(අංජුල මහික වීරරත්න)

ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශීතකරණ වල සහ වායුසමන ඒකකවල බහුලව භාවිත කරනු ලබන රසායනික සංයෝගයක් වන හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝ කාබන් මඟින් ඕසෝන් වියන ක්ෂය කිරීමේ සහ ගෝලීය උණුසුම් කිරීමේ ඉහළ විභවය හේතුවෙන් මොන්ට්‍රියෙල් සංධානය යටතේ හයිඩ්‍රොක් ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් ගෝලීය වශයෙන් ක්‍රමයෙන් ඉවත් කිරීම සිදු කරනු ලැබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාව ද 2030 වසර වන විට එම රසායනික ද්‍රව්‍ය මාලාව අදියරගතව ඉවත් කිරීමට බැඳී සිටී. ඒ අනුව, 2026-06-06 වන දින සිට බලපැවැත්වෙන පරිදි හයිඩ්‍රොක් ලෝරොෆ්ලෝරෝකාබන් සමඟ පමණක් ක්‍රියාකරන උපකරණ හා උපාංග ආනයනය තහනම් කිරීම සඳහා සහ 2028-01-01 වන දින සිට බලපැවැත්වෙන පරිදි උපකරණ සහ උපාංග සඳහා ශීතකරණ පද්ධතියේ සංරචකයක් භාවිත ලෙස කරනු ලබන හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරෝකාබන් සමඟ පමණක් ක්‍රියා කරන සම්පීඩිත ආනයනය තහනම් කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2026 අංක 04 දරණ ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අංක 2487/29 හා 2026-05-07 දිනැති අති විශේෂ ගැසට්‌ පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 

එම රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.