IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කැලණි ගඟ දෙපස අය ඉවත් කරන්න යයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර ආපදා තත්වය සම්බන්ධයෙන් අද සවස පැවති සාකච්ඡාවේදී කැලණි ගඟ ආශ්‍රිතව වෙසෙන පදිංචිකරුවන් ආරක්ෂාකර ගැනීම පිනිස වහාම ඉවත්වන ලෙස දැනුම් දෙන ලෙසත් එසේ ඉවත් නොවන්නන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් පොලීසියට දැනුම් දීමක් කළේය.

මේ වනවිට දිස්ත්‍රික්කයේ පවුල්17465 ක පුද්ගලයින් 71443 ක් අවතැන් වී ඇති බැවින් ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකොට ඇති අතර ඔවුනට අවශ්‍ය පිසු ආහාර ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් සැපයීම පිළිබඳවත්, අනතුරට ලක්ව සිටින පුද්ගලයින් බේරා ගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කරගැනීම ආදිය පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.

එසේම මීරිගම ආදී අවශ්‍ය ස්ථානවල පැන නැගී ඇති බෝට්ටු ගැටළු විසඳීමට පියවර මෙන්ම අවශ්‍යතාවය අනුව බෝට්ටු සහ අනිකුත් යන්ත්‍රෝපකරණ ආදිය සපයා ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව අද සවස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ , ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ සහ දිසාපති ලලින්ද ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී දිසාපතිවරයා සදහන් කර සිටියේ, අවතැන්ව සිටින ජනතාව වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණවත් ප්‍රතිපාදන පවතින අතර අවශ්‍ය වුවහොත් තවදුරටත් ප්‍රතිපාදන ලබා ගත හැකි බවය.එසේම කැලණි ගඟ ආශ්‍රිතව ඇති වේ යයි අපේක්ෂා කරන මහ ගංවතුර තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන්ට වහාම ඉවත්වන ලෙස දැන්වීමත් , එසේ ඉවත් නොවන ජනතාව පොලිසිය මැදිහත්වීමෙන් ඉවත් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙසද දිසාපතිවරයා පොලිසිය වෙත උපදෙස් ලබා දීම සිදු කළේය.

මෙහිදී අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සියලු දෙනාව සම්බන්ධ කරගෙන උපරිමයෙන් කටයුතු කරන බවත් , එන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට අවශ්‍ය පියවර ගන්නා බවත් පැවසීය.

මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, සහකාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, වාරිමාර්ග ඉංජිනේරු ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ගම්පහ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්, විදුලි බල මණ්ඩලය නිලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වයන් හාරාජ්‍යය නිලධාරීන් පැමිණසිටි අතර සූම් තාක්ෂණයෙන්ද නිලධාරීන් සම්බන්ධ වී සිටියහ.

 



අදහස් (0)

කැලණි ගඟ දෙපස අය ඉවත් කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 225 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site