වසර හාරදහසකට පමණ පෙර මිනිසුන් ජීවත්වූ බවට හඳුනාගෙන ඇති වැලිගෙපොල ඉළුක්තැන්න ලුනුගල් ලෙනේ පුරාවිද්‍යා කැනීම් වලදී එම මිනිස් කොට්ඨාසය විසින් ආහාරයට ගන්නා ලද බව සැලකෙන ශාඛ කොටස් කිහිපයක් හමුවී තිබේ.
මෙම කැනීම් සිදු කරන මහාචාර්ය රාජ සෝමදේව මහතා පැවැසුවේ මෙම ඇට වර්ග හමුවීමෙන් පැහැදිලි වන්නේ ලුණුගල් ලෙනේ ජීවත්වූ මානවයින්ගේ සංක්‍රාන්ති සමයක් තිබු බවයි.
දඩයම් යුගයේ සිය කෘෂිකර්මික යුගයකට මෙම ගල්ලෙන වාසස්ථානය කරමින් ජීවත්වු මානවයින් ප්‍රවේශය ඇතැම් පෙනෙන බව මහාචාර්යවරයා කීවේය.
පුරාවිද්‍යා කැණිමේදී හමුවු ශාඛ ඇට වර්ග විද්‍යාගාර පරික්ෂණයට යොමු කිරීමට නියමිතව තිබේ. එමගින් එම බීජ වල කාල නිර්ණය කළ හැකි බවද මහාචාර්ය වරයා කීවේය.
ඉළුක්තැන්න ලුණුගල් ලෙන කැනීම් වලදී ගල් මෙවලම් දහස් ගණනක් හමුවී තිබේ. එම කැනීමෙන් හමුවෙන සාධක මෙරට ඉතිහාසයට නව අරුතක් ගෙන එන බව මහාචාර්යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්ගොඩ ප්‍රදේශයේ කළ කැණීම් වලින් සොයාගත් තොරතුරු වලින් පැහැදිලිවුයේ වසර 30,000 කට ඉහතදීත් දියුණු ජනාවාස මේ දුපතේ තිබුන බවයි. ප්‍රභූවරයෙකු ජීවත්වුවා යැයි සැළකෙන ශක්තිමත් අත්තිවාරමක් සහිත බිත්ති බැඳ ගොඩනැඟූ නිවසක් තිබු බවට සාධක ලැබී තිබියදී, වසර 4000 දී මේ බිමේ විසු මිනිස්සු සංක්‍රාමික අවස්ථාවක සිටිය යුතු වන්නේ නැහැ නේද? සමහරවිට වැදි සමාජයේ ආදී මුතුන්මිත්තන් ගල් ගුහාවල වාසය කරන අතර තවත් ප්‍රදේශවල දියුණු ජනාවාස පැවතුනා විය හැකියි. බොහෝවිට කුවේණි ඒ දියුණු ජනාවාස වල සිටි බලවතෙකුගේ දියණියක වුවා වියහැකියි. විජයගේ හා කුවේණිගේ දරුවන්ගෙන් වැද්දන් පැවත එනවා යන්න විශ්වාසයෙන් මඳක් තොරයි යන්න අපේ අදහසයි. (නි)
ඒ කාලෙත් ඡන්දයක්වත් තිබිලා අර අපේ ඡන්දයකදී වුණා වගේ ඇට බෙදුවද දන්නේ නැහැ? (නි)
සිරස ආදී මානවකයා නොව මානවයා ලෙස යොදමු නේද? (ම)