(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චි ධර්මපුරම් ප්රදේශයේ පොලිස් අණ නොතකා ධාවනය වූ ලොරි රථයකට පොලිසිය මගින් වෙඩි ප්රහාරයක් එල්ල කළ බව ධර්මපුරම් පොලිසිය පවසයි.
ධර්මපුරම් පුලියන්පොක්කනෙයි අද (1) අලුයම මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇත.
මෙලෙස වෙඩි ප්රහාර එල්ල කර ඇත්තේ බලපත්ර නොමැතිව වැලි ප්රවාහනය කරමින් සිටි ලොරි රථයකට බව පොලිසිය සඳහන් කළේය.
පොලිසිය එල්ල කළ වෙඩි ප්රහාර ලොරි රථයේ පිටුපස ටයර් වලට වැදී ඇති අතර රියදුරු ලොරි රථය එම ස්ථානයේ දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd