
(කාංචන කුමාර ආරිදාස)
දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලනය ස්වභාවයෙන් ඉවත් කොට වෙනම සමාගමක් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණයට සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරන බව ආර්ථික මධ්‍යස්ථානය වෙළඳසල් හිමියෝ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දුන්හ.
නැෂනල් ඇග්රි මාකට් ස්ර්විස් ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපිත කොට අධ්‍යක්ෂකවරුන් හත් දෙනකු පත් කොට දැනට කළමනාකරණ භාරයකින් පාලනය වෙන දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන පහක් මෙම සමාගම යටතට පත් කිරීම පිළිබඳව වෙළෙඳ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම සඳහා 31 දින පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී පැවැති සාකච්චාවකදී ඔවුහු මේ බව පැවැසීය
වෙළෙඳ වානිජ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි ,
ඒ අනුව විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල රාජ්‍ය ආයතන නිලධාරීන් මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කණ්ඩායම් සහභාගී වී සිටියහ.
මෙහිදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හා වෙළෙන්දන් අතර වාද විවාද උණුසුම් තත්ත්වයක් ඇතිවීම විශේෂත්වයකි.
ව්‍යාපාරික ප්‍රජාව සෘජුවම අමාත්‍යවරයාට සඳහන් කළේ මෙම වෙළෙඳ ව්‍යාපාර වසර තිහකට වැඩි කාලයක් වෙළෙන්දන් විසින් පවත්වාගෙන ආ ආයතන බවය, එමෙන්ම කිසිදු දැනුම්දීමක් සිදු කෙරෙන ආකාරයක් සහ ගිවිසුමක් ලිඛිත ලියවිල්ලක් කිසිවක් නොමැතිව එක වරම අමාත්‍යවරයාට අවශ්‍ය කණ්ඩායම් පත් කොට තම වෙළඳ ව්‍යාපාර ස්ථාන පාලනය කිරීමට කිසිසේත් ඉඩ ලබාදීමට ව්‍යාපාරිකයන් හැටියට අකැමැත්ත දක්වන බව ඔවුහු දැඩිව ප්‍රකාශ කළහ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd