IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


RMV ලොක්කෝ තුනක් දිනකට ලක්ෂ 40ක අල්ලස් අරන්

(මනෝප්‍රිය ගුණසේකර)

අප්‍රමාදීව වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු කරදීම වෙනුවෙන් මුල්‍ය ආයතන ඇතුළු මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට පැමිණී ජනතාවගෙන් එක් දිනක් තුළ අල්ලස් වශයෙන් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් ඉල්ලා ලබාගත් බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනකු අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගත්තේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාව‍ෙ සහකාර කළමණාකාරවරු දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසමට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරුවලට අනුව කාලයක් තිස්සේ කළ ආවේෂණ කටයුතු වලින් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අද (23) පස්වරුවේ කළ හදිසි වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

වාහන මිලදී ගැනීමේදී ‘ලීසින්’ පහසුකම් ලබාගැනීමට අවශ්‍ය වු විට වාහන ලියාපදිංචි කරදීම සහ පැවරීම් කටයුතු අප්‍රමාදීව කරදීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නිලධාරී්න් රාජකාරී කටයුතු කරගැනීම සඳහා එහි පැමිණෙන මහජනතාවගෙන් සහ මුල්‍ය ආයතනවලින් නිරන්තරයෙන් අල්ලස් ලබාගෙන පසුව ඒවා එහි සේවය කරන සියළු දෙනා අතර සමසේ බෙදා ගන්නා බවට අල්ලස් කොමිසමට ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව කාලයක් තිස්සේ ආවේෂණ කටයුතු කර ඇතැයි වාර්තාවේ.

 



අදහස් (2)

RMV ලොක්කෝ තුනක් දිනකට ලක්ෂ 40ක අල්ලස් අරන්

බයි සිතිවිලි Friday, 23 May 2025 08:00 PM

මේ NPP ආණ්ඩුවක් ඇවිල්ලා අපිට අපේ පුරුදු විදිහට වැඩ ටික කරගෙන ඉන්න නෑනේ...

:       4       19

Nalaka Friday, 23 May 2025 08:22 PM

පාස් පෝට් ඔෆිස් එකටත් ඔය වගේම ගේම් එක දෙන්න.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site