IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


අධිවේගයෙන් ගිය යතුරුපැදි කරු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී අයුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ යතුරුපැදියක් පදවා ගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී කුරුඳුගහ හැතැක්ම පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කිලෝ මිටර් 63 ක දුරක් යතුරුපැදියක් පදවා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

පුද්ගලයකු යතුරුපැදියක් පදවා ගෙන මාතර දෙසට ගමන් ගන්නා බවට පොලිස් පණිවිඩ හරහා කුරුඳුගහ අධිවේගී පොලිස් මුරපොළ වෙත ලද තොරතුරකට අනුව පොලිස් ගුවන් විදුලි මෝටර් රථයේ නිලධාරීන් විසින් සැකකරු යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවතින සහ ආපදා තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ නොමිලේ වාහන ගමන් කිරීමට ඉඩ ලබා දෙන බවට දැන ගැනීමට ලැබුන බැවින් කහතුඩුව අධිවේගී පිවිසුමෙන් යතුරුපැදියෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී වැලිගම නිවස කරා යාම සඳහා යමින් සිටි බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැලිගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

 



අදහස් (0)

අධිවේගයෙන් ගිය යතුරුපැදි කරු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 187 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1143 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site