(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්වන ගුවන් යානා රාශියක ගුවන් ගමන් රාශියක් ප්‍රමාදවීම් වලට සහ අවලංගු කිරීම් වලට ලක් වී ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද(28) සවස පැවසීය .
මෙයට හේතු වී පවතින්නේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා රාශියක් මත්තල ගුවන් තොටුපොළ , ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමෙන් පසුව , ඒවා තවදුරටත් එම ගුවන් තොටුපොළ තුළ නවතා තිබෙන නිසාය .
විශේෂයෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එක් ගුවන් යානයක් තවදුරටත් මත්තල ගුවන් තොටුපොළේ නවතා ඇති අතර ඒවායේ පැමිණි ගුවන් මගීන් මේ වනවිට සිය නිවෙස් කරා යොමු කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බව එම ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මීට අමතරව ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් සහ කොචින් ගුවන් තොටුපොළ වලද තවදුරටත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නොහැකිව ගුවන් යානා 04 ක් නවතා ඇති බවද සදහන් වේ .
ඒ නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා රාශියක් ප්‍රමාද වීම් වලට සහ අවලංගු වීම් වලට ලක් වී පවතින බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
එහෙත් කටුනායක ගුවන් තොටුපොළ අවට පවතින වැසි සහිත කාළගුණික තත්වය යටතේ වුවත් ඇතැම් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීම සහ ඉන් පිටත්ව යාම් සිදු කරමින් තිබේ .
2025 දෙසැම්බර් මස 18
35
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටුනායක ගුවන් තොටුපොළ ප්‍රමාදවීම් සහ අවලංගු කිරීම් රැසක්