IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කලාඔයේ පිරිස බේරා ගන්න කණ්ඩායම් කීපයක්

(ගයාන් සූරිය ආරච්චි)

රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේදී බස් රථයක සිටියදී එම බස් රථයෙන් බේරාගෙන අසල තිබූ නිවසක වහලය මත රඳවා සිටින මඟීන් පිරිස බේරා ගැනීම සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ වන විට මෙහෙයුම්වල නිරත වන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බාන ගොඩ මහතා පැවසීය.

එම පිරිස බේරා ගැනීම සඳහා අද සවස එම ස්ථානයේ මෙහෙයුම් කටයුතුවල නිරත නාවික හමුදා පළමු මෙහෙයුම් කණ්ඩායම අනතුරට ලක් ව තිබූ අතර දැඩි වෙහෙසක් දරා එම කණ්ඩායම නාවික හමුදා නිලධාරීන් බේරා ගත් බවද නාවික හමුදාපතිවරයා පැවසුවේය.

ඔහු ඒ බව පැවසුවේ අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මේ වෙන විට නාවික හමුදාවේ ක්ෂණික බල බලගනයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම්, විශේෂ යාත්‍රා බල ගණයේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් යුද හමුදාවේද සහාය ඇතිව එම පිරිස වැඳී සිටින ගොඩනැගිල්ල වෙත ළඟා වෙමින් පවතින බවද පැවසූ නාවික හමුදාපතිවරයා කියා සිටියේ කලා ඔය අසල පවතින දැඩි රළු ජල පහර නාවික හමුදා ගලවා ගැනීම් කණ්ඩායම්වලට අභියෝගයක් බවත් කොපමණ අභියෝග පැමිණියත් එම පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරත වන බවය.

එම නිවසෙහි ඉහළ මහල කොටසේ රැඳී සිටින එම මගින් පිරිස බේරා ගැනීම සඳහා ගුවන් හමුදාව සහ යුද හමුදාව ද නාවික හමුදා මෙහෙයුම් කණ්ඩායමට සහාය ලබාදෙන බවද නාවික හමුදාපතිවරයා කීය.

එම බස් රථයේ සිටි මගින් පිරිස ගුවන් හමුදා මෙහෙයුම් කණ්ඩායම් විසින් එම බස් රථයෙන් මුදවා ගෙන අසල තිබූ ගොඩනැගිල්ලක් මතට රැගෙන යාමෙන් අනතුරුව එම කණ්ඩායම බේරා ගැනීමේ ඉදිරි මෙහෙයුම නාවික හමුදාව වෙත භාරදී තිබූ බවද කාංචන බානගොඩ මහතා කීය.

 



අදහස් (0)

කලාඔයේ පිරිස බේරා ගන්න කණ්ඩායම් කීපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 225 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site