බස්නාහිර ප්‍රධාන ලේකම් ’’පූල් එකට’’: අලුත් ලේකම් පත්වීම ගනී බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.එල්.ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය හදිසියේම රාජ්‍ය සේවා සංචිතයට මාරු කරනු ලැබ ඇත. 07 June 2025
ජනතාව දැනුවත් කරන්න සුව ඇමැති පා ගමනේ ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka- CCPSL) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කළ “ප්‍රජා සුව දැක්ම - 2025” පා ගමන සහ සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශනය අද පෙරවරුවේ (07) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 07 June 2025
අනුරාධපුර මුදල් වංචා සිරකරුට ජනපති සමාවක් දී නැහැ මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි පුද්ගලයා නිදහස්ව ඇත්තේ ජනපති සමාවක් යටතේ නොවන බව ජනාධිපති කාර්යාලය පවසයි. 07 June 2025
ලුණු වලට උපරිම සිල්ලර මිලක් ලුණු මිල හිතුමතේ වැඩි කළොත් උපරිම සිල්ලර මිලක් නියම කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 07 June 2025
මධ්‍යම අධිවේගයේ කඩවත ඉදිකිරීම් අගෝස්තු මධ්‍යම අධිවේගී මාර්ගය කඩවතට සම්බන්ධ කරන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය. 07 June 2025
අර්චුනාගේ කතාවට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරක් කන්ටේනර් තුන්සිය විසිතුනකින් ප්රභාකරන්ගේ අවි ආයුධ ගෙනා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මහතා කරන ප්‍රකාශය පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය. 07 June 2025
සමූපකාරයේ හොරු අල්ලන්න අලුතින් නීති සමූපකාර බැංකු පද්ධතිය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 07 June 2025
හිටපු ලොක්කෝ රොත්තක් පන්සල් දේවාල ගාණේ හිටපු ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම රජයේ උසස් නිලධාරීන් පනහකට වැඩි පිරිසක් පසුගිය දිනවල පන්සල් දේවාල සහ කෝවිල් ගණනාවකට ගොස් පුද පූජා පවත්වා සෙත් ශාන්ති කරවාගෙන ඇතැයි ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 07 June 2025
සැකය-වෛරය වෙනුවට ප්‍රේමය වපුරමු එකිනෙකා දෙස සැකයෙන් සහ වෛරයෙන් බලන සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් සහ ප්‍රේමයෙන් සියලුදෙනා එක් ව දිවි ගෙවන දියුණු සහ ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැඟීමට රජය දරන උත්සාහයේදී හජ් සැමරුම මහඟු ආශිර්වාදයක් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 07 June 2025
සැමට සමානව බෙදීම රජයේ අරමුණයි රජයේ අරමුණ වන්නේ සැමට සාධාරණව සම්පත් බෙදී යන, පරාර්ථකාමී ජන සමාජයක් රටේ නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 07 June 2025
ප්රචණ්ඩත්වය දුරැලීම නබිතුමන්ගේ ජීවන දැක්මයි නබි තුමන්ගේ ජීවන දැක්මෙන් ක්‍රියාකරන සමාජයක් තවකෙකුට එරෙහි වීමට හෝ ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීමට හැකියාවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හජ් සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. 07 June 2025
ට්‍රම්ප්-ඉලොන් මස්ක් තරහා වෙලා ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් අතරේ මත ගැටුම් නිර්මාණය වී ඇති අතර, ඒවා දිනෙන් දින ඔඩුදුවන බව පෙනෙයි. 07 June 2025
හජ්ජි උත්සවය අදයි මුස්ලිම් බැතිමතුන් වාර්ෂිකව සමරන මක්කම වන්දනාව හෙවත් ‘හජ්ජි’ උත්සවය අද (7) දිනයට යෙදී තිබේ. 07 June 2025
සෙවනගල සීනි සමාගමේ ලොක්කියකගේ වැඩ තහනම් ආන්දෝලනයකට තුඩුදී ඇති සෙවනගල ලංකා සීනි සමාගමේ සිදුව ඇති බව කියන මූල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්යාධිකාරිවරියකගේ (මූල්‍ය) වැඩ තහනම් කර ඇතැයි සෙවනගල සීනි සමාගමේ පාලන අධිකාරිය කියයි. 06 June 2025
අනුරාධපුරයේ සිරකරුට දුන් සමාව ඔහුට පමණක් දුන් සමාවක් නොවෙයි අනුරාධපුර මහාධිකරණයේ නියෝගයෙන් සිරගත කර සිටියදී පොදුසමාව ලැබූ විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න හෙවත් ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න යන සිරකරු ලැබූ සමාව කිසිසේත් එම පුද්ගලයා කේන්ද්‍රකරගෙන සිදුවූවත් නොවන බවත් එය පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූ සමාවක් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 06 June 2025
කැළණිවැලි දුම්රිය මාර්ගය අසල අනවසර පදිංචිකරුවන්ට ගෙවල් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකළ කොට්ටාව, මාලපල්ල, පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීම සහ නිවාසවලට අදාල හිමිකම් පත්‍ර ප්රදානය කිරීම අද (6) පැවැත්විණි. 06 June 2025
ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගතිය විමසයි මෙවර අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත් විණි. 06 June 2025
වරදකරුවෙක්ට ජනපති සමාව දීලා අනුරාධපුර මහාධිකරණයෙන් වරදකරු කළ තවත් අධිකරණ කිහිපයක අධි චෝදනා විස්සක් පවතින අයකුට ජනාධිපතිවරයා වෙසක් පොහොය දිනයේදී ජනාධිපති පොදු සමාවදී ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 June 2025
පැය 4ක ප්‍රකාශයක් දී දයාසිරි පිටව යයි සමාජයේ කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අද (6) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන්කර ගත්තේය. 06 June 2025
අවාරයේත් ලංකාවට සංචාරකයන් ගෙන්වන්න යයි අවාර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි. 06 June 2025
පළාත් සභා ඉදිකිරීම්වල විස්තර ප්‍රදර්ශනය කරන්න ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන සියලුම ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණපත්‍ර (බී.ඕ.කිව්.) මහජනතාව දැනුවත්වීම සඳහා වැඩබිම්වල ප්‍රදර්ශනය කරන ලෙස මුදල් කොමිෂන් සභාව සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම්දී තිබේ. 06 June 2025
ජනපති කෘෂි - වාරි ලොක්කන් කැදවයි මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. 06 June 2025
සබරේ දූෂණ හොයන්න ස්වාධීන පරීක්ෂණ කමිටුවක් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව තිබෙන සියලු දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) නිර්දේශ කළේය. 06 June 2025
කෝටි 11200ක සීනි කාලා රුපියල් කෝටි 11200 ක් වැයකර සීනි කිලෝ කෝටි 56 ක් 2024 අවුරුද්දේ ආනයනය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 June 2025
විදුලි පනතට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු ඇතුළු සංවිධාන හතක් ගොනු කර තිබූ පෙත්සම් ලබන 11 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින නියම කළේය. 06 June 2025
සමූපකාර හොරු අල්ලන්න නව නීති සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 06 June 2025
මර්වින්ට - චන්දාණීට අධිචෝදනා බාර දෙයි කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට සහ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතියානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවන ලද බවට හිටපු 06 June 2025
ගමේ පාරවල් හදන්න ප්‍රමුඛත්වය දෙන්න මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ කඩිනමින් අවසන් කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 06 June 2025
හේෂාට අලුත් තනතුරක් අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අ මහතා පත් විය. 06 June 2025
ට්‍රම්ප් කලකිරීමෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තමන් පිළිබඳ ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මසක් තුළ දැඩි අකැමැත්තක් ගොඩ නැගී ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට තාර්කික හැකියාව අහිමි වී ගොස් ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 06 June 2025
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026