
ඇමෙරිකන් රජයේ සේවා බාධාවකින් තොරව කරගෙන යෑම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් ට්‍රිලියන 1.2 ක වියදම් පැකේජයට අත්සන් තැබීය.
ඒ, ඊට අදාල පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය විසින් සම්මත කරගැනීමෙන් අනතුරුවය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වියදම් පැකේජයට අත්සන් තැබුවේ කොලොම්බියා ජනාධිපති ගුස්ටාව් පෙට්‍රෝ හමුවීමට පෙරය.
ප්‍රතිපාදන නොමැති වීමෙන් සහ මූල්‍ය පැකේජයක් සම්මත කර ගැනීමෙන් ඇමෙරිකා රජය අඩපණ වූයේ පසුගිය නොවැම්බරයේය.
කෙසේ නමුත් එම අවස්ථාවේදී තාවකාලික මූල්‍ය පැකේජයකට යෑමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් සෙනෙට් මණ්ඩලයත් එකඟ විය.
එම පැකේජය ද පසුගිය දා අවසන් වූ අතර යළි ඇමෙරිකන් රජය අකර්මණ්‍ය වීමේ අවදානමක් නිර්මාණය විය. කෙසේ නමුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය අතරේ පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසු මූල්‍ය අර්බුදය අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd