
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලුත් සමාගමකට බාල ගල් අඟුරු සපයන්න අවකාශය ලැබෙන ආකාරයට ආණ්ඩුව ක්‍රියා කර ඇතැයි ද දේශප්‍රේමී බව කියන ආණ්ඩුව හැසිරෙන්නේ මෙහෙමදැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
"සම්පත් බෙදා හදා ගැනීමේ ප්‍රතිපත්තිය පිළිගනිමින් රජය ඉදිරිපත් කරන ලද රෙගුලාසි පිළිබඳව අපගේ සහයෝගය පළ කරනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලික සමාගමකට යටත් වීමට හෝ අත්පත් කර ගැනීමට අවකාශය සලසන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවට සේවකයන් අතර සැකයක් ඇති වී තිබෙනවා.
ජාතික විගණන කාර්යාලය නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා 2022-2025 කාල පරාසයට අදාළව ගල්අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම සඳහා වූ විශේෂ විගණන වාර්තාවක් නිකුත් කරනවා.ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී අනුගමනය කළ යුතු කරුණු පිළිබඳව එහි සඳහන් වෙනවා.ගුණාත්මක බවින් යුතු ගල් අඟුරු සපයන්න පුළුවන් සමාගම් ලෝකෙ තියෙනවා.එසේ තිබියදී අලුත් සමාගමකට බාල ගල් අඟුරු සපයන්න අවකාශය ලැබෙන ආකාරයට ආණ්ඩුව ක්‍රියා කර තියෙනවා. දේශප්‍රේමී බව කියන ආණ්ඩුව මේ හැසිරෙන්නේ කොහොමද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඹබගේ අදහස් මෙහි ලියන්න