවේද භාවිත කළ හැකිය. මෙම ක්‍රම ඔස්සේ ගුවන් තොටුපොළට පැමිණෙන සංචාරකයන්ගේ තොරතුරු එක්රැස් කරගත හැකිය. ඉන් අනතුරුව කෙරෙන විශ්ලේෂණයකින් පසු අවශ්‍ය පහසුකම් සපුරමින් ගුවන් තොටුපොළ සංචාරකයන්ට හිතකර තැනක් බවට පත්කිරීමට අවස්ථාව උදා වේ. මෙම තත්ත්වය සිංගප්පූරුවේ චැන්ගි ගුවන් තොටුපොළේ අත්විඳිය හැකි අතර එම ගුවන්තොටුපොළ 2016 වසරේ හොඳම ගුවන් තොටුපොළවල් දහය අතරට ශ්‍රේණිගත විය.
දූෂණ හා හිරිහැර කිරීම්
ගුවන් තොටුපොළ බලධාරීන් අවස්ථා රැසකදීම සංක්‍රමණික සේවකයන්ට හිරිහැර කළ බව පසුගිය වසරේදී වාර්තා වූ අතර ඊට එරෙහිව ගත් පියවර පලක් නොවීය. ලිපිය යන මා ද එවැනි හිරිහැර කිරීම්වලට ලක්වූ අතර මෙවැනි හිරිහැර කිරීම් දිගින් දිගටම සිදුවෙයි. සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටිමින් අල්ලස් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මට හැකියාවක් තිබුණද බහුතරයක් කාන්තාවන් වන අහිංසක සංක්‍රමණික සේවකයන්ට (විදෙස් ශ්‍රමිකයන්) එවැන්නක් සිදු කිරීමට හැකියාවක් නැති අතර එම නිසා ඔවුහු නිලධාරීන්ට විශාල වශයෙන් මුදලක් ගෙවති.
1. ගුවන්තොටුපොළේ විවෘතවම කාන්තාවන්ට හිරිහැර සිදුවීම
2. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ අවබෝධයක් නොවීම නිසා ගුවන් තොටුපොළට නිලධාරීන්ට අල්ලස් ගෙවිය යුතු යැයි පවතින මිත්‍යා විශ්වාස
3. රටට පැමිණීමට පෙර තමන් සේවය කරන රටේදී විවිධ තාඩන පීඩනවලට ලක්වීම නිසා හැකි ඉක්මනින් තම ආදරණීයන් බැලීමට සිටින සංක්‍රමණික සේවකයන් අල්ලස් දීමට පෙළඹීම ආදිය හැකිය. කෙසේ වෙතත් එම කරුණු නිසා නීතිවිරෝධී කටයුතු සාධරණීයකරණය කළ නොහැක.
බණ්ඩාරනයාක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ගුවන් තොටුපොළ නිලධාරීයකු අතින් ලිංගික හිංසනයට ලක්ව ප්‍රශ්න කිරීම්වලට ලක්වූ විදේශීය කාන්තාවක සිටින වීඩියෝ පටයක් පසුගිය කාලයේදී ප්‍රසිද්ධියට පත්වූ අතර එය ශ්‍රී ලංකාවට සිදු වූ කළු පැල්ලමකි. අවාසනාවකට මෙවැනි සිදුවීම් නිරන්තරයෙන් බණ්ඩාරනයාක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදුවන අතර වැරැදිකරුවන්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගත් බවක් වාර්තා නොවීය. එම නිසා වැරැදිකරුවන්ට නීතිය පියවර ගැනීම අනාගතයේදී එවැනි දෑ සිදුවීම වැළැක්වීමට හේතුවනු ඇත.
ගුවන් තොටුපොළේ නිරන්තරයෙන් සිදුවන අවකල්ක්‍රියා හා දුරාචාරවලට ඉහළ පෙළේ නිලධාරීන් ද වගවිය යුතුය. දුරාචාරවලට ඉහළ පෙළේ බලධාරීන් සම්බන්ධ නොවුවද ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා දිනෙන් දින ගුවන් තොටුපොළ ද ඇතුළුව රාජ්‍ය ආයතනවල සිදුවන අපරාධ, දුරාචාර වැඩි වී ඇත. එබැවින් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන නිලධාරීන්ට ද නීතිමය පියවර ගැනීම ඔවුන් වැරැදිවලට එරෙහිව හඬ නැගීමට හේතුවක් වනු ඇත.
මෙම අර්බුදවලට ගොඩ ඒමට ස්වාධීන විශේෂඥ සමාලෝචන ද අත්‍යාවශය වේ. බලයට පත්වූ වත්මන් ආණ්ඩුව විසින් පිහිටුවන ලද දූෂණ විරෝධී පෙරමුණ රට පුරා දූෂණ පිටුදැකීමට කටයුතු කරනවා මෙන්ම රටේ පිවිසුම් දොරටුව වන ගුවන් තොටුපොළේ සිදුවන වංචා දූෂණ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුය.
දේශපාලනික බාධා කිරීම්වලින් තොරව ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතරම ජනමාධ්‍යවේදීන්ට ද ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩකඩ ලැබී ඇත. එහෙත් විමර්ශනාත්මක ජනමාධ්‍යවේදයේ නිරතවීමට මෙරට මාධ්‍යවේදීන්ට අවශ්‍ය නිසි කුසලතා, දැනුම් හා අවබෝධය තිබෙනවා ද ? එම නිසා මෙරට පුවත් ජාලවලට නිසි විශේෂඥයන්ගෙන් සමන්විත පුද්ගලයන් බඳවාගැනීමේ වගකීමක් ඇත.
ඒ අතරම ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලයට මහජන සේවා ලබාදීමේ ආචාරධර්ම, රාජකාරීයේ යෙදි සිටියදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පුහුණුවක් ලබාදිය යුතුය. එමෙන්ම දුෂණ, වංචා හා අල්ලස් ගැනීම්වල යෙදුණහොත් ලැබෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් අවබෝධයක් දීම සඳහා ඔවුන්ට දූෂණ විරෝධී වැඩමුළු පැවැත්වීම ද සිදු කළ යුතුයි. එමෙන්ම බොහෝ වෙනස්කම් තාර්කිකව සිතා බැලිය යුතුය.
එමෙන්ම නීති විරෝධී කටයුතුවල යෙදෙන්නන්ට කිසිදු සමාවක් නොදී දඬුවම් දිය යුතු අතර එය අන් පිරිසට ආදර්ශයක් ගැනීමට ද හේතුවක් වනු ඇත. නීති කඩන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශය කරුණකි. එසේ නොමැතිව වංචා, දූෂණ, අල්ලස් ගැනීම්, දුරාචාර චක්‍රය නැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැත. වැරැදිකරුවන්ට අවස්ථා නොදී ගුවන් තොටුපොළේ සෑම ස්ථානයකම ආරක්ෂිත කැමරා සවි කළ යුතු අතර එමඟින් වැරැදිකරුවන්ගේ වැරැදි ඔප්පු කිරීමට සාක්ෂි ද ලැබෙනු ඇත. අවශ්‍ය ප්‍රතිපාදන ලැබනේනේ නම් ඇඳුම්වලට සවි කරන කැමරාද භාවිත කර , ඒවා නිලධාරීන්ගේ ඇඳුම්වලට සවි කළ හැකිය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිලධාරීන්ට ආචාරධර්ම, සේවය සැපයිය යුතු ආකාර, විනය තත්ත්ව පිළිබඳ පුළුල් හා කාර්යක්ෂම පුහුණුවක් දිය යුතුය.
වත්මන් තත්ත්වය හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සැලසුම් කළ සංවර්ධන කටයුතු
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අනුව වසර 30ක් පැරැණි ගුවන් පථයේ නඩත්තු කිරීම් ලබන වසරේ ජනවාරි 5 වැනිදා ආරම්භ වීමට නියමිතය. ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක වියදමින් කෙරෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මඟින් වසරකය මඟීන් මිලියන 12කට ආසන්න ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ලැබෙනු ඇතැයි වත්මන් ආණ්ඩුව අනුව බලාපොරොත්තු වෙයි. ගුවන් තොටුපොළ පුළුල් කිරීම රටේ සංචාරක කර්මාන්තයේ දියුණුවටත් ආර්ථික සංවර්ධනයටත් හේතුවනු ඇත. එහෙත් වර්තමානයේ පවතින දූෂණය, සනීපාරක්ෂව පිළිබඳ ඇති ගැටලු ආදිය ගුවන් තොටුපොළේ පුළුල් කරන කොටස්වලටත් ගමන් කළ හැකිය.
පසුගිය කාලයේදී සිටි බොහෝ නායකයන්ගේ අනුවණ ක්‍රියාකාරකම් නිසා මෙරට ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය අර්බුද රැසකට මුහුණ දී සිටියි. ඉහළ අපේක්ෂා සහිතව කරන ලද ව්‍යාපෘති නිසාවෙන් වත්මන් තත්ත්වය, නැතිනම් ගුවන් තොටුපොළේ අව තත්ත්ව සැඟවී ගිය බවක් පෙනෙන්ට ඇත. ගුවන් තොටුපොළේ සනීපාරක්ෂාව ඉහළ දැමීමටත් දූෂණ, වංචා හා අල්ලස් ගැනීම් මුළු මනින් තුරන් කිරීමට හෝ අවම කිරීමටත් කඩිනම් පියවර ගත යුතුය. ඒ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වන්නේ නැත. එබැවින් මීළඟ වාර්ෂික ඉලක්ක වෙත ගමන් කිරීමට පෙර කුඩා ගැටලුවලට උපායමාර්ගික විසඳුම් සෙවිය යුතුයි.
හිතන්න, හඳුනාගන්න සහ ක්‍රියාකරන්න
අප පාසල් යනවිට නිල ඇඳුමේ සිට සෑම දෙයකම නීති රීති රැසක් තිබුණි. එහෙත් අපි වැඩිවියට පත්වන විට පෙනුමෙන් පුද්ගලයකුගේ තීරණ ගැනීම කළ නොහැකි බවත් පෙනුමෙන් කෙනෙකු පිළිබඳ තීරණ ගත නොහැකි බවත් තේරුම් ගත්තෙමු. එහෙත් පළමු හමුවීම් බොහෝ දේ තීරණය කරන බවත් එය දිගු කාලීන බලපෑම් එල්ල කරන බවත් අප තේරුම් ගත යුතු සත්‍යයකි. එබැවින් රටක ප්‍රධාන ගුවන් තොටුපොළ රටකට පිවිසෙන ස්ථානයයි. රට තුළට පිවිසීමට පෙර සංචාරකයන් දකින්නේ රටේ ගුවන් තොටුපොළය. එහි ස්වභාවය අනුව සංචාරකයෝ රටේ අභ්‍යන්තරය පිළිබඳ තීරණයක් ගැනීමට නිතැතින්ම පෙළඹෙති. එම නිසා අප විසින් මේ කරුණු පිළිබඳව තාර්කිකව හා ප්‍රායෝගිකව සිතා බලා ප්‍රමාද නොවී අපේ ගුවන් තොටුපොළ සංචාරකයන්ට හිතකර ලොව හොඳ පණිවිඩයක් ගෙන යන ස්ථානයක් බවට පත්කරගැනීමට කටයුතු කරමු.
රාහුල් සමරනායක විසිනි
ඬේලි එෆ්.ටී පුවත්පතේ පළවු ලිපිය සිංහලට සකස් කළේ හර්ෂණ තුෂාර සිල්වා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ වැඩකරන අය බොහොමයක් හරිම ආඩම්බරකාරයෝ කිසිම ගරුසරුවක් නැහැ ළඟදී අරාබි රටවලින් රැගෙන එන ඇපල් ගෙඩි පවා මේ නිලධාරීන් ගන්න පුරුදුවෙලා මෙය අපේ රටට හරි ලජ්ජා කාරණයක් මේකේ වැඩකරන පරණ අය අයින්කර අලුත් උපදිධාරීන් බදවාගත යුතුය (බ)
අපි නිවාඩුවකට ලංකාවට යනකොට පයගහන පළවෙනි ස්ථානය තමයි මේ. අනෙකුත් පහසුකම් කෙසේවෙතත් හඳුනන්නෙක් නොමැතිව ගියෝතින් හෝ නිලධාරියෙකුගේ අතමිටට කිසිවක් නොදුන්නොත් විශාල අපහසුතාවයකට මුහුණ දෙන්න සිදුවෙනවා. රට ගැන ඇති අප්‍රසාදය පටන්ගන්නේ එතනින්මයි. (නි)
මෙය ඉතා වැදගත් ලිපියක් . හැම මාස තුනකට වරක් මම පෞද්ගලිකවම අත්විදිනවා (බ)
ඉමිග්‍රේෂන් කවුන්ටර් වල මුහුණේ හිනාවක් නැති අය ටිකක් අයින් කරලා, හොඳ ප්‍රියමනාප පෙනුමක් තියන, ආචාරශීලි නිලධාරින් ටිකක් දාන්න. දැන් ඉන්න අයගේ මුහුණේ ලේ කඳුලක් නැහැ (නි)
පසුගිය අගෝස්තු මාසයේ කටුනායක ගුවන්තොට හරහා ගියෙමි. වැසිකිළියට ඇතුළුවූවිටම දුඟදක් දැනුනි. පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේ අතපසුවිමක්දැයි බලනවිට සනීපාරක්ෂක සේවකයාද ඒ අසලම සිටියේය. මෙයින් ගම්‍යවන්නේ මානව සම්පත්වල අඩුවක් නැති බව සහ අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග වල අඩුවක් ඇතිබවයි. අත සෝදාගත්විට පිසදාගැනීමට ටිෂූ තිබුනේ නැත. පසුව සනීපාරක්ෂක සේවකයාගෙන් ඉල්ලාගත්තෙමි. ඉන් පැහැදිලි සම්පත් වලද අඩුපාඩුවක් නොමැති බවයි. නමුත් මානව සම්පත් හා අනෙකුත් සම්පත් කළමනාකරණයේ ලොකු අඩුපාඩුවක් ඇත. (නි)
ගුවන් තොටුපලේ වතුර නැති වැසිකිලි පාවිච්චි කිරීමේ දී ඉතා අපහසුවට පත් වන බව මේ තීරණ වලට මුල් වන අයට අවබෝධ විය යුතුයි. (ම)
විදේශික ගුවන් තොටුපළ වල අපි නිරතුරුව දකින්නේ පිරිසිදු කිරීම් සහ ඒවා පවත්වාගෙන යාම්ය. එ්ත් අප රටේ ගුවන් තොටුපළේ එසේ නොවේ. බොහෝ සේවක සේවිකාවන් තම වැඩ පසෙක තබා කරන්නේ මගින්ගේ පෙනුම සහ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ගැන බලා සිටීමය. (නි)
දැන්වත් ඇස් ඇරුනොත් හොඳයි (නි)
පෝටර් වරුන් ද ඇතැම් විට විදේශීය ගුවන් මගීන්ගේ ලියකියවිලි පරීක්ෂා කරයි. එය හාස්‍යය ගෙන දෙන දෙයක්. තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වල සේවකයින් රටට පැමිණෙන මගීන්ව පසුපස හඹා ගොස් කරදරකාරී ලෙස ශීතකරණයක් හෝ රුපවාහිනී යන්ත්‍රයක් අරගෙන දෙන ලෙස කරදර කරයි.මේවා අශෝභන දේවල්ය. (බ)
කවුන්ටරවල මුහුණ ඇදකරගෙන පුපුරා පුපුරා රට ඉඳන් එන විදේශිකයන් දෙස තරහෙන් වගේ බලන නිලධාරීන් ටික ඉස්සෙල්ලම ඉවත් කළොත් ගුවන්තොට ඉබේම ලස්සන වෙයි (බ)
විදෙස් රැකියාවලට යන අයට රජයෙන් රකෂණය දියයුතුයි මොකද රටට ලැබෙන විදේශ විනිමය (බ)
ප්‍රධානතම කරුණ හැටියට දැක්වියුතු දෙයකි කටුනායක පිහිටි නිදහස් වෙළද සංකීර්ණය. සියලුම මගීන් පැමිණීමේ ගමන් මාර්ගය මේ හරහා වැටී ඇති නිසා බොහෝ දුෂ්කරතා වලට මමද නිතරම මුහුණ දෙනවා. අනිකුත් රටවල්වල නිදහස් වෙළද සංකීර්ණ ඉතාමත් සිත්ගන්නා සුලු වන අතර එම වෙළද සේවක සේවිකාවන් කටුනායක මෙන් පසුපසින් පන්න පන්නා වෙළදාම් කිරීමක් දකින්නට නොමැත. ඒ වගේම අහිංසක කාන්තාවන් හා පිරිමින් රවට්ටා එම වෙළද සේවක සේවිකාවන් වටිනා විදුලි උපකරණ පිටතට පන්නා ගන්නා බව රෙගු නිලධාරීන් පවා හොදින් දන්නා කරුණකි.(බ)
සම්පූර්ණ ඇත්ත. ආගමන කව්ළුව පසුකළ මොහොතේ සිට මේක දෙල්කඳ පොළ වගේ, මුලින්ම ඩියුටි ෆ්‍රී කට්ටිය ඒ සාපුවෙන් බඩුගන්න කියාගෙන එනවා. එලියට යනකොට බැංකු වලින් කතා කරනවා ඒ බැංකුවෙන් සල්ලි මාරු කරගන්න කියල. ඊට පස්සේ කුලී රථ කට්ටිය පස්සෙන් එනවා.පාරට ගියාම ඩොලර් /දිරම් මාරුකරන්න තව කට්ටියක් අපේ පස්සේ. ඊලගට බඩු පටවල දෙන්න හදන තව කට්ටියක්. මේ සේරම අයගෙන් බේරිලා එන්න ඕන, ඒ අස්සේ පෝටිකෝවේ බෑග් හොරකම් කරන අය.(බ)
කතාව හරි ... දැන් එන සංචාරකයන්ට හරියට පහසුකම් ගුවන් තොටුපලේ නැහැ .... වෙන රටවල ගුවන් තොටුපළවල් දිහා බලනකොට අපිට හරි කණගාටුයි අපේ පාලකයෝ මොනවද මේ කරන්නේ කියල... (බ)
මෙය සිදුවන්නේ තමාට නියමිත වැඩකොටස නිසිලෙස නොකිරීමෙනි. ආණ්ඩුවට කවුරු ආවත් ලංකාවේ රජයට සම්බන්ධ ආයතනවල තත්ත්වය මෙයයි. (නි)
ඇයි ඩියුටි ෆ්‍රී එකේ එන්න හොරු? අනික තම නෑදෑයින් සමඟ යන්න එන පුද්ගලයින්ට ඉන්න වෙනම ස්ථානයක් හදන්න ඕනෑ. පිටතට පැමිණෙන බැංකු ආයතන පිහිටා තිබෙන ස්ථානයේදීත් ගමන් මලු කරත්ත හොරා ගන්නවා (නි)
අකාර්යක්ෂමතාව, අපිළිවෙල, අපිරිසිදුකම, නූගත්කම, මාන්නය, වනචරකම්, වංචාව මෙකී නොකී හැමදෙයකම සංකලනයක් තමයි කටුනායක ගුවන් තොටුපළේ ඇත්තේ. මොන ආණ්ඩු පත්වුණත් අශිෂ්ට නිලධාරීවාදය පිටුදකිනතෙක් මේ තත්වය වෙනස්වනු ඇතැයි සිතිය නොහැක (නි)
දුමින්ද, වගකියන්න ඕනෑ මුළු රටම. (නි)
මේ ලිපියට බොහොම පින්! (නි)
මෙම ගුවන් තොටුපළේ බොහෝ ආරක්ෂක නිලධාරීන්ට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ නොහැකි අපහසුතාවය නිසා ඔවුන් සංචාරකයින්ට ඉතා රළු බසින් අණකිරීම කරනවා. එවැනි ශ්‍රී ලංකාවට අපකීර්තිය ගෙනදෙන වේදනාසහගත අණ කිරීම් සිද්ධීන් රැසක් මම දැක තිබෙනවා (නි)
දැනට අවුරුදු 20 කට පෙර නොදියුණු මට්ටමක ඉන්දියානු ගුවන් තොටුපළවල් අද ඉතා දැකුම්කලු පෙනුමින් නවීන පහසුකම් සහිතව බැබළෙනවා. අපට තියෙන එකම ගුවන් තොටුපළවත් හරියට පාලනය කරගන්න බැහැ (නි)
දවසක් මම කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ ඉන්නකොට දැක්කා ඔය වගේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා මගීන් වෙත. සාරි එහෙම ඇඳගත් පිරිසක් තමයි එහෙම කළේ. නමුත් ඔවුන් ප්‍රශ්නාවලිය ඉදිරිපත් කළේ සුදු හම ඇති අයට පමණයි. ශ්‍රී ලාංකික ගුවන් මගීන් සහ අනෙකුත් ආසියානුවන් එහිදී නොසළකා හැරියා. ශ්‍රී ලාංකික හා අනෙකුත් ආසියාතික සංචාරකයින්ගේ අදහස් ඉතා වැදගත් විය හැකියි අපේ ගුවන් තොටුපලේ දියුණුවට (නි)
පහුගිය ආණ්ඩුව කාලේ වගකීම් බාරගන්න දාපු හොරු තමා මේවාට වගකියන්න ඕනෑ. (නි)
ගුවන් තොටුපළේ වැසිකිළි ඉතා අපිරිදු බව මීටපෙරත් වාර්තා වල පළවුණා. ඇමතිතුමාට බැරිද මෙම වැසිකිළි වල තත්වය සොයා බලන්න. (නි)
ගුවන් තොටුපලේ සංචාරක වාහන සේවාවන් මේ රටට පැමිණෙන විදේශිකයින්ට ප්‍රථමයෙන්ම රට පිළිබඳව කළකිරීමක් ඇති කරවනවා. මිල ඉතා අධික සේවාවන් නිසා බොහෝ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවුන බව පිටරැටියන් පවසනවා. (නි)
මගියන්ගේ මලු භාණ්ඩ සොරකමට ලක්වීම බොහෝ සුලභ සිද්ධියක් වීම නිසා ලංකාවේ නාමයට හානියක් වෙනවා. ගුවන්තොටුපලේ කැමරා ඇතත් සොරකම් සිදුවෙනවා. (ර)
පිළුණු වෙච්ච නිලධාරීවාදය හා සේවක දුෂණ ක්‍රියා කොනක සිට සුද්ද කරනවා විනා අතනින් මෙතනින් කෑලි කප කපා වැඩක් නැත. (ර)
අපිට කියන්න කණගාටුයි මෙය අපේ ජාත්‍යන්තර ගුවන් තොටුපළද කියලා. ගුවන් තොටුපළෙන් පිටවීමේදී හා ඇතුළුවීමේදී රාජකාරි කරන ආගමන විගමන නිලධාරීන් කටයුතු කරන්නේ ඒ අය තමයි ලොකුම නිලධාරීන් කියලා හිතාගෙනයි. සිනාවක් නම් දකින්න නැහැ. ඔය වගේ තැන්වලට යවන අයට ආචාරශිලිත්වය පිළිබඳ පුහුණු කළොත් වඩා හොඳයි. (නි)
මට පෙන්නන්න බැරි වාහනයයට නඟින්න එනකොටම කොහේදෝ ඉඳලා එකෙක් ඇවිල්ලා බෑග් එක බලෙන්ම වාහනයට දානවා, දාලා හිනාවෙලා ගාන ඉල්ලනවා. මේක මංකොල්ලයක් එළිපිට සිද්ධවෙන. (නි)
කතාව නම් ඇත්ත. (ර)
ගුවන් තොටුපොළ පග, දේශපාලන හෙංචයියන්ගෙන්, තැරැව්කරුවන්ගෙන් බේරාගත යුතුය. වහාම මේ ගැන සොයා බලන්න. (නි)
ඓර්පොර්ට් එකේ සේවය කරන සමහර සේවකයින් නිදිමත මලානික ව සේවය කරන අතර ප්‍රියමනාප බවකින් තොරය. කාර්යක්ෂම බවක් නොපෙනේ. වෙඩි දෙනෙක් බලාගන ඉන්නේ පඩියට අමතරව කීයක් හෝ සොයා ගන්න. (ර)
ලංකාවට පැමිණීමේදී අපටද පෙනී ගිය කරුණකි. (ර)
රටෙයි මිනිසුන්ගෙයි හැටියට තමා ගුවන් තොටුපළත්. (නි)
රට සංවර්ධයන නොකර පාලකයෝ තමන්නගේ බලය රැකගන්න එකිනෙකා කුලල්කා ගන්නවා. (ර)
කෙසේ කිවුවත් ආගමන විගමන නිලධාරින් කාර්යක්ෂමයි. නිලධාරින් රාජකාරි කරන්නේ පීඩනයකින් යුක්තවයි. කෑමට හෝ විවේක ගැනීමට නිවාඩුවක් ගැනීමට දුෂ්කරයි. සේවයේද ගැටලු බොහොමයි. හිනාවෙලා ඉන්න කියන ඔය ‘පොෂ්‘ මහත්වරු එක පැයක් මෙහි වැඩකර බලන්න. දොස් පවරන්නේ අඩුපාඩු ඇති අයයි. පිරුණු කළේ දිය නොසැළේ කියන්නේ ඒකටයි. (නි)
අපේ රටේ මිනිසුන්ගේ වැඩ. ගැන අහල බලන්න ඕන පිටරට ඉන්න අයගෙන්. මත්තල ගුවන් තොටුපල හැදුව හිතුවද එයින් වෙන විනාශය කොපමණද කියලා අසරණ සත්තු අසරණවුන එක , පරිසරය වටිනා ගහ කොළ, විනාශය. (ර)
සම්පුර්ණ ඇත්ත. (ර)
බලධාරිනි අපේ කටුනායක ගුවන්තොටුපලට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අත්වුණ ඉරණම අත්වීමට ප්‍රථම සොයා බලා නිසි පියවර ගන්න. (ර)
චතුරි මත්තලට බනිනවා. ඒ වුනාට දැන් කටුනායක හදන්නේ අපිටත් දෙවෙනි ගුවන්තොටුපොළක් තිබෙන නිසා නේද.? (ර)
මල්ලේ පොල් වන්න එපා චතුරි. මේ කියන්නේ කටුනායක ගැන. මාතෘකාවට අනුව කතාකරන්න. (ර)
මේකනම් සහතික ඇත්ත. (ර)
වැසිකිලිවල වතුරත් නැහැ. (ර)
අනේ බොරු බයිලා කියන්න එපා මලබාරියෙකුගෙන් අහල බලන්න කොතරම් හොඳද කියල (බ)
සම්පුර්ණ ඇත්ත. මා වැසිකිළියට ගියා. ජල කරාමය කැඩිලා. ජලය නැහැ. ගඳ ගහනවා. (නි)
ලංකාදීපයට ස්තූතියි! (නි)
ආගන්තුක සත්කාර අන්තිමයි. ගුවන්ගතවන පර්යන්තය වෙත යන්නේ සියලු පරික්ෂා වලින් පසුවයි. අවසර ලබාගැනීමට අතේ ගෙනියන දේ අමාරුවෙන් අරගෙන යනවා බලබල ගුවන්සේවිකාවක් පමණක් පටවාගෙන සුදු කාර්කරු ගුවන් තොටුපොල ඇතුලේ චාරිකා යනවා. මනුස්සකම බින්දුවයි (බ)
මමත් හැම අවුරුද්දෙම ජපානේ ඉඳලා නිවාඩුවට ලංකාවට එනවා. ගුවන් යානයෙන් බැහැලා ආගමන අංශයට ආවහම ටිකක් ලංකාව එපා වෙනවා. එතනින් එළියට ඇවිත් මොකක්හරි බඩුවක් ගන්න තීරු බදු නිදහස් කඩ වලට පොඩ්ඩක් එබුනොත් පිටකොටුවේ පේමන්ට් එක මතක් වෙන්නේ. එතනින් එළියට විත් රේගු අංශයට ආපුවම පුදුම කළකිරීමක් දැනෙන්නේ. (නි)
දකුණු ඉන්දියාවෙන් එන තුට්ටු දෙකේ සංචාරකයන්ටත් එක්ක හදපල්ලාකෝ වැසිකිලි. (බ)
ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් විදියට එහි නිලධාරීන් සහ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය ඉතාම පහළයි. (නි)
ජනපතිතුමනි, අගමැතිතුමනි, මේ ගැන ඉක්මන් පියවරක් ගන්න (නි)
මෙහි සේවය කරන සමහර සේවකයින් සේවය කරන්නේ ප්‍රියමනාප,කාර්යක්ෂමබවකින් තොරවයි. (නි)
වසර ගානක් අමාරුවෙන් හදාගන අා රට අවුරුදු දෙකෙන් නැත්තටම නැතිවෙලා (නි)
මා පසුගිය දිනවල සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්ත ගුවන් තොටුපළවල් හරහා සංචාරයක යෙදුනා. එම ගුවන් තොටුපළවල කාර්ය මණ්ඩල අපට ඉතාමත් සුහදව සේවාවන් ලබාදුන්නා. නමුත් ලංකාවේ කාර්ය මණ්ඩලය දැඩි පීඩනයක් මගීන් වෙත මුදාහරිනවා. ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළු වෙනකොටම රට ගැන නරක රූපයක් මැවෙන්න එ්ක ප්‍රභල හේතුවක් වෙනවා. (නි)
ඔක්කොම පාලකයන්ට බනින්නේ ඇයි? කවුද එ් අය තේරුවේ? තමන්ගෙ වැඩ කොටස හරියට කරන්නෙ නැතුව අනික් අයට බෝලය පාස්කරන එක වැරදියි (නි)
කලකට පෙර ඇතුළත කැමරා සවිකිරීමට එරෙහිව නිලධාරීන් උද්ඝෝෂණයක් කර එය නැවැත්වූ එකම, මෙහි කොපමණ දුෂණ වංචා අකටයුතු වෙනවාද යන්න මැනීමට ඇති. ඇයි පාලකයෝ බය ? (නි)
අදහස් දාල තියන මිනිස්සු ගැන දුකයි. අබ වපුරා තල ප්‍රර්ථනා කරන මෝඩ ශ්‍රීලාංකිකයෝ. (බ)
ඒත් ලංකාවේ වගේ රට දියුණු කරන්න වැඩකරන නිලධාරින්, දේශපාලකයින් ලෝකයේ වෙන කොහෙවත් නැහැනේ (නි)
ආගමන විගමන නිලධාරීන් දැකීම අප්‍රසන්න නම් ඒවෙනුවට ප්‍රසන්න පුද්ගලයන් යොදවන්න. ඔවුන්ගේ බඳවා ගැනීමේ ක්‍රමවේදයට අධ්‍යාපන සුදුසුකම් සෙනුවට , ප්‍රසන්න පෙනුමක් තිබීම, රූපලාවන්‍ය පාඨමාලාවක් කර තිබීම ඇතුලත් කරන්න. එවිට ඔය කියන විදියට ගැටළු ඇති නොවේ. ඔබේ ප්‍රකාශ ගැන දෙවරක් හිතන්න. ඔබට උදේ 9 සිට 4 දක්වා පැමිණෙන මිනිසුන් 1000 කට පමණ සුබ පැතීම කරන්න පුළුවන්ද. එක දවසක් නොවේ මාසෙට දවස් 20ක් පමණ. (බ)
දේශපාලන සුදුසුකම් මත පත්වීම් ලැබූ අයගෙන් ටික ටික අනිත් අයට බලපෑම විත් දැන් මුළු පළාතම වසාගෙන පැතිරී ගිහින්. දැන්වත් මේවා ගැන බලධාරීන් සොයා බැලුවේ නැත්නම් අන්තිමට ශ්‍රී ලන්කන් එක වහලා දැම්මා වගේ එයාර්පෝර්ට් එකත් වහලා දාන්න වෙයි. (නි)
කව්රු කොහොම කිවත් ගුවන් තොටුපළට ඇතුළුවීමේ සිට පිටවීම දක්වා සියලුම ක්‍රියාවලිය නිසා ලබන අත්දැකීම, කාලයකට පසු රටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට වගේම විදේශිකයන්ටද ශ්‍රිලංකාවේ ඉන්න ටිකට බොහෝ ප්‍රයෝජනවත් වෙන බව මගේ වැටහීමය. ගුවන් තොටුපළේ පමණක් නොව මුළු රටේම තත්ත්වය එය වීම එයට හේතුවයි. (බ)
ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ වැරදි තීරණ මේ සඳහා ප්‍රධානම හේතුවය. කලක් වැසිකිලිවල ෂවර් ගැලවී තිබුන. අපේ රටේ ගුවන් තොටුපොළේ අපේ රටේ ක්‍රමයට වැසිකිලි පාවිච්චි කරන්නවත් බැහැ. ගුවන් තොටුපොල හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක නිලධාරීන් මිනිසුන් බයකර මේවා ගෙනියන්න දෙන්න බැහැ කියලා බලෙන් සල්ලි ඉල්ලනවා. (බ)
ලෝකයෙන්ම පළමුවන ස්ථානය බවට පත්වීමට තරම් නගරයක් හිමි රටට වුණු දේ! (නි)
කතාව හරි. අන්තිම අපිරිසිදු තැනක්. (නි)
මුලින්ම ලංකාදීප කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වියයුතුයි ඉතාමත් වැදගත් ලිපියක් රටටම දැනෙන්න පළකිරීම පිළිබඳව.රටේ හදවතක් මෙන් සැළකෙන ගුවන් තොටුපොළක මෙවැනි වංචා දූෂණ සිදුවීම ලාංකිකයින් වන අප සැමටම අගෞරවයක් ලෙස සළකමි. අපේ රටේ සුන්දරත්වය දැක බලා ගැනීමට ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් මෙරට පැමිණෙන සංචාරකයිනට ගෞරවාන්විත සේවාවක් ලබාදීම එම බලධාරීන්ගේ වගකීමයි. මේ රටට ආදරයක් තිබෙන පුද්ගලයෙක්/රාජ්‍ය සේවකයෙක් කවදාවත් විදේශිකයෙක් ඉදිරියේ අපේ රට හෑල්ලුවට ලක්වන අයුරින් ක්‍රියාකරන්නේ නැහැ. මේ ලිපිය අදාළ ඇමැතිතුමාටත් දූෂණ විරෝධී පෙරමුණේත් දැඩි අවධානයට යොමුවිය යුතුයි. එපමණක් නොව අපේ රටේ ගෞරවය රැකගැනීමේ වගකීම සිතටගෙන කටයුතු කරන නිලධාරීන් පිරිසක් සේවයට බඳවාගත යුතුයි. (නි)
අපේ රටේ පුද්ගලික ආයතන කීපයක් හැරුනුකොට කිසිදු ආයතනයක ක්‍රමවේදයක් නැත. රාජ්‍ය ආයතන ගැන කතා කරලා වැඩක් නැ. කපටිකම, හොරකම, වංචාව, උඩඟුකම සහ වද දීම අපේ සමාජයේ විනාශයට හේතුවයි. බස් රථ අධික ශබ්ද සහිතව හිරිහැර වන ආකාරයට කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කරයි. රටේ නීතියක් ක්‍රියාත්මක නොවීම ජනතාවගේ වරද මිස දේශපාලුවන්ගේ වරදක් නොවේ. (බ)
සියල්ලටම පළමුව සනිපරක්ෂාවට ප්‍රමුඛත්වය දී පසුව කැමරා සවිකළ යුතු සෑම තැනකම කැමරා සවි කිරීමෙන් වැඩ ආරම්භ කළ හැකිය. (බ)
අනික ටිකක් අපෙත් වැරදි තියෙනවා නේද? මුළු ශ්‍රී ලාංකිකයන්ගේම ආචාරශීලී බවයි ඇගේ ශරීරයේ නැත්තේ..? බලන්න ඔබ කෙනෙකුට දොස් කියනවා එ්කාගේ මුනේ හිනාවක් ආචාරශීලී බවක් නැහැ කියල ? මේ චෝදනාකරන ඔබ කොහොම කෙනෙක්ද කියල හිතාබලන්න ..?නිවසෙන් ගමෙන් පටන්ගෙන නගරෙට යන්න ..? අපේ සංස්කෘතිය පිරිහිලා තියෙන්නේ අපි හැමෝගෙම වරදින් ..? අපි ඒ දෙය නැවත ඇති කිරීමට නම් අදම පටන් ගත යුතුයි අචාරශීලිත්වය අපි තුළ ..!මම හොදින්ම දකින දෙයක් තමයි ලංකාවට නිවාඩුවකට ආවාම වරදකට සුළු දේකට ..සමාවෙන්න හෝ සොරි ../තැන්ක්ස්/ ප්ලීස් ඒවා නැහැ ශරීරකුඩුවේ, අනුන්ගෙන් යමක් ආචාරශීලීව ඉල්ලගැනීමේ පුරුද්ද? ගෙදරකට ගියාම ගේ ඇතුලටම ගිහිල්ලයි අහන්නේ අහවලා ඉන්නවද කියල (බ)
බණ්ඩාර නිවැරදිය.
පැය 10ක 12ක ඉතා වෙහෙසකර ගුවන් ගමනකින් පසු ගුවන් තොටුපොළේ නිලධාරීන්ගේ අප්‍රසන්න මුහුණු දකිනකොට කළකිරෙනවා. (නි)
මුහුණේ ලේ කඳුලක් නැති අකාරුණික නිලධාරීන් වෙනුවට ටිකක් ප්‍රියමනාප අය දාන්න ඕනෑ (නි)
වගකීම කාගේ ගිණුමටද (බ)
ලංකාවේ ඉමිග්‍රේෂන් එකේ ඉන්න ඇතැම් නිලධාරීන්ගේ මුහුණු දැක්කහම ඇතැමෙක් කියනවා අායෙත් හැරිලා යන්න හිතෙනවා කියලා. ලංකාවේ ඇතුළේ කොච්චර හොඳට හෝටල් හැදුවත් වැඩක් නැහැ, මෙතන ඉන්න සේවකයන්ගේ හොඳ විනයක් නැතුව (නි)
මෙය 100%ක් ඇත්ත. ගුවන් යානයෙන් පිටවූ කෙනෙක් මුලින්ම ළඟාවන්නේ ආගමන විගමන කවුන්ටර වෙතයි. එහි සේවය කරන බොහෝ නිලධාරීහු ආචාරශීලීත්වය යනු කුමක්දැයි නොදනිති. ආගමන විගමන කටයුතු නිමවා එතනින් පිටතට පැමිණි විගස ඇත්තේ තීරුබදු රහිත වෙළඳ සැල්ය. ඒවායේ තැරැව්කරුවෝ ගුවන් මගීන් සිය වෙළඳසල් වෙත කැඳවා ගන්නට කරන තැරැව් කිරීම ලෝකයේ වෙනත් කිසිම රටක තීරු බදු රහිත වෙළඳසල් වල දකින්නට නැති දෙයකි. ඔවුන්ගේ තැරැව්කිරීමට භාජනය වන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් වුවත්, මෙය ගුවන් තොටුපලක දැකීමට ඇති ඉතා අප්‍රසන්න සහ අශෝබන දර්ශනයකි. ගුවන් තොටුපළේ වැසිකිළි භාවිතා කරන විදේශිකයන්ගෙන් එහි සනීපාරක්ෂක සේවකයන් කැඩුණු ඉංග්‍රීසියෙන් මුදල් ඉල්ලනු මම සියැසින් දැක ඇත්තෙමි. රේගු කටයුතු නිමවා පිටතට පැමිණෙන විට ඇති විවිධ බැංකුවල ශාඛාවන්හි නිලධාරීන්ද ගුවන් මගීන්ට සිය බැංකුවෙන් විදේශ මුදල් මාරුකිරීමට පැමිණෙන මෙන් තරඟයට තැරැව් කරති. ගුවන් තොටුපලේ පෝටර්වරුන්ගේ සේවය ලබාගැනීම සඳහා නියමිත මුදලක් නිර්ණය කර නැත. ඔවුහු හිතෙන හිතෙන ගණන් ඉල්ලා සිටිති. සියලු කටයුතු නිමවා පැමිණීමේ පර්යන්තයෙන් පිටතට එන මඟීන්ට ඊළඟට මුහුණ දෙන්නට වන්නේ පර්යන්තයේ පිටත හිඳ කුලීරථ සේවය ලබාදෙන්නට යෝජනා කරන හා බඩු ඔසවා වාහන වලට පටවා දෙන්නට ඉදිරිපත්වන තැරැව්කරුවන්ගේ කරදර වලටයි. අපේ රටට පිටින් පැමිණෙන සංචාරකයන් ගුවන් තොටුපළේදීම රට ගැන නරක ආකල්පයක් ඇතිකර ගැනීමට මේ කරුණු ඉවහල් වනබව අඩුතරමේ තීරණ ගන්නා නිලධාරීන් හා දේශපාලඥයන් කල්පනා නොකිරීම කණගාටුවකි. (නි)