අලුත් දේශපාලන සංස්කෘතියට රාමසාන් ආදර්ශයක් මහජන මුදල් සහ රාජ්‍ය දේපළ විනාශ කරන අශිෂ්ට දේශපාලන සංස්කෘතියක් වෙනුවට අල්පේච්ඡත්වය සහ පරිත්‍යාගය සහිත අනෙකාගේ සංවේදනා හමුවේ සංවේදී වන සහකම්පනීය දේශපාලන සංස්කෘතියක් සහ පුරවැසි සමාජයක් ගොඩනැගීමට දරන උත්සාහයේදී රාමසාන් සමයේ භාවිතය මහඟු ආදර්ශයක් සපයනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාමසාන් දින පණිවිඩයෙන් පවසයි. 31 March 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 March 2025
දොස්තර කුඩු ගහද්දී මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඒවා පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක්දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. 31 March 2025
රාමසාන් උත්සවය අදයි ඉස්ලාමයේ අනුගාමිකයන් ප්‍රධානතම ආගමික උත්සවය වන රාමසාන් උත්සවය අද (31) දිනයට යෙදී තිබේ. 31 March 2025
ටොංගා අසල භූමි කම්පාවක්: සුනාමි අනතුරු පැසිෆික් සාගරයේ, ඕස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් ඔබ්බෙන් පිහිටි ටොංගා දූපත් සමූහය් අසල රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය 30 March 2025
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අප්‍රේල් 21ට පෙර කියනවා පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී අද (30)පැවසීය. 30 March 2025
නීතීඥ සංගමයේ නව සභාපති රජීව් අමරසූරිය දිවුරුම් දෙයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා දිවුරුම් දුන්නේය. ඒ අනුව නීතිඥ රජීව් අමරසූරිය මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස ඉතිහාසයට එකතු විය. 30 March 2025
චාමරගේ මෙට්ට සිහිනය බොඳ වේ මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනීමට මෙට්ටයක් දෙන ලෙස කළ ඉල්ලීම වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 30 March 2025
අනුර - මෝදි අතර ගිවිසුම් රැසක් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වික්‍රම් මිස්රි මහතා පසුගියදා ඉන්දියාවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 30 March 2025
’’2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව’’ නාමිනී සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ නාමිනී විජේදාස මහත්මිය ’’2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව’’ සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය. 30 March 2025
උත්සව සමයේ පරිස්සමින් උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 30 March 2025
පුටින්ගේ රථය පුපුරවලා? රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල වාහන බල ඇණියට අයත් යැයි විශ්වාස කෙරෙන ඕරස් සෙනට් මාදිලියේ ලිමොසීන් රථයක් මොස්කව්හි රුසියානු එෆ්.එස්.බී බුද්ධි සේවා මුලස්ථානය ආසන්නයේ නවතා තිබියදී පෙරේදා (29) පුපුරා ගොස් ගිනිගෙන ඇතැයි ’’ද සන්’’ පුවත්පත වාර්තා කළේය. 30 March 2025
පෑලියගොඩට වනාන්තරයක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර පෑලියගොඩ, කැලණි පාලම අසලදී අද ආරම්භ විය. 30 March 2025
නිධන් සෙවි කතක් ඇතුළු තුනක් මාට්ටු තලාතුඔය ,ගුරුදෙණිය උඩතැන්න මහවැළි බ්‍රිෂ් ගම්මානයේ නිවාස පරිශ්රයක විශාල උමගක් හාරා නිධානයක් ගැනීමට තැත් කළ බව කියන කාන්තාවක් සහ සැකකරුවන් දෙදෙනෙක් අද (30) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලීසිය කියයි. 30 March 2025
අධිකරණයට ගෙන ගිය සැකකරු පැන ගිහින් උහන පොලිස් ස්ථානයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනගිය සැකකරුවෙක් පොලිස් අත් අඩංගුවෙන් මිදි පලාගොස් ඇතැයි කියයි. 30 March 2025
පුනරුත්ථාපන රෝගියා පහර දී මරලා මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට අමානුෂික ලෙස අතින් පයින් සහ පොල්ලකින් පහරදීම හේතුවෙන් රෝහල්ගත කිරිමෙන් පසු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකරු වන කපුමහතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 30 March 2025
’’කතරගම ගෙදර’’ නඩුව ඉක්මනට කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේ ජන රැලියක දී පැවසීය. 30 March 2025
‘හිටපු අගවිනිසුරුට තනාපතිධුරයක් දීම අනියම් ආකාරයේ අධිකරණයට වූ බලපැමක්‘ හිටපු අගවිනිසුරුවරයාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තනාපතිධුරයක් ලබාදීම අනියම් ආකාරයේ අධිකරණයට සිදුවූ බලපැමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි. 30 March 2025
කල්ඉකුත් වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු පද්ධතියෙන් මකලා ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන 23.6කට ආසන්න කල්ඉකුත්වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් (PRONTO) විධිමත් අවසරයකින් තොරව භාණ්ඩ සමික්ෂණය සදහා ලබාදි තිබු මුරපද භාවිතා කර මකාදමා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි. 30 March 2025
ටිරාන් අලස් CID යට කැඳවයි හිටපු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. 30 March 2025
ලක්ෂ 30ක දුම්වැටි කටුනායකින් පන්නන්න බැරිවෙයි රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද(30 ) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 30 March 2025
ට්‍රාන්ස්ෆෝමර් තඹ වයර් කැපූ අයෙක් මාට්ටු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෝල්ට් 33000 විදුලි ට්‍රාන්ස්ෆෝමරවල තඹ සහිත වයර් කපා සොරාගන්නා කල්ලියක පුද්ගලයෙකු වයර් කපමින් සිටියදී අද (30) අත් අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි . 30 March 2025
මුදල් වංචාවකට නාවික සෙබළා අත්අඩංගුවට ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගිණුමකින් රුපියල් 2,420,162 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නාවික සෙබළෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි. 30 March 2025
මන්ත්‍රී බංගලා කුලිය ’’රිවර්ස්’’ මාදිවෙල මන්ත්‍රී බංගලාවල කුලිය තවත් වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 30 March 2025
අප්‍රේල් 8 දා සිට කැලිප්සෝ සංචාරක දුම්රිය නානුඔය දක්වා ලබන අප්‍රේල් 8 දා සිට සෑම අගහරුවාදා දිනකම කැලිප්සෝ දුම්රිය ධාවනය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 30 March 2025
පළාත් කීපයකට අදත් තරමක තද වැසි බස්නාහිර ,සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 March 2025
පාර්ලිමේන්තු සේවක දීමනා බරටම කපලා නව වැටුප් සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයන්හි දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තු සේවකයන් තුළ බරපතළ නොසන්සුන්තාවක් මතුව තිබෙන බව වාර්තාවේ. 30 March 2025
ලංකාවේ හැදූ සැමන් ප්‍රථම වරට රට යවයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ සැමන් තොගයක් ප්‍රථම වරට විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්රදානය අද (29) පුත්තලම - මදුරන්කුලියේ පිහිටි ඔෂන් ෆුඩ් කර්මාන්ත ශලාවේ දී පැවැත්විණි. 29 March 2025
මුස්ලිම් පාසල් වලට වැඩිපුර නිවාඩු දිනයක් රාමසාන් දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්‍රේල් 1 වැනි අඟහරුවාදා ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 29 March 2025
මැකෝගෙන් අපේක්ෂකයන්ට පණිවිඩයක් පළාත් පාලන මැතිවරණයේ වියදම් සීමා අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 29 March 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025