(ගයාන් සූරියආරච්චි)

වෙසක් පුර පසළොස්වක පොහෝ දින ඉකුත් (29) සහ (30) දෙදින තුළ රිය අනතුරු 19 කින් 24 දෙනකු මියගොස් ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.ඩී.ජේ. සේනාධීර මහතා පැවැසීය.

ඔහු ඒ බව පැවැසූවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා කියා සිටියේ පසුගිය වෙසක් දින දෙක තුළ මාර්ග රිය අනතුරු 19 කින් බරපතළ අනතුරු 29 ක්, සුළු අනතුරු 96 ක් සිදුව ඇති බවය.

එහිදී යතුරුපැදි 15 ක්, ත්‍රිරෝද රථ 3 ක්, ලොරි රථ 2 ක්, බස්රථ 2 ක්, කැබ්රථයක් අනතුරට ලක්වී ඇති බව කී සේනාධීර මහතා කියා සිටියේ පදිකයින් 13ක් මියගොස් ඇති බවය.

එහිදී යතුරුපැදිකරුවන් 7ක් මිය ගොස් ඇති අතර පසුපැදිකරුවකු මියගොස් ඇති බවද කී නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ පාපැදිකරුවකු ද මියගොස් ඇති බවය.