(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අවශ්‍ය වුණොත් හදිසි ගල් අඟුරු මිලදී ගැනීමකට යන්න කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

ගල් අඟුරු පිරිවිතරයන් 2023 දී වෙනස් කළා. එය කළේ අප නොවේ.ඒ නිසා ඇත්ත දැනගෙන බොරු කියන්න එපා.අප කිසිම පිරිවිතරයක් වෙනස් කරලා නැහැ.ඒ පිරිවිතරයන් පනවා ඇත්තේ ජාත්‍යන්තර අවශ්‍යතා මතයි.එසේ නැතුව ආණ්ඩු වල අවශ්‍යතාවයට නොවේ.2023 සිට  කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරව එක ගල් අඟුරු කැටයක් ලෝකෙ කොහෙටවත් විකුණලා නැති රෙජිමයේ ළඟම ඥාතීන්ගේ කොම්පැනියකින් සැපයීම ලබාගෙන තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.