IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


අභයගිරි සළපතල මළුවෙන් මතුවූ අගනා පුරාවස්තු

අනුරාධපුරයේ ඓතිහාසික අභයගිරිය ස්ථූපයේ සළපතල මළුව හා පේසා වළළු ආශි‍්‍රතව  දැන් සිදුකෙරෙන සංරක්‍ෂණ  කටයුතුවල දී පුරාවස්තු බොහෝමයක් හාමුවී තිබේ. ගතවූ මසක පමණ කාලය තුළ පුර්ණ  සළපතල මළුවේ ගල්පුවරු ගැලවීමේ දි ඊට  යටින් තිබී මෙම පුරාවස්තු හමුවූ බව  අභයගිරිය ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පවසයි. දින කීපයකට පෙර ස්ථූපයේ පේසා වළලූ අතර තිබී හමුවූ මංජුසාව මෙතෙක් අභයගිරියෙන් හමුවූ පුරාවස්තු අතරින් විශේෂත්වයක් ගනී. වර්ණවත්  ගල් ඔබ්බවා කැටයම් කරන ලද මෙම රන් මංජුසාව මිලිමීටර් 49 ක් උසින් හා මිලි මීටර් 39 ක විශ්කම්බයකින්  යුක්තය. එම මංජුසාවේ උඩු පියන ගලවා විවෘත කිරීමේදී ඒ තුළ බහා තිබු තවත් මංජුසාවක් හමුවී ඇති අතර එම මංජුසාව ද විවෘත කිරීමේ දී ඒ තුළ බහා තිබු තවත් මංජුසාවක් ද හමුවී තිබිණි. ප‍්‍රධාන මංජුසාවේ  පියනෙහි මැණික් බවට තවමත් සනාථ නොකෙරුණු වර්ණවත් ගල්හතක් ඔබ්බවා තිබේ. එම මංජුසාව තුළ බහා තිබූ අනෙක් මංජුසාව සමග මුතු පබළු යම් ප‍්‍රමාණයක්  සහ පුරාණ ලෝහමය කාසියක් හෙවත් හස්එබූකහපනයක්  හමුවී  තිබිණි. දෙවැනි මංජුසාව විවෘත කරන විට ඒ තුල බහා තිබු තවත් මංජුසාවක්  හමුවී ඇත. ප‍්‍රමාණයෙන් එය සුරයකට මදක් විශාලය. මහාචාර්ය කුලතුංග මහතා පවසන්නේ එම මංජුසාව තුළද යම් දෙයක් තිබිය හැකි බවයි. නමුත් එය විවෘත කළ යුත්තේ පර්යේෂණාගාරයක දී බව ඔහු පවසයි. දෙවැනි මංජුසාව තුළ බහා තිබු කුඩා මංජුසාවට අමතරව  රන් සුන්දු (රන්කුඩු) සහ මුතු පබළු යම් ප‍්‍රමාණයක්ද හමුවී තිබිණ. ප‍්‍රධාන මංජුසාව විවෘත කරද්දී හමුවූ ලෝහමය කාසිය, නැතිනම් හස්එබූ කහපනය (කාසියක්)  නිසා මහාචාර්ය, කුලතුංග මහතා පවසන්නේ  එම මංජුසාව ස්ථුපයේ පේෂා වළලූ තුළ නිදන් කළ කාලවකවානු  තීරණය කිරීමට පහසුවන බවයි. අභයගිරිය ස්ථුපය වළගම්බා  රජු විසින් ගොඩ නංවනු ලැබුවත් කි‍්‍රස්තු වර්ෂ දෙවැනි සියවසේ ගජබාහු රජතුමා ස්ථූපය නැවත ප‍්‍රතිසංස්කරණය කළ බව  ඉතිහාසයේ සඳහන් වන්නේ යැයි කී මහාචාර්යවරයා ස්ථූපය දැන් දක්නට ලැබෙන ප‍්‍රමාණයට විශාල කර ඇත්තේ  ඒ අවස්ථාවේ දී බවයි. හස්එබූකහපන ලංකාවේ පාවිච්චිය කි‍්‍රස්තු පුර්ව කාලයේ සිට කි‍්‍රස්තු පූර්ව කාලයේ සිට කි‍්‍රස්තු වර්ෂ දෙවැනි සියවස දක්වා සිදුවූ බව ඉතිහාසයේ සඳහන් වන නිසාත් ගජබාහු රජු එම කාලයේ ස්ථූපය සංරක්‍ෂණය කළ නිසාත් මහාචාර්ය කුලතුංග මහතා පවසන්නේ මෙම රන්මංජුසා එම අවධියේම නිදන් කරන්නට  ඇති බවයි. මෙම රන් මංජුසාවට අමතරව සළපතල  බැම්මේ ගල්පුවරු සංරක්‍ෂණ කටයුතුවලට ගලවද්දී තවත් නිදන් වස්තු බොහෝමයක් හමුවී තිබිණ.  පළිඟු කරඬු කොටස්, පබළු, වර්ණවත් ගල් වර්ග ඒ අතර ප‍්‍රධාන වෙයි. මෙම පුරාවස්තු හමුවු ස්ථූපයේ ඊසාන දිග කොටසේ සළපතල මළුවේ ගල්පුවරු ඉවත් කිරීමේ දී මීට දින විස්සකට පමණ පෙර හුණුගලින් නිර්මාණය කළ හිටි බුදු පිළිමයක් සහ සිරිපතුල් යුගලයක්ද හමුවී තිබිණ. මේ අනුව සළපතල මළුවේ එම ප‍්‍රදේශය  අතීතයේ විසූ බැතිමතුන් වන්දනාමාන කිරීමට හා පුදපූජා පැවැත්වීමට භාවිතා කර තිබෙන බව සනාථ වන බවත් එම බැතිමතුන් විසින් එම ස්ථානයේ නිදන් වස්තු තැන්පත් කරන්නට ඇති බවත් මහාචාර්ය කුලතුංග මහතා පවසයි. ඉදිරියේදී සළපතල මළුවේ හා පේසාවළලූවල සිදුකෙරෙන සංරක්‍ෂණ කටයුතුවලදී තවත් පුරාවස්තු  බොහෝ හමුවිය හැකි බවත් මහාචාර්ය කුලතුංග මහතා පැවසීය.

සටහන හා සේයාරූ - අතුල බණ්ඩාර
පරීක්ෂණ පවත්වන මහාචාර්ය කුලතුංග ඇතුළු පිරිස රන් මංජුසා දෙක එහි තිබූ රන් සුණු, රන් පත් හා මුතු පබළු මෙහි දැක්වේ



අදහස් (0)

අභයගිරි සළපතල මළුවෙන් මතුවූ අගනා පුරාවස්තු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 39 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 180 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2292 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site